Comment goal 80+
react 50
____________________________________________අකුණු ගසමින් පෙර දින රාත්‍රියේ ඇදහැලුණ වර්ෂාවේ ලකුණුද මකාදමන්නට මෙන් මීදුමෙන් වැසුන කඳු පන්ති අතරින් හිරු උදාවෙමින් තිබුණා.
අලුත් දවසට පිළිවෙතින් සැරසෙමින් තිබුන මුළු පරිසරයම හිරු කිරණ වැටෙනවාත් එක්කම නව පණකින් පිබිදෙද්දි පුංචි කුරුළු පැටවුන්ගේ කිචි බිචි නාදයත් එක්කලා ගමේ අනෙක් උදවියත් නිදිගැට කඩමින් නින්දෙන් අවදි වුණා.
සැබැවින්ම එය ඊයේට වඩා වෙනසක් නැති හෙට දොහේ පවා කිසිදු වෙනසක් වේ යැයි සිතිය නොහැකි තවත් එක් දවසක් වූ ඒ ගම් නිවැසියන් පුරුදු පරිදි තම රාජකාරිවලට එළි බහිමින් හිටියා.
කහ පාටට හැරී ගිය ගොයම් පත්‍රයක රැඳී තිබුණ වැහි බිඳුවත් ඒ මත වහපු පුංචි කෘමියාගේ පයේ බරට මෙන් කොළයෙන් පහළට රූටලා ගිහින් වතුර පිරුණු පොළොවට වැටී බිඳී ගියා. තවමත් ගස් වල පත්‍ර මත පෙරදා රාත්‍රියේ නොකඩවා ඇදෙ හැළුණ වර්ෂාවේ මතක යන්තම් ඉතිරි වෙලා.....
පෙර දින රාත්‍රියේ පැවැත්වුණ සාදයෙන් පස්සෙ වලව්වත් යළි සාමාන්‍ය තත්වයට හැරිලා තිබුණා වගේම පාන්දරම වලව්වේ දොර ජනෙල් එකින් එක විවර වෙන්න පටන් ගත්තේ වලව්වේ උදවිය අලුත් දවසට සූදානම් බව අගවලා....
සූරියබණ්ඩාර වලව්වේ තම කාමරයේ ජනෙල් කවුළුව විවර කරපු ආක්ෂ ඇස් පියාගෙන කාමරයට පැනගන්න බලාගෙන හිටපු සිසිල් සුළං රැල්ල නිවීසැනසිල්ලෙ විඳ ගත්තා. ජනෙල් කවුළුවෙන් පිටත පේන නැවුම් පරිසරය....වත්ත පහළ අඹ ගහ යට බංකුව උඩ උන්න ලේන් පැටියෙක් පැහිලා බිමට නොවැටි බංකුව උඩම වැටිලා තිබුණ අඹයක් දත ගහනවා...වලව්ව අයින දිගට වවලා තිබුණ රෝස මල් පාත්තියේ රෝස පොහොට්ටු පෙති දිගහැරෙමින් පිබිදෙනවා....බලාගෙන හිටපු ආක්ෂ ඊළගට දැක්කෙ මෙලොව ඔහු දකින්න වඩාත් කැමතිම දර්ශනය....ඒ ඇස් මුළු පරිසරයම අමතක කරලා ඒ රුව ලග නැවතුණා......
YOU ARE READING
| සංසාර සිහින | 𝙴𝚝𝚎𝚛𝚗𝚊𝚕 𝙳𝚛𝚎𝚊𝚖𝚜 | TK Ongoing
Non-Fiction| දෛවයට හැකිනම් වෙන් කරන්න. අපිට ඇයි බැරි ආයෙ ආයෙත් හමුවෙන්න | -මේ අපේ ආත්මීය කතාවයි......... ♡ Aksha Abhiman × Sihina Vihansa A wattpad Romance by t sukii