සැ.යු : සන්සුන් මනසකින් නම් විතරක්....කියවන්න...සමහර තැන් පැටලිල්ලක් වගේ දැනේවි...ඒත් අවධානෙන් කියෙව්වොත් හැමදේම තේරුම් යාවි ...
සින්දුව අහන්න....🔔
____________________________________
"" වස්තුව මම ආදරෙයි !! ""
ඇඟිලි අස්සෙ කාලකණ්නිකමට ගලන රතු දියර ටික රේස් දුවන්න අරන් වැඩිකමටම දැනටමත් ඇඟිලි පණ නැතිවීගෙන ඇවිත් !!
අතේ තියෙන ෆෝන් එක කොයි වෙලාවෙ බිමට අතෑරෙයිද හිතන්න බැරි තරමටම ඇඟිලි වල පලනය මගෙන් තොරයි...තුඩගිලි වල ඉඳලා පටන් අරගන්න මහ කාලකණ්නි වෙව්ලිල්ල.. අත දිගේ උඩු දුවගෙන ඇවිදින් ..එක පාරට එක පාරට විටෙන් විට මගෙ වම් පපුව හරියෙන් තදේටම නතර වෙනවා....
ඒ වතාවක් ගානෙම ආයෙම ලේ දිගේ මුලු ඇඟ පුරාම වෙව්ලිල්ල පැතිරෙනවා...සාමාන්‍ය වේගෙට වඩා අසූ හාරදහස් ගුනයකින් විතර ගැහිලා ගැහිලා පිපිරෙන්න හදන පපුව දශමෙකට වත් සන්සුන් කරගන්න දත කන මම දැන් පැයකටත් වඩා වැඩි කාලයක් එයා එවපු වොයිස් රෙකෝර්ඩ් එකක් අහනවා...අහනවා අහනවා අහනවා....ඒත් කලබලයි...අද ඒ කටහඬ ඇහුනත් කලබලයි...මගෙ මහත්තයව මට අද හරියට උවමනයි...
ඇඟිලි පණ නැතුව වෙව්ලනවද ..දබරගිලි වලට මාපට ඇඟිලි නිය අග තුවාල වෙන්න තරමට ඒ වෙව්ලිල්ල වැඩි වෙලාද හිතන්න වත් ඔලුව වෙහෙසන්න බැරි මම ලේ බහින්න බහින්න ඒත් කරන්නෙ තුවාල වෙන්නම පහුරු ගාගන්නවා...
දැවිල්ලයි වේදනයි....ලේ ගලන්න ගලන්න අත් දෙකම ලේ පාටයි.. අත හැමතැනම රතු පාට දියරෙන් වැහිලා...එක අතක ෆෝන් එක පුරාම ලේ රතු තැවරිලා... ඒවා වේලිලා ...ස්ක්‍රීන් එක උඩම ඝනයි...අඳුරෙ මට නොපෙනුනත්.මං ඇඳගෙන ඉන්න සුදු ශර්ට් එක තැන තැන ලේ තැවරිලා ගිය ලේ පැල්ලම් මට හුරුයි... අදත් මගෙ ලඟ තනිකරම ලේ කුයිලයි....
මං මොනවා කරනවද ..මට මක් වෙලාද...ආශු මහත්තයා අදවත් ඒවිද ...
පපුව රිදෙනවා...ගැහෙනවා ...පිපිරෙන්න හදනවා...එයා ආදරේ මට විතරක්ද.. එයා ආදරෙයි කිව්වෙ මට නේද...එයා මගෙ විතරයි නේද...නේද...
ඔව්..මගේ..මගෙ එහෙම වෙන්න ඕන...මම එයාගෙ වස්තුව එහෙම නේද..ඔව් එයා මෙච්චර කියන්නෙත් ඒක..
ESTÁS LEYENDO
සීනු
Fanficකොහෙන් කොහොම හරි අවසානෙ නිසල වෙන මලකඳකට .., ජීවත් වෙයන් කියලා හුස්ම පිඹලා උඹටම දවසක මහන්සි දැනේවි. අන්න එදාට බැරිවෙලාවත් .. මට දිගටම හුස්ම අරගන්න ආස හිතිලා තිබුනොත් ?? -සීනු (ප්‍රේමයක් අරුත් ගැන්වූ අප්‍රියජනක අඳෝනාව !! )