"මම කිව්ව නේද උඹට ඉඳගෙන ඉදපන් කියලා. කොහෙද කියන එකක් අහන එකෙක් ය. ඒකනේ මේ ටික කරගත්තෙ"
එයාව ගැස්සුනා. කාමරේට කඩන් පනින ගමන් කෑ ගහන්න ගත්ත විශාක තව මොනවද කිය කිය මට බැනගෙන යද්දි අපි දෙන්නටම පාලනේ කරගන්න බැරි උන හැගීමට ඉඩ දීලා අපි අපිව බදාගෙන හිටපු ඒ විනාඩි ගාණට තිත තියලා මාව බදාගෙන මගෙ පපුව අස්සෙ හිටපු එයා හනිකට මගෙන් ඈතට වෙද්දි මට මහ ලෝභ කමක් දැනුනා වගේම මං ගැන ආදරයකින් හරි සහෝදර කැක්කුමකින් හරි වේවා සිහින මං ගැන වද වෙනවා දකිනකොට පපුවට දැනුන ඒ හැගීම නිදහසේ විඳින්න නොදී කාමරේට කඩන් පැන්න විශාක දිහා මම රවලා බැලුවා....
ආයෙම වතාවක් මයෙ පුංචි එකාට ලැජ්ජ හිතලා වෙන්නැති එයා ඒ රතු ගැහෙන රෝස කම්මුල් දෙකත් වහගන්න ගමන් කලබලෙන් එහෙ මෙහෙ බලලා තේව්ගෙ වගේම විශාකගේත් බැල්ම මග අරින ගමන් ගිහින් ඇඳ ළඟම තිබුණු පුටුවෙන් වාඩි වුණා...විශාක සැරින් සැරේ උගෙ අර සෙල්ලක්කාර බැල්මෙන් මන් දිහා බැලුවත් මම නෙමෙයි ගානකට ගත්තෙ.
සිහින ළඟ ඉද්දි මට අමතක වෙලාම ගිය මගේ තුවාලේ වේදනාව ආයෙත් දැනෙන්න ගනිද්දි මම හෙමිහිට ඇඳට බර වුණා. එයා ලග ඉද්දි මට ලෝකෙම අමතක උනා. විශාක මගේ ලඟට ඇවිදගෙන එන ගමන් සිහිනගේ අතට මගෙ රිපෝට්ස් ෆයිල් එක දෙනකොට කොල්ලා බෝල ඇස් ලොකු කරගෙන ෆයිල් එක එයාගේ අතට ගන්න හැටි මම බලාගෙන ඉද්දි විශාක මග ළඟට ඇවිදගෙන ඇවිත් මගේ කන ලඟට ලං වුණා.
"උඹ ඒක කිව්වද සිහිනට? නැත්නම් දැන්වත් කියලා දාපන්. දැන් නම් ෂුවර් සිහින ඔබට කැමති ගොනෝ..."
විශාක මගේ කන ලඟ රහසින් කියද්දි මගේ මූනෙ ඇඳුනේ කෝල හිනාවක්.
"උඹට බැරි නම් මම කියන්නම්..."
සිහින මට කැමති කියපු ඌම මට කියන්න බැරිනම් ඌ සිහිනට කියන්නද ඇහුවම නම් ඉතින් මට මල පැන්නා.
"අනේ මේ විශාක උඹ හිතුවද මේ අක්ෂගේ කොන්ද පණ නෑ කියලා. උඹේ ඔය කෝටු අතපය ටික මට කියලා කඩා ගන්නැතුව පාඩුවේ හිටපන්. මම ඒක වෙලාව ආවම කියන්නම්."
මම උගෙ පැත්තට බර වෙලා හෙමින් උනත් තදින් කිව්වම ඌ මට නෝන්ඩියට හිනා වෙලා ආයෙත් රැව්වා. ඇයි යකෝ නොකිය ඉන්නෙ කොන්ද පණ නැති හින්දා නෙමෙයි කොල්ලට මේක තේරුම් ගන්න ඉඩ දෙන්න ඕන හින්දා වගේම ඒ පුංචි හිතට බරක් නොදැනෙන්න මගෙ ආදරේ දැනෙන්න දෙන්න ඕන හින්දයි කියලා මුට තේරෙන්නෙම නැති හින්දා මම උට කෑ ගැහුවා.
YOU ARE READING
| සංසාර සිහින | 𝙴𝚝𝚎𝚛𝚗𝚊𝚕 𝙳𝚛𝚎𝚊𝚖𝚜 | TK Ongoing
Non-Fiction| දෛවයට හැකිනම් වෙන් කරන්න. අපිට ඇයි බැරි ආයෙ ආයෙත් හමුවෙන්න | -මේ අපේ ආත්මීය කතාවයි......... ♡ Aksha Abhiman × Sihina Vihansa A wattpad Romance by t sukii