EP.04

36 10 4
                                    

මම උදේම නැගිටලා මූන කට හෝදගෙන හැම තැනම තිබ්බ ඇදුම් ටිකත් බෑග් එකට දාගෙන බඩු ටික ඔක්කොම අරගෙන කාම්බරෙන් එලියට ආවේ 9:50ට විතර

මම සෝල් වලින් ටිකක් එහාට ගිහින් බලන්න තීරනේ කරේ පෞද්ගලික ඔෆිස් එකකවත් රස්සාවක් ගන්න බලාපොරොත්තුවෙන්

මම අඩිය ඉක්මන් කරලා ස්ටේශන් එකට ගිහින් වහලයක් ගහලා තිබුන තැන ගිහින් හිටගත්තේ ඒ වෙලාවේ සාමාන්‍ය වැස්සක් තිබුන නිසා

ඒත් මගේ එහා පැත්තට ඇවිත් වහලෙන් එලියේ කුඩේකුත් ඉහලගෙන හිට ගත්ත කෙනෙක් නිසා ඒ කෙනාගෙ කුඩේ අගින් වැටෙන වතුරෙන් මගේ උරහිස තෙමෙන්න ගත්තා

ටික වෙලාවක් යනකොට කෝච්චිය ආපු නිසා මම ඉක්මනට ගිහින් නැග්ගම ස්ටේශන් එකේ හිටපු අනිත් මිනිස්සුත් ඒකට නැග්ගා

වෙන කෙනෙක්ගෙ කුඩයක් නිසා තෙමුන මගේ ඇදුමේ තෙතමනය...
කෙනෙක්ගේ ඇදුමකින් එන කපුරු බෝල සුවද...
මගේ පිටිපස්සෙන් තෙරපෙන, කෙනෙක්ගේ සිරුරේ උණුසුම
වායු සමන යන්ත්‍රයෙන් මගේ මූණට එන සිසිල් මද සුළග...

මම වෙනම ලෝකෙක අතරමන් කරා

මාව එක පාරට ගැස්සිලා ගියේ කෝච්චිය නවත්තපු නිසා
එක පාරට කෝච්චියේ ස්පීකර් වලින් කෙනෙක් කතා කරන්න ගත්තා

"*****~. ******ස්ටේශන් එක. අප සමග ගමන් කරාට ස්තූතී"

මම ඒ එක්කම කෝච්චියෙන් බැහැලා පාර පැත්තට ගමන් කරා
එහෙ අහස ගොඩක් පැහැදිලි නම්ත් ඉර වලාකුලු වලින් වහගෙන තිබ්බේ මේ දෙසැම්බර් මාසෙ නිසා.

මම ජැකට් එක අස්සේ අත් දෙකත් දාගෙන ගුලි වෙලා ඒ පාරවල් දිගේ ඇවිදන් යනකොට සාමාන්‍ය ප්‍රමාණයේ කෑම කඩයක පොඩි දැන්වීමක් දාලා තිබුනා

"සේවකයෙකු අවශ්‍යයි."

මම ඒ කඩේ බෝඩ් එක දිහා බලලා කඩේ ඇතුලට ඒ දොර ඇරගෙන යනකොටම එතන දොර ගාව අත් වෙකත් පහලට කරගෙන හිටපු පොඩි පෙනුමක් තියන කොල්ලෙක් මට නැමිලා ආචාර කරා

මට හිතන්න වෙලාවක් උනේ නෑ මාව නිකන්ම නැවිලා ඒ කෙනාටත් ආචාර කරා

ඒ පිරිමි ලමයට තිබුනේ බෝල ඇස් දෙකක්...හා දත් දෙකක් වගෙත් තිබුනා කොන්ඩෙත් පැත්තට පීරගෙන
මං එයා දිහා බලාගෙන ඉද්දි එයා මගේ දිහා බලාගෙන හිටියේ කන්ෆියුස් වෙලා වගේ

මම ඔලුව දෙපැත්තට වනලා කැශියර් එක ලගට ගියා

👤: කියන්න~ 😊

YG: මම දැන්වීම දැකලා ආවේ...අර සේවකයෙක් අව්-

යුන්ගි ට ඔක්කොම කියන්න බැරි උනේ ඒ කෙනා ආයි කතා කරන්න ගත්ත නිසා

👤: අහ්හ්~ දේ දේ දේ එන්න එන්න

එ ටිකක් වයස පිරිම කෙනා ඇවිල්ලා මාව ඇතුලට බලෙන්ම වගේ තල්ලු කරන් යද්දි මට ඉබේටම අර දොර ගාව හිටගෙන හිටපු පිරිමි ලමයා දිහා බැලුනා

මම දැන්නා ඒ පිරිම ලමයා හරි හුරතල් විදිහට හිනා වෙන ගමන් අපේ පැත්ත බලන් ඉන්නවා

ඒ එක්කම මට එයාව නොපෙනී ගියේ මාව කුස්සියක් ඇතුලට ඇදගෙන ආපු නිසා

I NEED U 【yoonkook】Where stories live. Discover now