EP.6

27 9 0
                                    

ජන්ග්කුක් මාව කුස්සිය පේන තැනකට එක්කන් ගියා.
එතන නිකන් කවුන්ටර් එකක් වගේ

JK: යුන්ගි ඔයාට තියෙන්නේ එයාලගෙ ඕඩරේ ලියාගෙන ඇවිල්ලා මෙතනින් තියන්න....ඉතකොට අර හ්‍යුං ලා දෙන්නාගෙන් එක්කෙනෙක් ඒක අරගෙන කෑම එක හදලා මේසෙ අංකේ කියලා කෑම එක ලෑස්තී කියනවා ඉතකොට ඔයාට තියෙන්නේ ඒක අරගෙන ගිහින් ඒ මේසෙට දෙන්න..

YG: හ්ම්

JK: හැබැයි යුන්ගි එක මේසෙකට දෙන්නෙක් ඇවිල්ලා කෑම වර්ග දෙකකින් ඕඩර් කරොත් ඕඩරේ අරගෙන ගිහින් ඔයා එයාලට පිලිගන්වද්දි ඔයා මතක තියාගෙන ඉන්න ඕනි එයාලා ඉල්ලුවේ මොනවද කියලා

ඒක කියලා ඉවර වෙනවා එක්කම ජන්ග්කුක් අතේ තියාගෙන හිටපු කොල කෑල්ල කවුන්ටර් එක වගේ තැනින් කෙනෙක් එබිලා ඇදලා අරගෙන එහාට ගියා

ඒ එක්කම ජන්ග්කුකුත් ආයි ගියේ මම මොකාද එකා වගේ එතන ඉද්දි

දැන් කියලා මට වෙන කරන්න කියලා වැඩක් තිබුනේ නැති නිසා මම ආයි මහලු මනුස්සයා ගාවට ගියේ ඉන්න තැන් තියනවද අහන්න

YG: සමාවෙන්න~ සීයේ- නැ මහත්මයා...අයියේ_ අන්කල්-
අහ් මට...මට නවතින්න තැනක් හොයාගන්න පුලුවන් ද?

මහලු මනුස්සයා හිනා වෙන ගමන් මගේ උරහිසෙන් අතක් තිබ්බා

👤: සීයෙ කිව්වට කමක් නැ- ඔයාට නවාතැන පහසුකම් ඕනිද? අපේ කඩෙන් එලියට බැස්සම දකුනු අත පැත්තට පාර දිගේම යන්න...යනකොට වචන මැකිලා ගියපු නිල් පාට උස බෝඩ් එකක් ගහලා තියනවා ඇතුල් පාරක් එක්ක..ඒ ඇතුල් පාරෙ ටිකක් යනකොට පරන ගොඩ නැගිල්ලක් තියනවා ඔයාට කාම්බරයක් ගන්න පුලුවන් වෙයි

YG: ගොඩක් ස්තූතී සීයේ

👤: හරි හරි..දැන් මොකක් හරි වැඩක් කරන්න 6ට කලින් මම අද යන්න දෙන්නම අද දවසටත් එක්ක පඩිය එකතු කරන්නම්...ගිහින් ජන්ග්කුක් ගෙන් අර පොත ඉල්ලගන්න යුන්ගි

YG: හරි සීයෙ~

මම එහෙමම ජන්ග්කුක් දිහා බලනකොට එයා එක පාරට අහක බලාගත්තා....මට තේරුනා එයා අපේ කතාවට කන දාගෙන හිටියේ කියලා

මම ජන්ග්කුක් ගාවට ගිහින් හිට ගත්තාම එයා මං දිහා බැලුවා

YG: සීයා කිව්වා මට අර පොත ඔයාගෙන් ඉල්ලගන්න කියලා

JK: මොන පොතද?

YG: අර කට්ටියගෙ ඕඩර් ලියන පොත

JK: අහ් ඉන්න ඉන්න

ජන්ග්කුක් සාක්කුවට අත දාලා පෑනක් මගේ අතට දීලා ආයි සාක්කුවට අත දැම්මා

JK: මෙහෙ කෙනෙක් නෙවෙයිද?

YG: කොහොමද දන්නේ?

JK: ඉන්න තැනක් හොයපු නිසා බැලුවේ...

YG: අහ්

JK: ඔයා කොහෙද?

YG: දේගු

JK: මෙහෙ ආවෙ?

YG: වැඩ වගේකට

JK: ඉතින් වැඩ ටික කරගෙන ගෙදර යන්න

YG: බැ

JK: තනියමද ඉන්නේ?

YG: ඔව්

JK: වයස?

YG: 18යි

JK: අහ්? හ්‍යුං කෙනෙක්ද

YG: ඇයි

JK: නැ මට 15යි ඒකයි

මම ඒ එක්කම කැශියර් එකේ හිටපු සීයා දිහා හැරිලා බැලුවේ මේ මිනිහා බාල වයස් අපරාද කාරයෙක්ද දන්නෑ වගේ ලුක් එකකින්

ජන්ග්කුක් අතේ තියාගෙන හිටපු පොත මගේ අතින් තිබ්බම මම මොනවත් නොකියා එතනින් ගියා

I NEED U 【yoonkook】Where stories live. Discover now