Kim taehyung
Age 23
A popular singer in South Koreaටේහියුන් P.O.V
මේ මාසෙම වගේ ගොඩක් වැඩ තිබ්බා... මගෙ පෞද්ගලික වැඩයි, කොන්සර්ට් වල වැඩයි ඔක්කොම එක ගොඩට වැටිල තිබිල අද තමයි ඔක්කොම ඉවර කරගත්තෙ, ඉවර කරගත්ත කිවුවට ඉතින් ඔලුවට ලොකු බරක් වෙලා තිබ්බ ගොඩක් ඒව ඉවරයි.. දැන් මට ආයෙ කොන්සර්ට් එකක් තියෙන්නෙ හරියටම සතියකින්.. මේ ලැබිච්ච නිවාඩුවෙන්නම් උපරිම ප්‍රයෝජනේ ගන්න ඕනෙ..ඒ වගේම මට මගෙ බෝයිෆ්රෙන්වත් ගොඩක් මිස් උනා.. මේ මාසෙටම..
මම හිටියෙ මගෙ අපාර්ට්මන්ට් එකේ.. පොඩි කම්මැලි කමක් නම් තියේ , ඒ නිසා ටීවී එකත් ඔන් කරන් ඒක බල බල හිටිය. දැන් වෙලාව රෑ 7යි..
ටීවී එක බල බල ඉන්නකොට එක පාරට මට ඩෝ බෙල් එක වැදෙනව සද්දෙ ඇහුන. ඒ නිසා මම ටීවී එකේ සද්දෙ අඩු කරල දොර අරින්න ගියා..
" කවුද..? "
එකියෙන් එක දිගට බෙල් එක වදින නිසා මම එහෙම ඇහුවෙ ටිකක් බයෙන් වගේ.. මොකද ඉන්නෙ මම විතරක් නිසා ටිකක් විතර බයයි. මගෙ ගාඩ්ලට මම අද නිවාඩු දුන්න. ඒ මිනිස්සුත් මේ මාසෙම මගෙ පස්සෙ හිටිය නිසා ගෙවල් වලට යන්නත් බැරි උනා. ඒ නිසා මම එයාලව යැවුව..
" ටේ..මේ මම.."
ඔහ්..අනේ මේ එයානෙ..මගෙ බෝයිෆ්‍රෙන්ඩ්..
මම ඉක්මනට දොර ඇරිය.. හහ්..අනේ අනේ. එයා මම දොර ඇරිය ගමන් ඇතුලට පැනල මාව බදාගත්තා.. මමත් එයාව ආපිට තද කරල බදා ගත්ත. මොකද එයා මේ මා ලගට ආවෙ මාසෙකට පස්සෙ, බිස්නස් වැඩ වලට එයා හිරවෙද්දි මම මගෙ වැඩවලට හිර උන නිසා අපිට කතා කරන්න පුලුවන් උනේ පෝන් වලින් විතරයි..
" මිස් යු බේබි..."
" ම්ම්හ්.. මී ටූ..."
මාව බදාගත්ත ගමන් මගෙ බෙල්ලෙ මූන අතුල්ල අතුල්ල එයා කියෝනකොට මමත් එයාගෙ කොන්ඩෙ අස්සෙන් ඇගිලි යවල එයාව මට තද කරගත්තා..
YOU ARE READING
TAEKOOK SHORT STORYS
RomanceTop kook and Top Tae FF and NF Smut Short story S A K U R A ♡