<3>

101 17 1
                                    

කායිට මුලු රෑම නිදාගත්තේ නෑ....ලග ගෙදරක ගෑනු කෙනෙක්ට කියලා සාශාගේ ඇදුම් මාරු කරන්න උදව් ගන්න කායිට සිද්ද උනා....කෙල්ලෙක් නිසා එයාට වෙනම ඇදුනුත් කායි ගෙනාවේ අර ගෑනු කෙනාව සාශා ගාව තියලා

අසාමාන්‍ය විදිහට කෙල්ලගෙ මුලු ඇගම සීතල වෙලා තිබ්බ නිසා කායි ටිකක් බයේ හිටියේ.....බැරිවෙලාවක් මැරිලනම්...
ඒත් සාමාන්‍ය විදිහට හුස්ම ගන්න බවක් පෙනුන නිසා කොල්ලට පොඩි සැනසීමක් දැනුනා

ඉර එලිය මූනට වැටෙද්දි සාශා හිමීට ඇස් ඇරලා වටපිට බැලුවා.....ලා නිල් පාට අමුතු ඇදුමක් ඇදගෙන අමුතු බෙලි කටුවක් ඇතුලේ ඉන්න එක සාශාට නම් මාර සතුටක්

කකුල් නුහුරු උනත් එයා ඇදෙන් නැගිටලා බිත්තිය අල්ලගෙන කාමරේ කොනක පුටුවකට වෙලා සැපට නිදාගෙන හිටිය කායිට ලන් උනා....පාන්දර ලන් වෙලා නින්ද හිය හින්දා කොල්ලා මර නින්දක හිටියේ

සාශා ඉර එලිය ලාවට වැටිලා තිබ්බ කායිගේ මූනට එබුනා.....මිනිස්සු මේ තරම් ලස්සනද කියලා සාශා හිමීට මිමිනුවා

කෙල්ලගේ කොන්ඩ කෑලී මූනේ වදිද්දි කොල්ලා එකපාර ඇහැරුනා

Kai pov.....❤️


බුදු අම්මෝ
තව ටිකෙන් හාට් ඇටෑක් හැදෙනවා....උදේ පාන්දර කෙල්ලෙක් කොන්ඩෙ කඩාගෙන මූනට එබිලා ඉන්නකොට....හම්මෝ

💧 ඔයාගේ නහය හරි ලස්සනයි

මොකක්...මගේ නහයට එයාගේ නහයෙන් තට්ටුවක් දාන ගමන් කිව්වා...මේ කෙල්ලට පිස්සුද???
කවදාවත් නැතුව මගේ හදවත ගැහෙන්නෙ මොකද....අහ්හ්හ් මටත් පිස්සු හදවත ගැහෙන්නෙ නැත්තම් මැරිලනේ
එයාගේ ඇස් දෙක නිල්ම නිල් පාටයි...කව්ද මේ කෙල්ල

💧 හලෝ ගොඩබිම්වාසියා...මගේ නම සාශා මම ආවේ අර ඈත පේන මුහුදේ ඉදන්

එකපාර මගෙන් ඈත් වෙලා අත් දෙකත් පිටිපස්සට කරගෙන ඒ කෙල්ල කියෙව්වා...ලුනු වතුර පෙවිලද කොහෙද

💧 ඔයාට කතා කරන්න බැයිද

ආය පාරක් එයා මගේ ඇස් වලට එබුනා
මම බලාපොරොත්තු උනේ නැගිට්ට ගමන්
තමුසෙ කව්ද
මගේ ඇදුම් මාරු කරේ කව්ද
තමුසෙ මාව රේප් කරාද
වගේ දේවල් කියයි කියලා....මේ කෙල්ල වෙනම ඒවනෙ කියවන්නේ

මම එයාගේ උරහිස් වලට අත තියලා එහෙම්ම පිටිපස්සට අරන් ගිහිල්ල
ඇදේ ඉන්දෙව්වා....නන්නාදුනන කෙල්ලෙක්ව ගෙදර තියාගෙන බොරුවට අමාරුවේ වැටෙන්න මට ඕන්නෑ

❤️ ඔයා කව්ද

💧මගෙ නම සාශා මම ආවේ අර ඈත මුහුදේ ඉදලා

නිල් පාට ඇස් ලොකූ කරන් කියවන හැටි...ලුනු වතුර ඇස් වලට ගිහිල්ලද මන්දා ඇස් මේ තරම් නිල් පාට

❤️ හහ් කිදුරියක් ද

මුහුදේ ඉදන්ම ආවා කියන නිසා මන් විහිලුවට වගේ ඇහුවා....ආය පාරක් නිල් පාට ඇස් ලොකු කරන් එයා එකපාර ඇදෙන් ඉස්සරහට පැනලා මගේ ඔඩොක්කුවට ඇවිත් අත් දෙකෙන්ම මගේ කට තද කරා

💧 ඩැනී ඔයාව හම්බෙන්න ආවද???
එයා ඔයාට ඔක්කොම කිව්වද

ඇති යන්තම් මට පේන්නේ මෙයාව ඉක්මන්ට එලවගන්න පුලුවන් වගේ....ආය හිමීට එයාව ඇදට තල්ලු කරලා මම ඔලුව වැනිවේ අර ඩැනීද හැනීද කියන කෙනා
මට ඔක්කෝම කිව්වා කියන්න

💧 එයා මාව බලාගන්න කියලත් කියන්න ඇති.. ඔයත් මර්මන් කෙනෙක්ද???
ඒත් සාමාන්‍ය මර්මන්ලට ගොඩබිමට එන්න බෑනේ

❤️ මොක්කු

💧 මර්මන්ලා අනේ....ආහ් ගොඩබිමත් මර්මන්ලා ඉන්නවා ඇති ..... හලෝ ගොඩබිම මර්මන් මම මූන් මර්මේඩ් සාශා

හයියෝ ලුනු වතුර පෙවිලා තමයි... මටත් ඉදලා ඉදලා සෙට් වෙන්නේ මාර බාල්දිනේ
පිස්සන් කොටුවෙන් පැනලා ආව කෙල්ලෙක්ද මන්දා..

💧 ගොඩබිම මර්මන් ඔයාට නමක් තියනවද

❤️ මම කායි... ඔයා ඇත්තටම මර්මඩ් කෙනෙක්ද

💧ඔව් හයියෝ අර මෝඩ ඩැනී ඔයාට පැහැදිලිව කියන්නැතුව ඇති එයා ඔහොම්මයි

❤️ කව්ද ඩැනී

💧 ඔයා දන්නැද්ද එයා මූන් මර්මන් අනේ

යන්නෙ කොහෙද මල්ලෙ පොල්....මර්මන්ලයි මර්මඩ් ලයි...මම ලිට්ල් මර්මඩ් කියෝ කියෝ ඉන්නවා දැකලා
අයියා මේ කෙල්ලට බොරුවක් කියෝලා එව්වද දන්නෑ....
වෙන්න බෑ ඒත් එයා හිටිය විදිහ

💧 කායි මට බඩිගිනියි

❤️ මොනාද කන්නේ

💧 මන් ආසම රෝස පාට පාසි වලට...ගොඩබිම ඒවා නෑනේ

පාසි???
මේ කෙල්ල නම් පිස්සන්කොටුවෙන් පැනපු කෙල්ලෙක්ම තමා....කමන්නෑ හොයන් ආවම බාර දෙනවා....මන් මෙයා එක්ක හිටියොත් ස්ටෙෆනිව මග අරින්නත් පුලුවන්






Jess

Under the moon ✔️Where stories live. Discover now