" කිම්.... අවුල් ගන්න එපා..මොකක් හරි කරමු බන් ම්ම්..."
" මොනා කරන්නද ජිඔන්...තව හරියටම පැය බාගෙන් වෙඩින් එක පටන් ගන්නව.."
කිම් ඔලුවෙ අතගහන් කිව්වම ජිඔන් විනාඩියක් විතර කල්පනා කරල කිම් එක්ක කතා කලා..
" කිම්...උබ කැමතිනම්.... ටේහියුන් පුතාව මගෙ බෑන කරගන්න මම කැමතියි..."
ජිඔන් ස්තීර හඩකින් එහෙම කිව්වම කිම් වගේම මිසිස් කිමුත් ගැස්සිලා ගියා...
" ජිඔන්..?"
" ඔව් කිම්...මගෙ පොඩි පුතා ජන්කුක් ... එයාට ඔයාගෙ පුතාව දෙන්න..."
" ඇත්තමද ජිඔන්..?"
"ඔව්."
"ඒත් ජන්කුක් කැමති වෙයිද...?"
"මම අහල බලන්නම්...හිටපන්.."
කිම්ල ලගින් ජිඔන් එහෙම්ම ආවෙ පැත්තකට වෙලා දුරකතන ඇමතුමක ඉන්න ජන්කුක් ගාවට...
" පුතා.."
" අප්පා..?"
" ජන්කුක් ..උබ දන්නව නේද මේ අප්ප උබට කවදාවත් වරදක් කරන්නෙ නෑ කියල ම්ම්..?"
ජිඔන් ජන්කුක්ගෙ අත් දෙකෙන් අල්ලන් එහෙම ඇහුවම ජන්කුක් ඇස් ලොකු කරගත්තෙ වෙන්නෙ මොකක්ද කියල හිතාගන්න බැරුව..
" අප්පා..ඇයි මේ..?"
" අහපු එකට උත්තර ඕනි කුක්..."
" ඔව් අප්පා..මම ඒක හොදට දන්නව..."
ජන්කුක් කිව්වම ජිඔන් හිනා වෙලා ජන්කුක්ව බදාගත්තා..
"මගෙ පුතේ.... ටේහියුන්ව බැදහන්.."
"මොකක්!?"
ජන්කුක් එකපාරට ගැස්සිලා ගියා... ජිඔන් මෙහෙම දෙයක් කියයි කියල ජන්කුක් කීයටවත් බලාපොරොත්තු උනේ නෑ..
" අ.අප්පා...මොකද මේ..?"
" ජන්කුක් මේ අහන්න... මෙහෙම එකපාරට කියල කසාදයක් උබට කරවන්න කිසිම විදියකින් මගෙ හිතේ තිබුනෙ නෑ.. ඒත් ජන්කුක් මගෙ හිත මට කියනව මම මේ කරන්න යන්නෙ හොදම දේ කියල..."
" අ.අප්පා..?"
"කුක්....ටේහියුන්ගෙ මනමාලය නැති උනා කියල කිම් මේක නවත්තනෙන් නෑ බන්... ඌ කුලියට මිනීමරන නරුමයෙක්ට හරි අර අහිංසකයව දෙයි... එහෙම උනොත් ඒක මොන අපරාදයක්ද කුක්...? හිතපන් මගෙ පුතේ හිතපන්... වෙන කරන්න දෙයක් නැ මගෙ පුතේ... ටේහියුන් පුතා දේවදූතයෙක් වගේ... උගෙ කිසි අඩුවක් නෑ.. උබට පුලුවන්ද පුතේ මේ අවුරුදු ගානටම ඉල්ලුවෙ නැති උබෙ අප්ප මේ ඉල්ලන අප්පගෙ ආසාව ඉශ්ට කරන්න...පුලුවන්ද...?"
YOU ARE READING
TAEKOOK SHORT STORYS
RomanceTop kook and Top Tae FF and NF Smut Short story S A K U R A ♡