19 - වෙස්

171 21 3
                                    


දහවල් කාලයේ හිරු පාසල් භූමියේ තාර පොළොව මත වැටී පොළොව ගිනියම් කරද්දී නිහාරා ආපන ශාලාවට පිය නැගුවේ මිනංගා මුණ ගැසීමටය. සිදු වූ සියල්ල පසෙක ලා අපහසුවෙන් වුවත් ඇයට පාසල් පැමිණීමට සිදුව ඇත. උදෑසන ඇය පාසල් පැමිණි අවස්ථාවේ සහීන් ප්‍රධාන ගේට්ටුව අසල සිටගෙන සිටියද ඇයව දුටු විගස ඉවත බලාගත්තේ ඇයව නුදුටු ආකරයකිනි. නිහාරාගේ සිත බිඳී ගොස් තිබූ නිසාවෙන්මදෝ තවත් බිඳී යාමට දෙයක් නොමැති බවක් ඇයට හැඟිණි. ආපන ශාලාවේ අන්ධකාරය හා බිම වැටී තිබූ හොදිවල පිළුණු සුවඳ මධ්‍යයෙන් මිත්‍රයන් කරා යද්දීම ඇගේ ඇස ගැටුණේ සිටගෙන පරාටාවක් මුවේ ඔබාගත් සහීන්වය.

හිස එසවූ විගස සහීන්ගේ නෙත් ඇගේ නෙත් හා ගැටුණත් ඔහු තප්පර දෙකකින් ඉවත බලාගත්තේය.

"මං යනවා. මට වැඩක් තියෙනවා." ඔහුගේ ඒ වදන් මිනංගාටය. තමාගේ සිරුරේ කොලොන් සුවඳ පමණක් නිහාරා අසල ඉතිරි ‌කොට සහීන් විදුලි වේගයෙන් එතැනින් පිටව ගියේ කිසිවෙකුටත් වදනක් හෝ කීමට ඉඩ නොතබමිණි.

නිහාරා පිරිස දෙස බලද්දී ප්‍රශ්නාර්ථ බැල්මකින් ඇය දෙස බලා සිටි දිනෙත් වහා ඉවත බලාගන්නා ආකාරය ඇය දුටුවාය. මිනංගාගේ අනෙක් පසින් හිඳගෙන පරාටා පිඟාන දෙසටත් තවමත් අඩක් විවර වී තිබූ සහීන්ගේ බෑගය දෙසටයි. මිනංගාගේ දෑස් විචක්ෂණශීලි ලෙසින් නිහාරාගේ හිසේ සිට පාදාන්තය දක්වා අධ්‍යනය කරද්දී නිහාරාගේ ගෙල අසල වූ දම් පැහැ විශාල පැල්ලම ඇගේ ඇස ගැටිණි.

එවිගසම පාහේ මිනංගාගේ දෑස් ගැටුණේ දිනෙත්ගේ දෑස් සමගයි. 'මුකුත් අහන්න එපා' යන බැල්මකින් මිනංගාට සංග්‍රහ කළ දිනෙත් ආපස්සට බිම බලාගත්තේ පැවති නිහඬතාවය බිඳ දැමීම උදෙසා කීමට යමක් කල්පනා කරමිනි. අමෝද්‍යාට වදනින් නොකී සියල්ල පැහැදිළි වූ ආකාරයකි. ඇය නිහාරාගේ කැරළි හිසකෙස් අතරින් ඇඟිලි යවා කෙස් ලිහිල් කරන්නට වූවාය.

"සන්සිල්ක් සුවඳයි."

නිහාරා අපහසුවට පත්වූ ලෙසකින් සිනහවක් පෑවාය. 

"කන්ඩිෂනර් කරනවද? මම නම් කන්ඩිෂනර් ගාලා ආයේ ට්‍රීට්මන්ට් ක්‍රීම් එක ගෑවත් මෙච්චර සිල්කි වෙන්නෑ.." අමෝද්‍යා උනන්දුවෙන් මෙන් පවසද්දී නිහාරාගේ හිස ගසා ඇගේ හිස අමෝද්‍යාගේ අතින් නිදහස් කරගත්තාය.

නොමළ ඇහැළ | boy x girl  | COMPLETEDWhere stories live. Discover now