"ප්ස්ස්.." රොටරියේ ගේට්ටුව අසලින් පැමිණි නිහාරා තිගැස්සුණේ යමෙකු ඇගේ බාහුවට අතකින් අනින්නට වූ විටයි.
"වට් ද?"
"මම බං.. සහීන්!" සහීන් අන්ධකාරයෙන් පිටතට පැමිණ ඇගේ අතක් අල්ලාගෙන පහළ ආපන ශාලාව දෙසට වේගයෙන් පිය නගන්නට විය. හේතුව වන්නට ඇත්තේ තවත් මොහොතකින් පහළ මාලයට පිය නගන කෙහාන් ඇතුළු පිරිස බව වටහාගත් නිහාරා ඔහුගේ පසුපසින් පිය නැගුවේ ඔහුගේ වේගයට සරිලන වේගයක් ලබා ගැනීමට උත්සාහා කරමිනි.
කිසිවෙකුත් සක්මන් නොකළ නිසල ආපනශාලාවේ පසුපසට ගිය පසු සහීන් ඇගේ දෑස් දෙස බැලුවේ හැඳ සිටි කමිසය අතින් පිරිමදිනා අතරේදිය.
"මොකද මේ?"
"ඔයා ගාව රෝස පාට ගවුමක් තියෙනවද?" මොහොතක් හෝ වැය නොකර තමාට කතා බස් කිරීමට අවැසි කාරණාවට බැසගත් සහීන් විමසා සිටියේය.
"රෝස පාට ගවුමක්?" නිහාරා මුහුණ හකුළුවාගෙන විමසන්නේ ඇගේ විස්මය පළ කරන්නට වුවත් සහීන් කලබලකාරී විය.
"ඔව් අනේ. රෝස පාට එකක්."
"මොන වගේ එකක්ද? කැෂුවල්? ෆෝමල්?"
"ම්ම්.. දෙකටම නැති ටිකක් ලස්සන එකක්. වේස්ට් එක ගාවින් කට් එකක් තියෙන," සහීන් තමාගේ මුව වසා ගත්තේ වැඩිදුර තොරතුරු පිටවීම වළක්වා ගැනීම උදෙසා වුවත් නිහාරාගේ කටින් උපහාසාත්මක සිනහවක් පිට විය.
"වේස්ට් කට්? ඔයා ඒවත් හොයනවද දැන්?" නිහාරාගේ බැල්ම හමුවේ සහීන්ට තවත් ඔහුගේ හැඟීම් දරාගත නොහැකි විය. බෑග් පටිය අත හැරි හෙතෙම නිහාරාගේ ඉණ වටා අතක් යවා ඇගේ උකුළේ මස්පිඩු අතින් මිරිකා දැමුවේ කෝපය සහ නොඉවසිල්ල නොකියා කියමිනි. වේදනාව හා තිගැස්ම හේතුවෙන් කෙඳිරියක් නිහාරාගේ මුවින් පිටවද්දී ඇය සහීන්ගේ අත ගසා දැමුවාය.
YOU ARE READING
නොමළ ඇහැළ | boy x girl | COMPLETED
General Fiction"මම මටවත් ආදරේ නැතුව ඔයාට ආදරෙයි කියන්නේ කොහොමද සහීන්? මට ඔයාගේ ආදරේ ඕන. ඒත් මම ඔයාට ආදරෙයිද නැද්ද කියලා මම දන්නේ නෑ." - නිහාරා. "මම හිතන්නේ මම එයා ගැන හදිස්සි වුණා වැඩියි. මට ඒක ගැන කල්පනා කරන්න තිබ්බා.. මම පරක්කු වැඩියි." - සහීන්. 2023. 12. 21