EP.15

32 4 3
                                    


යුන්ගි රූම් එක ඇතුලට ගිහින් පැන්ට්‍රිය උඩින් බාගෙට කාපුවා තියලා එනකොට නම්ජුනුයි ජන්ග්කුකයි ඇවිල්ලා ඇදේ පෙරලෙනවා... යුන්ගි එක පාරට දැක්ක නිසා බය උනත් ඒක පෙන්නන්න ගියේ නැ

Y: මේ දෙන්නම මැරුම් නොකා ගිහින් ඇග හෝදගෙන ඇදුම් මාරු කරන් එනවලා😒 මෙතන පුලුවන් තරම් නටලා නටලා දාඩිය ගදේ බෑ ආපු ගමන් ඇදේ පැනලා😒

N: අඩෝ මොකද බං මේ😒

JK: මං ඔයා එක්ක නෙවෙයි නිදාගන්නේ හින්දා මං වොශ් දාන්න ඕන්නෑනේ මගෙ හ්‍යුං😙

Y: දෙන්නටම කියන්නේ ඔය දෙන්නම ඒක දෙන්නටම පොදුයි😒 මං පල්ලෙහාට ගිහින් එද්දි ජන්ග්කුක් බාතෘම් එකට ගිහින් හිටියේ නැත්තම් බලාගමු අහ්..😒

යුන්ගි එහෙම කියලා දොරත් වහගෙන රූම් එකෙන් එලියට ගියා

N: යනවා යනවා පොඩි එකා ඇග හෝදගෙන එනවා😌

JK: මං ආවට පස්සේ ඔයත් යන්න එපෑ😒👍

ජන්ග්කුක් ඇදෙන් නැගිටලා යුන්ගිගේ කබඩ් එකෙන් ඇදුමකුත් අරගෙන බාතෲම් එකට ගියා

ජන්ග්කුක් බාතෲම් එකට ගිහින් විනාඩියක් යන්නත් කලින් ජන්ග්කුක්ගෙ ෆෝන් එක රින්ග් වෙන්න ගත්ත නිසා නම්ජුන් ගැස්සිලා ගියා

ෆෝන් එක රින්ග් වෙන සද්දේ ජන්ග්කුක්ට බාත් රූම් එකටම ඇහුන නිසා ජන්ග්කුක් කෑ ගැහුවා

JK: අනේ හ්‍යුං ඔය කවුද කියලා බලලා උස්සන්නකෝ ටිකක්.....මම වොශ් දානවා පස්සේ ගන්නම් කියන්ඩෝ🗣

N: අහ්හ් හරි බං🗣

නම්ජුන් කම්මැලි කමේ ඇදේ ඉදන්ම මේසෙ උඩ තිබ්බ ජන්ග්කුක්ගෙ ෆෝන් එක අතට ගත්තා

"Hyung😎🐹💘"

නම්ජුන්ට ඒ නම දැක්ක ගමන් හිතාගන්න පුලුවන් උනා ඒ ජින් කියලා

නම්ජුන් හිනා වෙන ගමන්ම කෝල් එක ඉස්සුවා

J: උස්සන්න මෙච්චර වෙලා ගියේ ඇයි?

N: අහ්- ජින් මේ මං.....නම්ජුන්

J: ඔහේ මොන කෙසෙල් ගෙඩියක්ද කරන්නේ මල්ලිගෙ ෆෝන් එක ලග තියන්?

N: එයා වොශ් දාන්න ගියා ඉතින්

J: අහ් එහෙම නම් කමක් නැ

I NEED U 【yoonkook】Where stories live. Discover now