මම 5:50 විතර වෙනකන් වැඩ කරහම සීයා මට කිව්වා ගිහින් ඉන්න තැන බලන්න කියලා මම බෑග් එකත් දාගෙන සීයටත් යනවා කියලා දොර දිහාවට ඇවිදන් ගියා
දොර ලග හිටගෙන හිටපු ජන්ග්කුක්ටත් මොනවත් නොකියා මම දොර ඇරන් එලියට ආවා
සීයා කියපු විදිහට මම ශොප් එකෙන් එලියට බැහැලා වම් අත පැත්තට පාරෙ කෙලින්ම ඇවිදගෙන යනකොට අතුරු පාරක් එක්ක අකුරු මැකිලා ගියපු බෝඩ් එකක් තිබුනා
මම ඒ පාරෙ කෙලින්ම යනකොට මම දැක්කා බෝඩ් එකක ගහලා තියනවා
"නවාතැන් පහසුකම් ඇත."
මම අඩිය ටිකක් ඉක්මන් කරලා ඒතනට ගියත් ඒ බිල්ඩිමට යන්න කිසි පාරක් තිබුනෙ නෑ ඒ එක්කම මට ඇහුන අත්පුඩි සද්දේ නිසා මම උඩ බැලුවා
👱♂️: ඒ~ ඒ මල්ලි roomද හොයන්නේ?
මම පල්ලෙහා ඉදන්ම ඔලුව වැනුවේ ඔව් කියන්න
👱♂️: අතන පඩිපෙල තියනවා...උඩට වරෙන්~
මම ඒ පඩිපෙල දිහා බලලා එහෙට අඩිය තියන්න හදනකොටම මාව කවුද මන්දන්නෑ කෙනෙක් පස්සට ඇදලා ගත්තා
🧑🦱: මං උබට කිව්වා නේද පොඩි උන්ව රවට්ටන්න එපා කියලා ගල් මූසලයා
👱♂️: හරි හරි බං රේප් කරන්න එක්කන් ගියා නෙවෙයිනේ😂
අවුරුදු 28ක වගේ පිරිමි කෙනෙක් මගේ කරට අත දාලා මාව තවත් පාරෙ ඉස්සරහට එක්කන් ගියා
🧑🦱: මල්ලි යුන්ගි නේ?
YG: කොහොමද දන්නේ?
🧑🦱: ඔයා රස්සාව ගත්ත තැන අයිතිකාරයා මට කෝල් කරලා කිව්වා
YG: අයියේ මට කොච්චර ගෙවන්න වෙයිද?
🧑🦱: ඒක නම් මට ලොකු ගානකට කොහොමත් දෙන්න බෑ! මගේ ගෙදර උඩ තට්ටුවෙ තමා ඒක තියෙන්නේ...තියෙන්නෙත් පොඩි ඉඩයි.
පොඩි ඇදයි කුස්සියයි ඇදුම් කබඩ් එකයි මේසෙයි තියනවාYG: ගාන?
🧑🦱: මට මාසෙටම 1000ක් දුන්නම ඇති~
YG: 1000ක් ඇති?
🧑🦱: ඔව් බං... ඕක නිකන් තියන එකනේ අනික උබ හෙන පොඩි පාටයිත් එක්කනේ
YOU ARE READING
I NEED U 【yoonkook】
Fanfictionආදරේ කරන්න අයිත් වෙන්නම ඕනි නෑ කිව්වට අහිමි කරගන්න බලාගෙන කවුද ආදරේ කරන්නේ?