06 - නොදත් තනු

234 41 17
                                    

"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"..ඛිතත්තා.. නපරෝ පරං නිකුබ්බේත.." 

සහීන්ගේ මිත්තණියගේ මුවගින් ගිලිහෙන කරණීය මෙත්ත සූත්‍රය ඔහුගේ දෑත් එක් කර තැබූවද ඔහුගේ සිත එක්කර තැබීමට සමත් වූයේ නැත. කලබලකාරී ලෙස සිත ලොව වටා යවමින් ඔහු දහසකුත් දෑ කල්පනා කරමින් සිටි අතර ගාථා අවසානයේ මිත්තණිය ඔහුට ඇමතූ ආකාරය හෝ ඔහුගේ දෙසවන නොවැකිණි.

"සූකිරි පුතා?" 

මිත්තණියගේ දෙවන ආමන්ත්‍රණය හමුවේ සහීන් තිගැස්සිණි. "අහ්?"

ඔහුගේ මිත්තණිය වයස්ගත වුවද නැණවත් කාන්තාවක් විය. "මොකද පුතේ මේ දවස්වල බාගෙට සිහියෙන් වගේ ඉන්නේ?"

සහීන් සිනහවකින් පිළිතුරු දුන්නා මිස වදන් පිට කිරීමට වද වූයේ නැත. තමා නොකියා සිටිනා ‌දෑ බොහෝමයක් තම මව සහ මිත්තණිය අවබෝධ කරගෙන සිටින බව ඔහු හොඳින් දැන සිටියේය. නමුත් තව දුරටත් කුඩා දරුවෙකු සේ හැසිරෙමින් තමාගේ 'හොඳ නම' පවත්වා ගැනීම ඔහුගේ අරමුණ විය. 

"ගිහින් පොතක වැඩක් බලාගන්න දැන්. තාත්තා එනකො‌ට පහළ හිටියොත් බැනුම් ගොඩක් අහගන්න වෙයි." මිත්තණිය ඔහුගේ පිටට මිත්‍රශීලි තට්ටුවකින් සංග්‍රහ කරද්දී සහීන් එතැනින් නැගී සිටියේ ඉහළ මාලයේ තම කාමරයට යෑමේ අරමුණින් යුතුවයි. 

තම කාමරයේ මේසය අසලින් හිඳගත් හෙතෙම ජීව විද්‍යා පොත මේසය මත දිග හැර එහි තිබූ රූප සටහන් දෙස බලා සිටින්නට විය. තමා ජීව විද්‍යාව තෝරාගත්තේ කුමන හේතුව මතදැයි ඔහු තවමත් නොදත්තේය. වෛද්‍යවරයෙකු වීම ඔහුගේ සිහිනය නොවූ අතර තමාගේ අනාගත බලාපොරොත්තුව කුමක්දැයි යන්න පිළිබඳව හෝ ඔහුට අදහසක් නොතිබිණි. වචනයේ පරිසමාප්ථ අර්ථයෙන්ම ඔහු ඔහුවම හඳුන්වා ගත් ආකාරයේ 'දෙන දේ කාලා ඉන්න කාලකණ්ණියෙකු' විය. අධ්‍යාපන කටයුතු වල කැපී පෙනෙන දක්ෂතා දැක්වුවද ඔහුට කිසිඳු අරමුණක් තම අනාගතය පිළිබඳ නොතිබිණි. ඔහුට අවැසි වූයේ විභාග ජයග්‍රහණ ලබා ගැනීම පමණකි. එතැනින් පසුව තමාගේ අනාගත රැකියාව මෙය විය යුතුය යන්න පිළිබඳ ඔහු කිසිදාක ගැඹුරින් සිතා නොතිබිණි. 

නොමළ ඇහැළ | boy x girl  | COMPLETEDWhere stories live. Discover now