හතළිස් වන සිහිනය 💭

354 39 187
                                    

Like goal 50+
Comment goal 80+
____________________________________________

රාත්‍රී අන්ධකාරය පරදවමින් මුළු වලව්වම විදුලි බුබුළුවල එළියෙන් ආලෝකවත් වෙලා තිබුණත් මොකද ඊටත් වැඩියෙන් එළිය වෙලා තිබුන ලොකු හාමුගේ මුහුණේ තිබුන ප්‍රසන්න පෙනුම ක්ෂණයෙන් නැතිවෙලා ගිහින් නිල් අහස් ගැබ වසාගත් කළු වලාවක් වගේ ඒ ගාම්භීරත්වය පිරුණු මුහුණ අඳුරු වෙන්න ගිය කාලය තප්පරයකටත් අඩු වුණා.

තම ආරාධිත අමුත්තෙක් වගේම තමාගේ ගනුදෙනුකරුවන් අතර ඉහළම තැනක සිටි mr. ගුණවර්ධන කියන්නේ ලොකු හාමුගේ ව්‍යාපාර කටයුතුවල ඔහු සමග ගොඩක් සමීපව කටයුතු කළ අයෙක්. බොහෝ දුරකතර ගෙවාගෙන ගාල්ලෙ සිට ගුණවර්ධනගේ පැමිණීම ලොකු හාමුට ඉතාම සුවිශේෂ එකක් වුවත් සිදුවූයේ කෝසල හාමු කිසිලෙසකවත් අපේක්ෂා නොකළ දෙයක්...

මේ රාත්‍රිය තමන්ව වසර ගණනක් අමිහිරි අතීතයට අරගෙන යයි කියලා ලොකුහාමු කිසි ලෙසකවත් බලාපොරොත්තු නොවුනා....

Mr. ගුණවර්ධනගේ පුතාව පිළිගන්න හිතාගෙන සිනාමුසු මුහුණින් වලව් දොරකඩට ආව ලොකු හාමු දොරකඩ ඉදිරියේම එකවර නතර වුණේ ඔහුගේ ගමනට හරස් වෙමින් ඉදිරියට පැමිණි යුවලක් හින්දා වෙනකොට තමන් ඉදිරියේ නැවතුන කාන්තාව දැකපු සැනින් මෙතෙක් වෙලා කෝසල හාමුගෙ මුහුණෙ ඇදිලා තිබුණ ප්‍රසන්න පෙනුම අතුරුදහන් වෙලා ගියා. ඇයට පිටුපසින් ඇවිත් නතර උනේ ඇයගෙ සැමියා යැයි සිතිය හැකි, ඇය වගේම මැදිවයසෙ පිරිමි පුද්ගලයෙක්. ලොකු හාමුගෙ ඍජු බැල්ම එක එල්ලේම පැමිණි කාන්තාව දිහාට වැටිලා තිබුණා. ඒ ඇස් කිව්වෙම ඔවුන් ලොකු කතන්දරයක් ඒ පතුලක් නොපෙනෙන ඇස් ඇතුළෙ හංගගෙන ඉන්නවා කියලා.....

යන්තම් මැදි වයස පසු කළ කාන්තාවක් වූ ඇය තරමක් බටහිර පෙනුමකට ගැලපෙන්න ඇද පැළදගෙන හිටියා වගේම ඇගේ කොණ්ඩෙ ඉණ තෙක් පහළට කඩා හැළෙන්න දමා තිබුණ ඇය ඉංග්‍රීසි පන්නයේ දිගු ගවුමකින් සැරසිලා හිටියා.

ලොකු හාමුව දැකලා කාන්තාවගේ ඇස් ගැස්සුනත් ඇයගේ මුහුණේ තිබුණේ ඇය ඔහුව බලාපොරොත්තුවෙන්ම පැමිණි බවක් වග පෙන්නන්නම වගේ ඇයගේ කටකොනේ කාටවත් නොදැනීම ලා හිනාවක් ඇදිලා මැකිලා ගියා. නමුත් හිත ඇතුළෙන් ඇය පවා හිටියෙ තරමක නොසන්සුන් කමෙන්....

| සංසාර සිහින | 𝙴𝚝𝚎𝚛𝚗𝚊𝚕 𝙳𝚛𝚎𝚊𝚖𝚜 | TK Ongoing Where stories live. Discover now