<5>

98 16 2
                                    

හම්මෝ ..... අර පිස්සු කෙල්ලත් එක්ක ඉදලා මට හොදටම මහන්සියි....මම නම් ජීවිතේට බදින්නෑ
කායි අර මොකක්ද
කායි මේ මොකක්ද
කායි මේවා කනවද
කායි කායි කායි
ඒ මදිවට කවන්නත් ඕනේ....

රෑ වෙලත් මේ කෙල්ල තාම නා ගත්තෙවත් නෑනේ... කෙල්ලො කොහොමත් නාන්නෑනේ
නාන්න කියලා මට නාවන්න වෙයිද??
වොශ් රූම් එකට දාලා දොර ලොක් කරන්න ඕනේ
එයාට ගෙනාපු ඇදුම් ටික වොශ් රූම් එකෙන් තියනවා....අර ගෑනු කෙනා ඇදුම් අදින හැටි කියලා දීලා තිබ්බේ හොද වෙලාවට

💧 කායි

❤️ ඔයා නාන්නැද්ද

කෙල්ල නිල් පාට ඇස් බෝල කරන් වයින් කරලා වගේ ඔලුව දෙපැත්තට වැනුවා....මේ කෙල්ලෝ මාර කම්මැලීනේ නාන්න

❤️ ඇයි

💧ඩැනී කිව්වා රෑට වතුර අල්ලන්න එපා කියලා

❤️ ආ....නාන්න කම්මැලි නිසා බොරු කියනවා නේද....මා එක්ක ඒවා බෑ

කෙල්ල දුවන්න හදද්දි ඉන වටෙ අත දාලා එයාව මා ගාවට ඇදලා ගත්තා....මාර බයක්නේ වතුරට...බලු පැටියෙක් නාන්න එක්කන් යනවා වගේනේ
කෙල්ල හොදටම දගලනවා..
ඒ උනාට මගෙන් බේරෙන්න එයාට බෑ....මන් එයාව වොශ් රූම් එකට දාලා ශවර් එකත් ඇරලා දාලා දොර වැහුවා

හම්මෝ කුලු හරකෙක් එක්ක ෆයිට් කරා වගේ .....
එකපාර මට ඇහුනේ වොශ් රූම් එකේ මොකක් හරි ලොකු දෙයක් වැටෙන සද්දයක්
මේ කෙල්ලට සිහි නැති උනාවත්ද

❤️ සාශා..  සාශා.... ඔයා හොදින්ද

💧 එන්න එපා....ඔයා බය වෙයි

❤️ මොකද උනේ

💧 මා...මාව වැටුනා

පොඩි එකෙක් වගේනෙ අප්පා....එන්න එපා කිව්වේ ඇදුම් නැති නිසාද දන්නෑ....කෙල්ල වැටුන සද්දෙ ඇහුනට නැගිටින සද්දයක් නම් ඇහුනෙ නෑ
ඒ මදිවට හයියෙන් හුස්ම ගන්නවා....මගේ කාමරෙන් ලොකු ටවල් එකක් අරගෙන ඇස් පියාගෙන වොශ් රූම් එකට ගියා

❤️ සාශා මේ ටවල් එක ඇදගන්න මන් නැගි....

ආය පාරල් එයා හයියෙන් හුස්ම ගත්ත හින්දා මම ඇස් දෙක ඇරියා

දෙයියනේ!!!!!

සාශාගේ කලු පාට කොන්ඩේ ලා නිල් පාටකට හැරිලා....කන් දෙක නිකන් එල්ෆ් කෙනෙක්ගේ වගේ...ඔක්කොටම එහා එයාගේ කකුල් දෙක වෙනුවට තිබ්බේ වරලක්...මාලුවෙක්ගේ වගේ
ඒ කියන්නේ මේ කෙල්ල මට ඇත්තද කිව්වේ
ඒත් ඒක....

💧 මන් කිව්වා එන්න එපා කියලා

කම්පියුස් වෙලා හිටිය මට බකස් ගාලා හිනා ගියේ කෙල්ලගේ මූන දැක්කම...නිල් පාට ඇස් ලොක ලොකූ කරන් ඇස් වල කදුලුත් තියනවා...පොඩි එකෙක් වගේ යටි තොල අනික් පැත්ත හරවන්
මන් දැක්ක කියුට්ම කෙල්ල

💧ඔයා හිනා වෙන්න ඉතින්

ආය මූන බුම්මගෙන කියද්දි මම හිනාව කාගෙන එයා ගාවින් පහත් උනා
එයා ඇත්තටම කිදුරියක්
මට බය හිතුනේ නෑ ..හොද වෙලාවට මට හම්බුනේ වෙන කෙනෙක්ට හම්බුනා නම් මොනා වෙයිද දන්නෑ

❤️ ඔයා අඩනවද

💧 මුලින් මන් හිතුවේ ඔයා ඩැනීගෙ කෙනෙක් කියලා...ඒත් ඔයා එහෙම නෙමේ....අනේ කායි මාව කාටවත් අල්ලලා දෙන්න එපා

ඒ පාර අඩනවා ..... පිස්සු කෙල්ලෙක්...බාත් ටබ් එකට වතුර පුරෝලා එයාව උස්සලා පරිස්සමට ඒකට දැම්මා....එයා අමාරුවෙන් හුස්ම ගත්තේ කිදුරියක් උනාට පස්සේ වතුර නැතුව හිටිය නිසා වෙන්න ඇති
මොනා උනත් කෙල්ලගේ සයිස් එකට නෙමේ බර කොන්දත් නෑ වගේ

💧 ඔයා කාටවත් කියන්නෑනේ

එයාව බාත් ටබ් එකෙන් තියලා යන්න හදද්දි මගෙ අතකින් අල්ලලා මාව නැවැත්තුවා....බෝල ඇස් වල කදුලු පිරිලා...එයාගේ ඇස්වල නිල් පාට මාව ඇදලා ගන්නවා වගේ
මන් බාත් ටබ් එක ගාවින් එහෙම්ම බිම ඉදගෙන එයාගේ ලා නිල් පාට කොන්ඩෙ ඇවිස්සුවා

❤️ මන් ඔයාව කාටවත් අහු කරලා දෙන්නෙ නෑ....ඔයාව බලාගන්නම් මම......ඔයා බය වෙන්න එපා ඔයාව දාලා යන්නවත් කාටවත් දෙන්නවත් මට ඕන නෑ

💧 ඇත්තමද

❤️ ඔව් ලමයෝ....කෝ අඩන්න එපා

නිල් පාට ඇස් චූටි වෙන්න එයා හිනා උනා

මට හිතාගන්න බැරි අයිති නැති දේවල් වලටම මගේ හිත යන්නෙ
ඇයි කියලා
ලුසීට මගේ හිත යද්දි එයා මගේ අයියය ආදරේ කරා
එතකොට සාශා....අඩුම එයා මනුස්සයෙක්වත් නෙමෙයි
මම හිතනවා මම එයාට ආදරේ ඇති

බැරිවෙලාවත් මගේ හිතේ එයාට ආදරයක් තියනවා නම් දවසක එයත් මට ආදරේ කරනව නම් එයා මුහුදට අයිති කෙනෙක් කියන එක අමතක කරලා එයාට ආදරේ කරන්න මට පුලුවන් වෙයි...

අවසානේ කොහොම උනත් ඉන්න දවස් සතුටින් ඉන්න එකයි වැදගත්...මොකද අපි හැමදාම ජීවත් වෙන අය නෙමෙයි






Jess

Under the moon ✔️Where stories live. Discover now