Comment goal 80+
______________________________________________
සැඳෑ යාමයේ උදාවත් සමඟ නුවර අහසම රන්වන් පැහැ ආලෝකයෙන් එළිය වෙලා....බැහැගෙන යන හිරුට සමුදෙමින් කුරුළු පැටවුන් ඈත අහසේ තම කැදලි කරා පියාඹනවා. තම රාජකාරි ආරම්භ කරමින් ඈත පේන පන්සල් බෝ රුකේ වහපු වවුලන් එකා දෙන්නත් ගහ අතෑරලා පියාඹමින් හිටියා.
ඒ වෙනකොට යන්තම් හවස හය පහුවෙලා තිබුණා.
අඩ අඳුරේ ගිලිලා තිබුන මුළු පරිසරයම එළිය කරගෙන සූරිය බණ්ඩාර වලව්ව විවිධාකාරයේ විදුලි බුබුළු වලින් ආලෝකමත් වෙලා තිබ්බා වගේම වලව් වත්ත පුරාම වාහන කිහිපයක් නතර කරල තිබුණේ අමුත්තන් කිහිප දෙනෙක්ගෙන්ම වලවේ වත්තෙ තිබුණ ගල් බංකුව වගේම ඉස්තෝප්පුවේ ලී පුටුත් පිරිලා තියෙද්දි.....
නානාප්‍රකාර ඇඳුම් ආයිත්තම්වලින් සැරසිලා හිටපු ගැහැණු උදවිය....පිරිමි උදවිය වගේම ඔවුන්ගේ ළමයින්ගෙනුත් වගේම.....ඔවුන් පැමිණ තිබුණ යානවාහනත් අමුත්තන් සියල්ලක්ම පාහේ ධනවත්....වැදගත් උදවිය බව පෙන්නුම් කරද්දී වලව් වත්තේ ගමේ කියා එක්ක දුප්පත් මිනිහෙක් දැක ගත නොහැකි වුණේ වලව්ව තුළ උන්ට හැමදාමත් උරුම වුණේ පිළිකන්න පැත්ත නිසා.
"සුබ පැතුම් කෝසල මුදියන්සේ තුමා...!"
"එන්න එන්න mr. සේනාධීර. බොහොම ස්තුතියි.....පුතා ආක්ෂ....!"
මුළු වලව්වත්තම ලොකු හාමුගේ මිතුරන්ගෙන් සහ ඔහුගේ දන්නා හඳුනන අයගෙන් පිරී යමින් තිබුණා...ආක්ෂ නැවත නුවර පැමිණීම නිමිත්තෙන් කෝසල හාමු සංවිධානය කරපු කුඩා සාදයක් වුවත් එය ඉතා ඉහළ මට්ටමින් සංවිධානය කර තිබුණේ තම තත්ත්වය සහ නම්බුව කැපී පෙනෙන්න ඉස්මතු කරමින්.
YOU ARE READING
| සංසාර සිහින | 𝙴𝚝𝚎𝚛𝚗𝚊𝚕 𝙳𝚛𝚎𝚊𝚖𝚜 | TK Ongoing
Sachbücher| දෛවයට හැකිනම් වෙන් කරන්න. අපිට ඇයි බැරි ආයෙ ආයෙත් හමුවෙන්න | -මේ අපේ ආත්මීය කතාවයි......... ♡ Aksha Abhiman × Sihina Vihansa A wattpad Romance by t sukii