' මගෙ චූටි අප්පච්චි ... ඇයි මගෙ රත්තරන් අද ඉස්කෝලෙදි එහෙම යාලුවන්ට ගැහුවෙ ? '
' අම්මා ගොඩක් වැඳ වැටිලා ප්‍රින්සිපල් සර්ගෙන් සමාව අරගත්තෙ..උබව ඉස්කෝලෙන් අස් කරන්න එපා කියලා...'
' ඇයි දෙයියං...ඇයි කියපංකො අම්මාට මෙහෙම දුක් දෙන්නෙ ?'
' මං උබල දෙන්නව උස් මහත් කරන්න නැහැනකල් අර ගල්වලේ මැරෙන්නෙ උඹල දෙන්නට හොඳට උගන්නන්න ඕන නිසානෙ.. '' මං නැති උනානම් උබලා දෙන්නට මොනා වෙයිද....මං නැති උනත් උබලා මේ අපායෙන් ගොඩ ගන්නයි මට ඕනි..'
' ඇයි කියපංකො ...ඇයි අම්මට මෙහෙම දුක් දෙන්නෙ...අපි උන්ට පෑහෙන උන්ද කියපංකො ...උන් කව්ද අපි කව්ද...රන්ඩු වෙන්න තියා අපි උන්ගෙ ළඟින් යනන් වත් පෑහෙන උන් නෙමෙයි මයෙ පුතේ......
ඇයි උඹ උන් එක්ක ඔට්ටු වෙන්න ගියෙ ආ ? ඇයි ? 'අම්මා එයාගෙ ඇස් වල බේරෙන කඳුලු වත් පිහදාගන්නෙ නැතුව ගෙදර දොරකඩ ඉඳගෙන අවුරුදු නමයක් වයස පුංචි සිතඟගෙන් අහනවා...
කොල්ලා කිසිම දෙයක් නොකියා තවමත් ඉස්කෝලේ ඇඳපු සුදු පාට කොට කලිසම පිටින් ගෙදර පිලේ ඉඳගෙන බිම බලාගෙන එහෙමම ඉන්නවා...
' උඹට ඕනි මේ අම්මවත් මරාගන්නද ? '
අම්මා මෙච්චර වෙලා හිර කරගෙන හිටපු ඉකිය පිට කරන ගමන් අහද්දි ," ඌ චූටික්කිගෙ අලුත්ම වතුර බෝතලේ බිම ගැහුවා ! "
අම්මා අඬනවා කියලා දැනෙද්දි කිසිම දෙයක් නොකියා හිටියත් කොල්ලා කට ඇරලා උත්තර දුන්නෙ අම්මාගෙ කඳුලු කවදාවත් මීට කලින් මෙහෙම දැකලා නොතිබුන නිසා..
මොකද අම්මා කවදාවත්ම පුංචි සිතඟට වත් නංගිටවත් පේන්න අඬලා නැහැ.." සමාවෙන්න අම්මා..මම උට ගැහුවෙ බලන් ඉඳලා බැරිම තැනදි..කොච්චර කරදර කලත් ඉවසලා ඉන්න කියලා අම්මා කියලා තියෙන නිසයි මම එච්චර හරි ඉවසුවේ.."
" මාස ගානක් තිස්සෙ වතුර බෝතලයක් ඉල්ලලා අඬනවා බලන් ඉන්න බැරිම තැන ඒක අරන් දුන්නෙ අම්මා ඒ මාසෙ නංගිගෙ බෙහෙත් වලටම එකතු කරපු සල්ලි වලින්නෙ...මම ඒක දන්නවා.."
YOU ARE READING
සීනු
Fanfictionකොහෙන් කොහොම හරි අවසානෙ නිසල වෙන මලකඳකට .., ජීවත් වෙයන් කියලා හුස්ම පිඹලා උඹටම දවසක මහන්සි දැනේවි. අන්න එදාට බැරිවෙලාවත් .. මට දිගටම හුස්ම අරගන්න ආස හිතිලා තිබුනොත් ?? -සීනු (ප්‍රේමයක් අරුත් ගැන්වූ අප්‍රියජනක අඳෝනාව !! )