නිහාරා ආවා..
නිහාරා ආවේ ලී පෙට්ටියක. සුදු දිග ගවුමක් ඇඳලා. අත් දෙක මැද සුදු මල් පොකුරක් තියලා එයාව ගෙනත් ඇත් දළ දෙක මැදින් තියද්දි මට කෑ ගැස්සුණා.
මට කවුරුත් මුකුත් කිව්වේ නැත්තේ ඇයි කියලා මට තේරුණේ නෑ. මගේ කකුල් දෙකම පණ නැති වුණා. මට මතක දිනෙත් මාව අල්ල ගත්තා කියලා විතරයි.
අන්තිමට මම දැනගත්තා නිහාරා සියදිවි නසාගෙන කියලා. එයාගේ විශාද තත්වය පාලනය කරගන්න තරම් බැරි වෙලා තිබ්බ දවසක උදේ ඉස්කෝලේ ආපු නිහාරා හවස සියදිවි නසාගෙන තිබුණා.
නිහාරාගේ මළ ගෙදර ඉවර වුණාට පස්සේ මට හම්බුණා නිල් පෑනකින් මගේ නම ලියපු බ්‍රවුන් පේපර් එකක්. ඒකේ තිබුණේ නිහාරාගේ ඩයරි එක. පළවෙනිම පිටුවේ ලොකුවට ලියලා තිබුණේ නොමළ ඇහැළ කියලා. ඇතුළේ තිබුණා එයා ලියපු නවකතාවක්. ප්‍රධාන චරිතේ වුණේ මම. පොතේ පිටු මැද වේලපු ඇහැළ මල් දාලා තිබ්බේ හැම ඇහැළ මලක් යටින්ම පොඩි කොළයක් අමුණලා.
'2022. 11. 05 - සහීන් මීඩියා ප්‍රැක්ටිස් දවසේ මං දිහා බලන් හිටියා. මේ ඇහැළ මල ඒකට.'
'2022. 12. 17 - සහීන් ප්‍රිෆෙක්ට් රූම් එකෙන් එළියට ඇවිත් මං දිහා බලලා හිනා වුණා. ඕහ් ගෝඩ් එයාගේ හිනාවේ ලස්සන.. මනුස්සයෙක් කොහොමද එච්චර ලස්සන වුණේ?'
ඇහැළ මල් හැත්ත පහකට වඩා මුළු පොත පුරාම තිබුණා.
හැත්ත පස්වෙනි ඇහැළ මල ගාව තිබුණේ අමුතුම නෝට් එකක්.
'2024. 06. 10 - මම මැරෙයිද සහීන්?'
ඊට පස්සේ දවසේ එයා සියදිවි නසාගත්තා. මම මිනිහෙක්ට කිසිම වෙලාවක නොකියපු කතාවක් තිබ්බා. අඩුම තරමේ දිනපොත නිසා මාව මරදාන පොලිස් ස්ටේශන් එකේ තියගෙන ප්‍රශ්න කරද්දිත් මම නොකියපු දේවල් ගොඩක් තිබ්බා. නිහාරා සියදිවි නසාගන්න කලින් දවසේ මම මගේ අලුත් ඉස්කෝලේ යාළුවෝ එක්ක රොටරි එකේ කෑම කන ගමන් හිටියා.
නිහාරා මං ගාවට ඇවිත් මගේ උරහිසට අත තිබ්බේ හිනාවක් එක්ක. "පොඩ්ඩක් එන්න පුළුවන්ද?"
"ම්ම්?"
මම මුකුත් නොකිව්වට මම නැගිටලා එයා එක්ක ටිකක් ඈතට ගියා. නිහාරා මගේ අතට කොළයක් දික් කළා.
YOU ARE READING
නොමළ ඇහැළ | boy x girl | COMPLETED
General Fiction"මම මටවත් ආදරේ නැතුව ඔයාට ආදරෙයි කියන්නේ කොහොමද සහීන්? මට ඔයාගේ ආදරේ ඕන. ඒත් මම ඔයාට ආදරෙයිද නැද්ද කියලා මම දන්නේ නෑ." - නිහාරා. "මම හිතන්නේ මම එයා ගැන හදිස්සි වුණා වැඩියි. මට ඒක ගැන කල්පනා කරන්න තිබ්බා.. මම පරක්කු වැඩියි." - සහීන්. 2023. 12. 21