අප දෙදෙනා මුණ ගැස්වූ
මේ මහ නගරේ
අතැර නුඹට ගමට යන්න බෑ....
මේ නගරේ අත හරින්න බෑ.....උදේ පාන්දරම මන් අපේ අයියා එක්ක පිටකොටුවේ ටිකක් ඇවිදින්න කියලා ආවේ නුවර යන ට්‍රේන් එකට තව වෙලාවත් ගොඩක් තිබුණ නිසා. භාප්පා උදේ වැඩට යන ගමන්ම අපිව ඇරලවලා ගියා. තේව් අයියත් ස්කෝලෙ ගාවින් අපිට සමුදීලා බැහැලා යද්දි භාප්පා අපිව බැස්සුවේ කොටුවෙන්. ට්‍රේන් එකට වෙලාව එනකන් අපි පිටකොටුවේ ටිකක් ඇවිද්දා...ගෙදරට කියලා බඩු වගයකුත් අරගත්ත අපි ආයෙත් කොටුවට ආවේ ට්‍රේන් එක එන්න වෙලාව කිට්ටු කරලා.
කොළඹ කොටුවම කලින්ට වඩා සෙනගෙන් පිරිලා. අයියා ටිකට් අරන් එනකන් මන් බෑග් දෙකත් උස්සන් අයිනකට වෙලා බලන් හිටියා. සතියෙ දවසක් නිසා මේ වෙලාවෙ නම් කෝච්චියට සෙනග අඩු වෙයි. ටිකට් අරන් අපි දෙන්නම ඇතුළට එද්දි කෝච්චියක් නැති හිස් වේදිකාව දිහා බලාගෙනම මන් බංකුවකින් වාඩි උනා. මන් තේව් අයියට මැසේජ් එකක් දැම්මේ අපි ස්ටේෂමට ආවා කියලා. අයියට කියලා අරගත්ත කජු ගොට්ටෙන් එකින් එක කටට දාගන්න ගමන් මන් අයියගේ උරහිසට ඔලුව තියාගත්තේ මොකක්දෝ අමුත්තක් හිත පුරාම දුවනවා වගේ දැනුන නිසා.
නුවර මාතලේ සීඝ්‍රගාමී දුම්රිය......
කෝච්චිය ඇවිත් ප්ලැට්ෆෝර්ම් එකට ගහපු හැටියේ අයියා ඉක්මන් කරලා කෝච්චියට නැගලා ජනේලේ ගාවින් මටත් එක්ක සීට් එකක් අල්ලගත්තා. ඔව් මටත් එක්කම...මොකද අද මම නුවර යනවා....අලුත් අවුරුදු නිවාඩුවට. උදේ පාන්දර තමයි අයියා මට කිව්වේ එයා ආවේ මාව ගෙදර එක්ක යන්නත් එක්කමයි කියලා. මන් පුදුම උනා. ඒ වගේම කලබල උනා. ඒත් ඉතින් අයියලා දෙන්නට මන් ගියා කියලා කියන්න තේව් අයියට මන් පවරලා ආවේ. කොහොමත් ආක්ෂ අයියා එක්ක මන් තරහෙන් හිටිය හින්දා මගෙ හිත එයාට කතා කරන්න උනන්දුවක් උනෙත් නෑ...ගෙදර යන්න තිබුණ ආසාව නිසාම මන් ස්කෝලෙත් නොයා අයියා එක්ක ආවා.
කෝච්චියට නැගලා සීට් එකක් අල්ලගත්තට පස්සෙ, අපි දෙන්නට මගදි කන්න මොනවහරි අරන් එන්නම් කියලා අයියා ආයෙත් කෝච්චියෙන් බැහැලා යන්න ගියා.. මාත් ජනේලෙන් ඔලුව දාගෙන එක එක විදියෙ මිනිස්සු ප්ලැට්ෆෝර්ම් එකේ එහාට මෙහාට යන හැටි බලාගෙන හිටියා.
YOU ARE READING
| සංසාර සිහින | 𝙴𝚝𝚎𝚛𝚗𝚊𝚕 𝙳𝚛𝚎𝚊𝚖𝚜 | TK Ongoing
Non-Fiction| දෛවයට හැකිනම් වෙන් කරන්න. අපිට ඇයි බැරි ආයෙ ආයෙත් හමුවෙන්න | -මේ අපේ ආත්මීය කතාවයි......... ♡ Aksha Abhiman × Sihina Vihansa A wattpad Romance by t sukii