Like goal : 50 | comment goal 100+
____________________________________________"කවියක් වී,
තොල් පෙති මත මුමුනන්න.....
හෙමි හෙමිහිට ඔබ
මගේ තුරුලට එන්න......දසුනක් වී නිදි බර නෙත් ඇහැරන්න
සඳසාවී ඔබ හද කුටියට එන්න....ප්‍රේමය සුන්දර සිහිනෙකි හැමදාම....
තනුවකි ගීයකි මිහිරිය රැඳුණාම...
සංසාරෙම සුවඳ දේවි, බැඳුනාම...
සඳ දෙව්දුව යන්න එපා නොකියාම...."වලව්ව පුරාම පැතිරී යන ඝන අන්ධකාරය මැද වලව්වේ පුංචි බේබිගේ කාමරය දෙසින් ඇහුණෙ මිහිරි ගීයක පද පෙළක්...
වලව්වේ පොඩි බේබි එයාගෙ අහසෙ පායපු හඳට ගී ගයනවා....
මාසෙ පෝයත් ලං උන බව කියන්න වගේ වටකුරුවට දිලිසෙන හඳ එක්කලා තරගෙට ඒ සිහින් දුඹුරුවන් ඇස් පවා දිලිසෙනවා...
හාත්පස අන්ධකාරය ගිලගෙන තියෙද්දි අඩ අදුරට ප්‍රිය උන ඔහුගෙ කාමරයේ විදුලි බුබුළ වෙනුවට සිහින් දැල්ලක් එක්ක චිමිනි ලාම්පුවක් කාමරය එළිය කරමින් තිබුණා.
කාමරයේ ජනෙල් කවුළුව ලගම එල්ලලා තිබුණ චිමිනි ලාම්පුවේ ගිනියම් එළියට දිලිසෙන දුඹුරු ඇස් දෙකක් ජනෙල් කවුළුවෙන් පේන පුර සඳ දිහා බලාගෙන නිදිවරමින් දිගු කල්පනාවක වැටිලා....
YOU ARE READING
| සංසාර සිහින | 𝙴𝚝𝚎𝚛𝚗𝚊𝚕 𝙳𝚛𝚎𝚊𝚖𝚜 | TK Ongoing
Non-Fiction| දෛවයට හැකිනම් වෙන් කරන්න. අපිට ඇයි බැරි ආයෙ ආයෙත් හමුවෙන්න | -මේ අපේ ආත්මීය කතාවයි......... ♡ Aksha Abhiman × Sihina Vihansa A wattpad Romance by t sukii