කතු සටහන !

1.2K 189 160
                                    

මුලින්ම ❟
කතාවෙ අවසානය දාලා ගෙවිලා ගිය පැය කිහිපය ඇතුලතදි මට කතාව වෙනුවෙන් අමුණලා එවපු ඔයාලා හැමෝගෙම අදහස් වලට ස්තූතියි.... ..!!
වචනයක් නෑරම ඒවා කියෙව්වා...මම සතුටින්..🌹

ඒත් පපුව හිරිවැටෙන ලොකුම දේ මම මේ කතාවෙ අවසානය ලියන්න අරගත්තු දවසෙම හිතාගත්තා...
මම මේ කතාව අවසානයට අනිත් කතාවලට වගේ රීඩර්ස්ලාගෙ ආදරණීය වචන බලාපොරොත්තු වෙන්නෙ නැහැ 💔 කියලා..
හේතුව ... මේක වේදනාවක් විත්තිය මම දැනගෙන හිටියා..මෙහෙම ප්ලොට් එකක් සහ මෙහෙම චරිතයක් මම ගොඩනැගුවෙ ඇයි කියන ප්‍රශ්නෙ මගෙන් අහලම මම හෙම්බත් වෙලා හිටියා....ඔයාලා දැන් විඳිනවා වගේම..
මමත්...ඒ හැඟීම වින්දා..
ඉතින් මම නිහතමානීව සමාව ඉල්ලනවා...මේ අවසානය වෙනුවෙන්..ඒත් මං හිතනවා මම හොඳම අවසානයක් දුන්නා !

සහ ,

මම මේ කතාව නිසාම...ඕතර් කෙනෙක් විදියට සිතඟගෙ චරිතෙට දැඩිවම ආරූඪ වෙලා තිබුනා..මටත් නොදැනීම මම සිතඟ විදියට සමහර අවස්ථාවල හැසිරුනා..මටම දැනිලා තියෙනවා...සිතඟටත් වඩා දරුණුවට මම අතට අහුවෙන දේවල් පවා භූමි ස්පර්ශය කලා..මෝඩ යකෙක් වගේ අසනීප උනා...පට්ට විදියට වීක් උනා...(මෙතන මගෙ දුකක්ක් කියනවා නෙමයි...මට කියන්න ඕන උනේ මේ කතාව නිසා මම ලබපු අත්දැකීම් ගැන ..)

මම දන්නෙ නැහැ අනිත් ඕතර්ලා මේ ගැන දක්වන අදහස ගැන...මගේ අත්දැකීම අනුව මට දැනිලා තියෙන දරුණුම දේ... කැරැක්ටර් පොයින්ට් ඔෆ් වීව් එකෙන් කතාවක් වචන කරනවා නම් ,
ඒ චරිතෙ සිතුවිලි වලට පණ දෙන්න ඕතර්ට ඒ චරිතෙ වෙන්න සිද්ද වෙනවා...මම කරපු ලොකුම අවුල , මම සිතඟගෙ අභ්‍යන්තරේට ඕනවට වඩා ඇතුල් වෙලා තිබුනා..සමහර වෙලාවල මමම කන්ට්‍රෝල් කරගෙන කතාවෙන් ඈතට ගිහින් තියෙනවා...අනික..කරුමෙට එහෙම වෙනකොට මාව නිවලා දාන්න මං ළඟ යාශු කෙනෙක් හිටියෙ නැහැ...මගෙම වෙලාවට ඉශාන් කියන චරිතයක් ගොඩනඟලා තිබුන නිසා මම පට ගාලා ඉශාන් අස්සට රිංගගන්න පෙලඹුනා...

ඉතින් මගෙ ආදරණීයම හිත් වලින් මම අහන්නෙ නැහැ...කතාව ගැන කිසිම අදහසක් ගැන අහන්නෙ නැහැ. 
ඒත් මට පුංචි දේවල් ටිකක් කියන්න දෙන්න ...අහගෙන ඉන්න... සහ මං අහන ප්‍රශ්න දෙක තුනට උත්තරයක් දෙන්න..

සීනුWhere stories live. Discover now