02 🔔

2.6K 374 292
                                    

රෙකමන්ඩ් කරන සින්දු අනිවාර්යයෙන් අහන්න...!!!🔔

_____________________________________________________

දෙයියන්ගෙ නාමෙට මම දැන් කරන්න යන දේ ගැන කිසිම වරදකාරී අදහසක් මගෙ හිතේ කොනකවත් නැහැ.ඒ ඇස් දිහා කෙලින් බලන වාරයක් ගානෙ පපුවටම දැනෙන අකුනු සැර නිසා මට දැන් උවමනා කරන්නෙම.. ඒ ඇස් ඉල්ලන නුරාගින්නෙන් එයාව පුච්චලා අලු කරලා දාන්න විතරයි...

ඉතින් මගෙ අතැඟිලි වලින් එයාගෙ ශර්ට් බට්න්ස් ගැලවෙන එක වරදක් වෙන්නෙ නැති විත්තිය එයාගෙ ඇස් පවා මග කියද්දි මම කලේ කිසිම වචනයක්වත් නොකියා ඒ උඩු කය නිරාවරණය කරන්න උත්සහ කරපු එක ...

ඒත් මට සම්පූර්ණයෙන්ම වැරදිලා..ඒ ඇස් වල නුරාවක් හොයන ගමන් ඒ ගින්නට එයාවත් ඇදලා අරගන්න උත්සහ කරපු මට නොසෑහෙන්නම වැරදිලා තිබුනා..

මොකද....හතරවෙනි බොත්තම ගලවන්න මත්තෙන් එයාගෙ සීතල අතකින් මගෙ අත නතර කලා..!
මං කරපු විකාර හැදියාවක් නැති වැඩෙන් අවසානෙ මමම කලකිරෙන අතරෙ ඒ ඇස් දිහා එකම විදියට බලන් ඉන්නවා ඇරෙන්න මට කරන්න වෙන කිසිම දෙයක් නැහැ...

එයාට මගෙන් ඒ කිසිම දෙයක් එපානම් !?
මොන හේතුවකට එයා මෙහෙම එනවද කියන එක ගැන මට දැන් තියෙන්නෙම මහ පොලොව ගැටගැහෙන්න තරම් ලොකු ප්‍රශ්නයක්...
ඒත් කටක් ඇරලා අහගන්න බැරි හේතුවට ඒ ඇස් දිහා බලාගෙන විකාර දේවල් හිත හිතා ඉන්නවා ඇරෙන්න මට කරන්න ඇති දේකුත් නැහැ...

මිනිහෙක්ගෙ ඇස්වලින් දයාවක් අනුකම්පාවක් ආත්මෙකට නොදැකපු මම මේ මොහොතෙ මේ ඇස් වල පෙනෙන හැඟීම එහෙම එකක්ද කියන්නවත් මම දන්නෙ නැහැ...

ඒ වචන අරහෙන් මෙහෙන් කන වැකිලා තිබුනත් පිටස්තර ඇස් දෙකකින් මීට පෙර ඒ හැඟීම් දැකලා තිබුනෙත් නැහැ...

අවුරුදු පහකට කලින් විනිශ්චය කරපු හැඟීම් ගැන මේ වෙනකොට ඇත්තෙන්ම මට කිසිම අදහසකුත් නැහැ..

ඉතින් මට මේ මොහොතෙ මේ ඇස් දෙක පෙන්නන්න උත්සහ කරන හැඟීම ගැන කිසිම දැනුවත් භාවයක් නැහැ..නුරාගික හැඟීම් කියවන්න විතරක් දක්ශ මං වගේ කාලකණ්ණි ජීවියෙක් එතනින් එහා ලෝකයක් දකින්න උත්සහ දරන එකත් අප්‍රියජනක විකාරයක් !!..

සීනුWaar verhalen tot leven komen. Ontdek het nu