After one weekසතියක් ඔය විදියට ගෙවුනා.... මම හියුන් එක ජින් හියුන් ලගට ගිහින් ප්‍රශ්නෙ ගැන කිවුවම ජින් හියුන් , ටේහියුන් හියුන්ට රස්සාවක් දුන්නා...
එදා ඉදන් මායි හියුනුයි දෙන්නම ශොප් එකට ගියා... මම තේයොත් අරන් ගියා...මම තේයොව ශොප් එකේ තියන් බලාගත්තා...ජින් හියුනුත් ඒකට කැමති උනා....
හැමදාම උදේට මම නැගිටල තේයොගෙ කෑම එකයි, හියුන්ටයි මටයි කෑම හදනව... පස්සෙ මම ඒ දෙන්නව ඇහැරෝනව...තේයොව හියුන් වොශ් කරල දුන්නම ඇදුම් අන්දල කෑම කවනව... හියුනුත් කනකොට මාත් කාල අපි ශොප් එකට යනව... ආයෙ හවසට අපි තුන් දෙනා එකට පයින්ම ගෙදර එනව..ඇවිත් හියුන් වොශ් කරන් එනකල් මම තේයො එක්ක ඉන්නව. ඊට පස්සෙ හියුන් ආවම මම තේයොව වොශ් කරවල දීල මාත් වොශ් කරල අපි තුන් දෙනා ටිකක් වෙලා ඉන්නව.... රෑ උනාම මම උයනවා... පස්සෙ එකට කාල නිදියනව... මගෙ එහා පැත්තෙ කාමරේ තමා හියුනුයි තේයොයි ඉන්නෙ.... ඔහොම තම මේ සතිය ගෙවුනෙ..මම දැන් ගොඩක් සතුටෙන්.....
අද ඉරිද දවසක්...මමයි හියුනුයි හිටියෙ ලිවින්ග් රූම් එකේ....අපි එක එක ඒව කතා කර කර හිටියා...
ඒත් එකපාරටම වාහනයක හෝන් සද්දයෙක් ඇහුන නිසා මම නැගිටල ගිහින් බැලුව..ඒ ඇවිත් තිබුනෙ ජින් හියුන්...." එන්න හියුන්...."
ජින් හියුන් කලබලෙන් වගේ හිටියෙ...
" ඇයි හියුන්...ප්‍රර්ශනයක් ද..? "
" ඔව් කුක්....මට ඔයයි ටේයි එක්ක කතා කරන්න ඕනි..."
ජින් හියුන් කලබලෙන් වගේ කියපු නිසා මම ගිහින් ටේහියුන් හියුන් ලගින් වාඩි උනා...
" කියන්න හියුන් ...මොකක්ද ප්‍රර්ශනෙ...?"
" ටේ...මේකයි...ඔයා දන්නවනෙ මගෙ හස්බන්ඩ් නම්ජුන්...එයාගෙ ඔම්මල හිටියෙ USA වල...ඒත් අද උදේ හදිස්සියෙ කෝල් එකක් ආව නම්ජුන්ගෙ අප්ප නැති උනා කියලා... ඉතින් එහෙ බිස්නස් බලාගන්න කෙනෙක් නෑ....නම්ජුන්ට එහෙ එන්න කිවුව..මටත් යන්න වෙනව...එහෙ බිස්නස් බලාගන්න ඕනෙ නිසා අපි එහෙ පදිංචි වෙනව ටේ..ආයෙ මෙහෙ එන්නෙ නෑ...නිවාඩුවකට වගේ ඔයාලව බලන්න එන්නම්...
ඒ නිසා ඔයාලගෙන් උදව්වක් ඕනි..."
YOU ARE READING
TAEKOOK SHORT STORYS
RomanceTop kook and Top Tae FF and NF Smut Short story S A K U R A ♡