04 - බිඳුණු වීදුරු

272 39 11
                                    

සහීන්ගේ ‌නිවසේ රාත්‍රී ආහාරය මේසය මත දුම් දමද්දී සහීන් තවමත් ඔහුගේ කාමරයේ අඩ නිරුවතින් ඇඳ මත වැතිර රහසින් සිනාසෙන්නට විය

Rất tiếc! Hình ảnh này không tuân theo hướng dẫn nội dung. Để tiếp tục đăng tải, vui lòng xóa hoặc tải lên một hình ảnh khác.

සහීන්ගේ ‌නිවසේ රාත්‍රී ආහාරය මේසය මත දුම් දමද්දී සහීන් තවමත් ඔහුගේ කාමරයේ අඩ නිරුවතින් ඇඳ මත වැතිර රහසින් සිනාසෙන්නට විය. 

"සූකිරි පුතා? කන්න එන්න!" මිත්තණියගේ පළමු ආමන්ත්‍රණය තම දෙසවන වැකෙද්දී හෙතෙම අඩසිහියෙන් මෙන් ඇඳ මතින් හිඳගත්තේය.

"එනවා."

ගත අවූ තප්පර තුන්සියය ඔහුට දැනුණේ තප්පර පහක කාලයක් මෙනි. තම පියාගේ බරසාර අඩිහඬ උඩුමහළ කරා නැගෙන පියගැටපෙළ දෙසින් ඇසෙද්දී  ඔහු ඇඳේ අනෙක් පසට හැරී දෑස් පියාගත්තේ නිඳිබව හැඟවීමෙන් ගැලවුමක් ලබා ගත හැකි වේ යැයි බලාපොරොත්තුවක් යටි සිතේ ඇති වූ නිසාය.

"සහීන් නැගිටිනවා!" තම පියාගේ ගර්ජනය හමුවේ ඔහුට තවත් රඟපෑමට නොහැකිය. 

ඇඳ මත ගුලිව තිබූ කමිසය ඇදගත් සහීන් එය දිගහරිමින් ඇඳ මතින් හිඳගත්තේ ඔහුගේ පියාගේ ‌දෑස් දෙස හෝ නොබැලීමට ප්‍රවේශම් වෙමිනි. ඔහුත් නැගණියත් දෙදෙනාම විශ්‍රාමික හමුදා ලුතිනන් ජනරාල්වරයෙකු වූ ඔවුන්ගේ පියාට දැක්වූයේ අප්‍රමාණ බියකි. 

"තොට කිව්වහම තේරෙන්නේ නැද්ද එක සැරයක් කන්න එන්න කියලා?" කමිසය හැඳ සිටගත් සහීන්ගේ කනක් ඇඟිලි තුඩුවලින් තදින් මිරිකූ පියා ඔහුගෙන් විමසා සිටියේය.

සහීන්ගේ යටිබඩ දක්වාම පැතිර ගිය වේදනාව ඔහුගේ දෙතොල් විරූපී ස්වරූපයකට අඹරවාලීය. "නින්ද ගියා අප්පච්චි.." 

"නින්ද ගියා? වරෙන් පහළට දැන්ම කන්න යන්න!" 

සහීන්ගේ කන නිදහස් වූ අතර පියාගේ ඡායාව නොපෙනී යන තෙක් සිටි සහීන් තම දෙපා පණ ගන්වාගෙන කාමරයෙන් පිටතට පිය තැබුවේ තවමත් ගින්නකින් දැවෙමින් තිබූ ඔහුගේ කන්පෙත්ත පිළිබඳව යටි සිතෙන් ශෝකවමිනි. දිනය ‌හොඳදැයි නරකදැයි සිතාගත නොහැකි ලෙස දෙපසට පැදවෙමින් තිබිණි. නිහාරාගේ ස්පර්ශය ඔහුව කාමසුඛල්ලිකානුයෝගය වෙතටත්, පියාගේ තරවටුව ඔහුව අත්තකිලමතානුයෝගය වෙතටද ගෙන යමින් තිබිණි.

නොමළ ඇහැළ | boy x girl  | COMPLETEDNơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ