හවස 6ට කානිවල් එකට ආපු මිනිස්සු රෑ 9:40 වෙනකොටත් හිටියේ කානිවල් එකේ. ඒ වෙනකොටත් කානිවල් එකේ කඩවල් වහලා ගේම්ස් ප්ලේ කරන්න තියන තැන් වහලා තිබ්බත් ජින්ටයි ජන්ග්කුක්ටයි නම්ජුන්ටයි නෙවෙයි ගෙදර යන්න අදහසක් තිබුනේ
යුන්ගි නම් හිටියේ සසර කලකිරිලා වගේ. වෙඩි ට්ජියන ගේම් එකෙන් පස්සේ යුන්ගි ගේම මොකුත් ප්ලේ කරපු නැති හින්දා අනිත් කට්ටිය කන්න අරගෙන ඒ බාගෙට කාපුවා යුන්ගිට උස්සන් එයාලගෙ පස්සෙන් යන්න සිද්ද උනාAt 10:45
JK: අනේ~ දැන්නම් ඇති අප්පා මහන්සී
N: ඔව් අහ්හ් දැන් ඔක්කොම වහලා දාලනේ....තියෙන්නේ අර වතුරේ බෝට්ටු පදින එක විතරනේ
J: අපි ඒකත් සෙල්ලම් කරානේ
JK: ඔව් නේ....අපි එහෙනම් දැන් කානිවල් එකේ පල්ලෙහා පාරෙ ඇවිදලා එමු
Y: අනේ මේ....මගුලක් කියවන්න එපා මට නම් දැන් තිත්ත වෙලා! ඕගොල්ලෝ බාගෙට කාපුවත් උස්සන් ඉන්නෝනි ඒ අස්සේ මට සීතලයි මගේ ජැකට් එක ජින් ඉනේ ඔතාගෙන😒
N: මොකද යුන්ගියා මේ🙄
Y: මට ගෙදර යන්න ඕනි😑
J: අයියෝ හ්‍යුං තව චුට්ටක්
Y: අනේ මේ ඔය තුන්දෙනා ඕනි මගුලක ගිහින් ඕනි දෙයක් කරගෙන එන්න මම යනවා😑
යුන්ගි බාගෙට කාපු කෑම ටිකත් උස්සගෙන කානිවල් එකේ එක්සිට් එක පැත්තර ගියේ කේන්තියෙන්
N: මිනිහා එහෙම ලේසියෙන් කේන්තිය පෙන්නන්නෙමත් නෑ.....🙄
JK: හොදටම නැගලා වගේ😐
J: එහෙනම් ඉතින් අපිත් ගෙවල් වල යමු නේ...😬
JK: ඔව්...
N: හ්ම්ම්
තුන්දෙනාම එකග උනාට පස්සේ තුන්දෙනත් එක්සිට් එක පැත්තට ඇවිද්දා....
ජින් යුන්ගිලා එක්ක ඉන්නේ නැති නිසා ජින් දකුණට යද්දී නම්ජුන්ලා ගියේ වම් පැත්තට
ඒ වෙනකොටත් යුන්ගි පාරෙ නොපෙනී යන තරම් දුර ගිහින් තිබුනා
N: ජන්ග්කුක්...
JK: මොකද?
N: ඔයාගෙ හ්‍යුං.....එයාගෙ වයස කීයද කිව්වේ?
JK: එයාට 16යි ඔයාලට වඩා අවුරුදු 2ක් බාලයි..
N: හ්ම්ම්. එයා ජොබ් එකක් කරන්නැද්ද ඉතකොට?
JK: නෑ හ්‍යුං....අප්පාත් වැඩනේ එයා ගෙදර එන්නෙත් ඉදලා හිටලනේ... මමත් ජොබ් එකක් කරන නිසා හ්‍යුං ගෙදර ඉදන් ඔම්මාව බලාගන්නවා
N: ඉතින් ඔයාට පුලුවන් නේ ගෙදර ඉදන් ඔම්මව බලාගෙන ඔයාගෙ හ්‍යුං ව වැඩට එවන්න
JK: බෑ හ්‍යුං.. මට ඔම්මාව බලාගන්න හරියට තේරෙන්නේ නැති නිසා හ්‍යුං ඒක කරනවා
N: හ්ම්ම්...ඉතකොට ජන්ග්කුක් ඔයා ඉස්කෝලෙ යන්නැද්ද?
JK: අපෝ යනවා.....ඒත් ඉතින් අවුරුද්දට මාස 6ක් වගේ තමා
N: ඉතකොට වාර විභහග?
JK: ඉතින් ඒක තමා කිව්වේ මාස 6ක් යනවා කියලා...
N: ඒ කිව්වේ?
JK: පලවෙන වාර විභාගෙ ට කලින් මාසෙයි වාර විබාගෙ තියන මාසෙයි, දෙවනි වාර විභාගෙට කලින් මාසෙයි විභාගෙ තියන මාසෙයි, තුන්වෙනි වාර විභාගෙට කලින් මාසෙයි විභාගෙ තියන මාසෙයි
N: ඉතින් එහෙම ගිහින් පුලුවන් ද විභාගෙ පාස් වෙන්න?
JK: අනේ මේ නම්ජුන් හ්‍යුං මාත් යුන්ගි හ්‍යුං වගේ දමලා ගහල යනවා හරිද😒
N: හරි හරි ඉන්න😂
JK: හහ් 😒
ජන්ග්කුක් නම්ජුන්ට ඔරවලා නම්ජුන්ව ටිකක් පාස් කරලා ඇවිද්දා
කානිවල් එකේ ඉදන් කෝච්චියෙනුයි බස් එකෙනුයි ගෙදරට විනාඩි 10ක් වගේ තිබ්බට කානිවල් එකේ ඉදන් ගෙදරට පයින් යන්න විනාඩි 20ක් විතර ගියා
________________________________
හිහි~
පරක්කුයී නේද
මම දවසම බැට්මෑන් ජොබ් එක ක්ද්‍රන නිසානෙ මේ සේරම
ඊලග එකත් ඉක්මනට ලියලා....මං කියන්නේ ලිව්වොත් දානෝ😌ගුන බුස
දවස සුභ වේදා ඔබට ජය වේවා🗿
🐱🤍
YOU ARE READING
I NEED U 【yoonkook】
Fanfictionආදරේ කරන්න අයිත් වෙන්නම ඕනි නෑ කිව්වට අහිමි කරගන්න බලාගෙන කවුද ආදරේ කරන්නේ?