<11>

101 16 1
                                    

Kai pov..... ❤️


උදේ අටට විතර කාමරේට ගිය පාර හවස පහ වෙලා තාමත් සාශා එලියට ආවේ නෑ කොයි තරම් දොරට ගැහුවත් එයාගෙන් කිසි ප්‍රතිචාරයක් නෑ
ඉවසලා බැරිම තැන මම වෙරලට ගියේ මාලු කොල්ලව හොයා ගන්න එයාගේ පිටේ තියන තුවාල මතක් වෙලා මගේ මෙඩිසින් බොක්ස් එකෙන් තුවාල වලට ගාන පොඩි ක්‍රීම් එකකුත් අරගෙනම එයාව හොයන්න ගියා මම මේ වෙලාවේ ඉන්නේ එයා එක්ක තරහින් තමයි ඒත් එයා සාශාගේ කෙනෙක්

මට එයාව හොයන් වැඩි දුරක් යන්න උනේ නෑ ඉර බහින දිහා බලාගෙන ගලක් උඩට වෙලා මාලු කොල්ලා හිටියා කොට කලිසම විතරක් ඇදන් කොහොම ඉන්නවද මන්දා මේ සීතලේ මමත් ඒ ගල උඩට නැග්ගා

💙 අහ් මිනිස් කොල්ලා

❤️ සීතල නැද්ද ඕයි..... මට තමුන් එක්ක කතා කරන්න දෙයක් තියනවා

💙 මුහුද මීට වඩා සීතලයි.... මෙහෙ හරි රස්නෙයි

❤️ ගෙදර ඉද්දි ශර්ට් ඇදන් ඉන්නේ සාශා ඉන්න නිසාද

💙 හ්ම්ම් එයා මේ කැලැල් දකී කියලා.... එයා ගාවට යද්දි මම කැලැල් මකා ගන්නවා ඒත් ගොඩබිමදී මට ඒ තරම් බලයක් නෑ

❤️ දගලන්නැතුව ඉන්නවා මම බේත් එකක් ගෙනාවා මේකට ඕවා අඩු වෙයි

ඒ කැලැල් මොනාද අහන්න ඕන උනත් මම මුකුත් අහන්නැතුව මාලු කොල්ලගේ පිටේ දිගට හරහට තිබ්බ තුවාල වල බේත් ගෑවා මේකට රිදෙන්නෙ නැද්ද මන්දා

💙 මේ කැලැල් මොනාද අහන්නෙ නැද්ද

❤️ කැමති නම් කියන්න

💙 ශිශී වෙනුවෙන් අපේ නීති කඩපු හැම අවස්තාවකම මතක සටහන් තමයි ඔය

❤️ ඔයාලට නීති තියනවද

💙 හ්ම්ම්ම් මම මීට කලින් ගොඩබිම ගාවටම ඇවිල්ලා තියනවා ශිශී ආසයි කිව්ව දේවල් ගේන්න ඒවා අහු උන හැම පාරම එල්ඩර්ස්ලා මට විදුලි කසයකින් ගැහුවා ඔය තුවාල කවදාවත් හොද උනේ නෑ මොකද හොද වෙන්න කලින් මන් ආය වැරැද්දකට අහු වෙනවා

මාලු කොල්ලා අහස දිහා බලන් හිනා උනා එයාගේ ඇස් වල කදුලුද මන්දා නැත්තම් මගේ ඇස් වල කදුලු නිසා මට එහෙම පේනවද???
තුවාල කැලල් එක්දාස් නවසිය විසි තුනක් එකක්වත් සම්පූර්නයෙන්ම හොද වෙලා නෑ හ්ම්ම් මම මාලු කොල්ලගේ තුවාල කැලැල් ගැන්නා සාශා එක්ක ඉන්න එකත් ලේසි නෑ වගේ

💙 මට මේ ලෝකේ මගේ කියලා ඉන්න එකම කෙනා ශිශී....  හද මට දීපූ තෑග්ග

අද ඉදන් උබට මම ඉන්නවා කියන්න ඕනේ උනත් එයා ඒක කිව්ව විදිහෙන් මට හොදට තේරුනා සාශා ගැන එයාගේ හිතේ තියෙන්නේ මොන වගේ හැගීමක්ද කියලා....මම වචනයක්වත් කිව්වෙ නෑ එහෙම කිව්ව නම් මගේ කදුලු ඉස්සර වෙනවා

කොල්ලෙක් අඩන එක ලැජ්ජාවක්ද
මම ඒ ගැන ලැජ්ජා වෙන්නෙ නෑ
එක අතකට කිදුරු කුමාරයෙකුත් අඩන එකේ මෙලෝ වැඩක් නැති මනුස්ස කොල්ලෙක් උන මම අඩන එක මොකක්ද

💙 මට අද ශිශිව එක්කන් යන්න ඕනේ.... එයා මෙහෙ මාසයක් හිටියා මුහුදෙන් මෙ තරම් කල් ඈත් වෙලා හිටියොත් තව සතියක් යන්න කලින් එයා මැරෙයි

මේ තරම් වෙලා මම හිර කරන් හිටිය කදුලු බින්දුව ගලාගෙන ගිහිල්ලා ගල උඩට වැටුනා.... ඒ කියන්නේ එයාට මා ගාව ඉන්න කිසිම ඉඩක් නැද්ද හිටියොත් එයා මැරෙනවද???

💙 මම රෑ අට වෙනකල් මෙතන ඉන්නවා ශිශීට එන්න කියන්න

ඒ වචන මාලු කොල්ලගේ කටින් පිට වෙනවත් එක්කම මම සිහියක් නෑ වගේ ගලෙන් බිමට බැහැලා ගේ දිහාට දිව්වා
එයාට මම ආදරෙයි තමයි ඒත් ආදරෙයි කියලා එයාව මන් ගාව තියා ගත්තොත් එයා අනිවාර්යෙන්ම මැරෙනවා.....
අයිති නැති දේවල් වලට හිත යන එක මට දැන් පුරුද්දක් වෙලා

ගේ ඇතුලට යද්දි මම ලොකූ හුස්මක් ගත්තා..... කොහොම හරි මේ පිස්සු හොල්මනව ආය මුහුදට යවන්න ඕනේ....
එයාගේ කාමරේ ඉස්සරහට ගිහිල්ලා මම කතා කරා

❤️ ඕයි සාශා අන්න තමුසෙගෙ ඩැනී රෑ අට වෙනකල් බලන් ඉන්නවලු පුලුවන් ඉක්මනට යනවද මෙහෙන් මාර ඇණයක් ඕයි තමුසේ
මේ ගෙදරට ආව දා ඉදන් මට ඕන දෙයක් කන්නවත් නිදහසක් නෑ යන තැනක යනවා මට වද නොදී....

වෙන මුකුත් කියන්න කලින් මට ඇඩුනා ඇඩෙන සද්දෙ සාශාට ඇහෙයි කියන බයට තොල හපාගෙන එයාගේ කාමරේ දොරට හේත්තු වෙද්දි දොර එකපාර ඇරුනා

කාමරේ ජනේලේ ඇරලා දාලා.... එයා කාමරේ නෑ..... ඔයා එහෙනම් නොකියම ගියාද???
ඇද උඩ තිබ්බේ ආව මුල්ම දවසේ එයා ඇදන්ද ගවුම මම එයාගෙ ඇද උඩින් ඉදගෙන ගවුම තුරුල් කර ගත්තා.... ඒක හරි සුවදයි සාශා ගාවින් එන සුවද ආය මට කවදාවත් විදින්න බැරි වෙයි ඒ නිල් පාට ලොකු ඇස් කායි කායි ගගා ඔක්කොම අහගන්න මගේ පස්සෙන්ම එන ඒ චූටි කෙල්ලව ආය මට දකින්න වෙන්නෑ...

Under the moon ✔️Where stories live. Discover now