මේ දවස් වල තියෙන වැස්ස නිසා පළාතම තාමත් යාන්තමට මීදුමෙන් වැහිලා....
මැටි පාර දිගට පාට පාටින් මල් පිපිලා....ගුරු පාර දිගේ බෑග් එකත් කරේ එල්ලගෙන ඇවිදගෙන ආව කලු බෝල ඇස් වල අයිතිකාරයා දෙවට දිගේ පිපිලා තිබුණ පාට පාට මල් දිහා ඇස් බෝල කරගෙන බලන් හිටියෙ ඒවයේ තිබුණ හිත් ඇදගන්න ලස්සනට....
රෑ පුරාම හපාගෙන ඉදලා රතු වෙලා ඉදිමුණ තොල් වලට නිවනක් නැතුව ආයෙමත් ඒ තොල් දත් පෙළක් අතරට හැපිලා....
මොහොතක් යන්න මත්තෙන් ඒ පුංචි අත් අතරට කැලෑ මල් දෙක තුනක්ම එකතු කරගෙන තිබ්බ පුංචි කොල්ලා මල් කඩන ගමන් ඉස්සරහට ඇවිදගෙන ගියත් එකවරම තමන් පටුපසින් දිගු වූ අතක් සිහින තවත් මලක් කඩාගන්න ගිය ගමන වැළැක්කුවා....
ඉදිරියට දිගු උන ඒ දරදඩු අතේ රැදිලා තිබ්බෙ ලස්සන රෝස මලක්....මලක් කිව්වට පිපෙන්න ඔන්න මෙන්න උන්න පුංචි පොහොට්ටුක්..
"පාරක් පාරක් ගානෙ මල් කඩන එක පුරුද්දක් වෙලාද....?"
සිහිනගෙ ඇස් වේගෙන් හැරුණෙ ඒ අතේ අයිතිකාරයා දිහාට...මෙච්චර වෙලා ඒ මූණෙ පිරිලා තිබුණ හිනාව හනික නපුරු කමින් වහගත්ත වලව්වේ පොඩි බේබි තමන් දිහා පුදුමෙන් බලන් ඉන්න සිහින දිහාට ආයෙම ඒ මල දිගු කරාම පුංචි කොල්ලා මාරුවෙන් මාරුවට එයාගෙ අභී අයියයි රෝස පොහොට්ටුවයි දිහා බැලුවේ හිතේ දෙගිඩියාවකින්...වෙනදට හැමදාම කැලෑ මල් තෑගි කරන එයාගෙ පුංචි බේබිගෙන් අද රතු රෝස පොහොට්ටුවක් ලැබෙද්දි සිහිනට තව තවත් පුදුම හිතුණා...
YOU ARE READING
| සංසාර සිහින | 𝙴𝚝𝚎𝚛𝚗𝚊𝚕 𝙳𝚛𝚎𝚊𝚖𝚜 | TK Ongoing
Kurgu Olmayan| දෛවයට හැකිනම් වෙන් කරන්න. අපිට ඇයි බැරි ආයෙ ආයෙත් හමුවෙන්න | -මේ අපේ ආත්මීය කතාවයි......... ♡ Aksha Abhiman × Sihina Vihansa A wattpad Romance by t sukii