සහීන්ට,
දවසක නොමළ ඇහැළ ඔයාගේ අතට හම්බුණොත්..
මට සමාවෙන්න. මට ඒක කරන්න ඕන වුණේ නෑ.ඒත් මම ඒක කළා.. මම තවත් ඔයාව අපහසුතාවයට පත් කරන්න හිතුවේ නෑ සහීන්.. ඒත් මට මේක ඉවර කරන්න ඕන. වෙන්න තිබුණ දේවල්, වුණ දේවල්, වෙන්න ඕන වුණ දේවල් සේරම එක තැනකින් මට ඉවර කරන්න ඕන.
ඔයා වුණා නම් කියලා හිතෙන පැත්තකුයි, ඔයා ඇත්තටම වුණ පැත්තකුයි, ඔයා මාව දැක්කා නම් මේ විදිහට කියලා හිතෙන පැත්තකුයි තියෙද්දි මම කොහොමද ඇත්තටම ඔයා වුණ දේ පිළිගන්නේ. මට ඒක දරාගන්න පුළුවන්. ඒත් මම කොහොමද ඔයාව අත අරින්නේ? මට රිදෙනවද නැද්ද කියලා තේරුම් ගන්න බැරි තරම් මම පැටළිලා.
මේ පොත අපි දෙන්නම දන්න අය කියවපු දවසට තේරුම් ගත්තොත් ඒ අපි දෙන්නා කියලා, කවුරු හරි ඔයාගෙන් ඇහුවොත් ඒ ඔයාද කියලා, ඔයාට පුළුවන් ඒ ඔයා නෙවෙයි කියලා කියන්න. මොකද ඔයා මට කවදාවත් එහෙම කළේ නෑ.
ඇත්තයි බොරුවයි අතර මවපු ඔයාව මම මගේ කරගත්තු විදිහට ඔයා වැරදි නෑ. ඔයා මගේ වුණා..
සම්පූර්ණ මනඃකල්පිත ලෝකෙක අකුරු අතරේ කරපු ආදරේකදි!ඒ සේරම ඇත්ත වුණා නම් කියලා වැටෙන හැම ඇහිපිල්ලමක් ගාණෙම ප්‍රාර්ථනා කළත් මොකක් හරි හේතුවකට අපි දෙන්නා තවත් ඈත් වුණා මිසක් ළං වුණේ නම් නෑ.
ඔයාට මතක් වෙනවද අපි හිටපු හැටි? ඔයාට හිනා යනවද මම කරපු පිස්සු දේවල් මතක් වෙලා. ඔයාට හිනා යනවද අපි පන්තියේ කරපුවා මතක් වෙලා. ඔයාට මතක් වෙනවද මම ඔයාගේ ඇඟේ එල්ලි එල්ලි හිටපු හැටි? ඒත් මට මේවා ලියද්දි හිතෙනවා මම මේ ලියන ඒවත් ඇත්තටම වුණාද නැද්ද කියලා. මගේ ඔළුව කැරකෙනවා සහීන්. මට ඇත්තයි බොරුවයි මොකක්ද කියලා හිතාගන්න බැරි තරම් පැටළිලා වගේ.
මට සමාවෙන්න ආයෙත් සැරයක්. ඒ වගේම ස්තූතියි මගේ ජීවිතේ හිටියට. කවදම හරි දවසක, අපි දෙන්නා එකතු වෙයි කියලා මම හිතනවා.
ආදරෙන්,
නිහාරා.
******
නොමළ ඇහැළ මුද්‍රණයට පෙර සහීන්ගේ අවසාන සටහන :
ලියුම කියවද්දි මට තේරුම් ගන්න පුළුවන් වුණා එයා ඒ ලියුම ලියද්දිත් ඉඳලා තියෙන්නේ ලෝක දෙකක් මැද කියලා. ඒත් මම දැන් ඒක කාටවත් කියන්න පරක්කු වැඩියි.
ඉතින් නිහාරා.. මේ පොතේ පිටුවක් ගාණේ මිනිස්සු හෙලන හුස්ම තරමටම මාත් ප්‍රාර්ථනා කරනවා ඔයා ආයේ උපදින තැනක ඔයාට උරුම නිදහස් ජීවිතේ ලබන්න කියලා.
කවදා හරි දවසක අපි ආයේ හම්බුණහම මට කියන්න ඔයා දැකපු දේවල්. මම කියන්නම් ඔයාගේ හිනාව කොච්චර ලස්සනද කියලා.
මීට,
ඔයාගේ යාළුවා සහීන්.
_______
නොමළ ඇහැළ
2024. 04. 23
ESTÁS LEYENDO
නොමළ ඇහැළ | boy x girl | COMPLETED
Ficción General"මම මටවත් ආදරේ නැතුව ඔයාට ආදරෙයි කියන්නේ කොහොමද සහීන්? මට ඔයාගේ ආදරේ ඕන. ඒත් මම ඔයාට ආදරෙයිද නැද්ද කියලා මම දන්නේ නෑ." - නිහාරා. "මම හිතන්නේ මම එයා ගැන හදිස්සි වුණා වැඩියි. මට ඒක ගැන කල්පනා කරන්න තිබ්බා.. මම පරක්කු වැඩියි." - සහීන්. 2023. 12. 21