සීත හිරැ
----------------------------------------------
ඇති සේ නා බී විනෝද වී වෙරිමතින් අප්රසිද්ධ නවාතැනකට ගොඩවැදුනු ඔවුන් වෙන වෙනම කාමරවලට ඇතුලු විය... අෂ්වින් හා ෂයිනි එක කාමරයක ඇතුලු වුවත් දැඩි වෙරිමතින් උමතු වී සිටි දෙදෙනාම එවලෙහිම නින්දට වැටුනි...
"අදනම් පව් ෂයිනි...." නිසල් එසේ පවසමින් ඇදේ වැතිරැනේය...
"පිස්සුද බං... දෙන්නම ඩොපේ වැඩි වෙලා දොයි ඇති..." එසෙ කියූ රහල් පොරෝනයට ගුලි විය...
පසුදා උදෑසන අෂ්වින් අවදිවනවිට බොහෝවෙලා ගත වී තිබිනි... අවදිවනවිට තම ඇගට අතක් දමා නිදාසිටින සුරෑපිණිය ෂයිනි දුටුවද ඔහුගේ සිතට පිළිකුලක් දැනිනි... මේ එසේ සිදු වූ පළවෙනි වතාවය...අෂ්වින් ඒ පිලිබද කල්පනා කරන්නට විය..
" මචන් ..උදේම නිගම්බු ටවුන් එකක වටයක් දාමු.." මෝටර් රියේ රියදුරැ අසුනට බර වූ රහල් පැවසුවේ පසුපස අසුනේ අෂ්වින්ට තුරැලුව සිටින ෂයිනිත් ඇය ගැන තැකීමක් නොකර දුරකථනය ක්රිඩාවක නිරත වෙමින් සිටින අෂ්වින් දෙස බලමිනි..
අෂ්වින් සෙල්ලක්කාරයකු උවත් ඔහුගේ හදවත පිරිසිදු බව මිතුරන් දනි...ඔහුට හැමවිටම වුවමනා කරේ පියාගේ දේශපාලනය නිසා හිමි වූ ආරක්ෂකවරැත් , නිතීරීතිත් විසිකර දමා නිදහසේ ජීවත් වීමටය... එහෙත් ඔහුහේ අවිනීත හැසිරීමනම් වෙනස් නොවුනි..
කෙතරම් සුවසේ ජීවත් වුවද සාමාන්ය කෝපී කඩයකින් ආහාර වේල ලබාගත් මිතුරෝ නැවත මෝටර් රිය වෙත ගමන් කළෝය...
" උඹයි රහලුයි හරි , උඹලගෙන් කවුරැහරි පිටිපස්සේ වරෙන් මං ඩ්රයිව් කරන්නන්.." රහල් අත වූ යතුර උදුරාගත් අෂ්වින් මෝටර් රියේ ඉදිරි අසුනට බරවිය..රහල් හා නිසල් ඔහු දෙස බැලුවේ සුපුරුදු බැල්මෙන් නොවේ... ඔහුගේ අමුතු වෙනසක් දක්නට ඇත...
දහවල් වනතුරැම මීගමුව නගරයේ කරක් ගැසුවද ඔහුගේ සිත චංචලව තිබිනි..ඔහුටත් නොදැනීම ඔහු රිය ධාවනය කරේ මීගමුව වෙරල තීරය දෙසටයි..දහවල් හිරැ තද රශ්මියක් ගෙන ආවේ ඇස්මත මිරිගුවක් දිස් කරමිනි..මුහුදු රළ වෙනදාටත් වඩා වේගවත් යැයී ඔහු සිතීය.. වෙරල තීරය පාලුවට ගොස් ය..
ඇයි බං මෙහෙ ආවේ..." නිසල් පැවසුවේ කෝපයෙනි..
"බේ..වට් ආ යූ ඩුයින්ග් අහ්... නො ෆනි... නෝ එන්ජෝයි... වට්ස් රෝන්ග් විත් යූ..." ෂයිනි පැවසුවේ ඉදිරි අසුනට බරව අෂ්වින්ගේ කරවටා අත යවමිනි..
" ඉනෆ් ෂයිනි...ප්ලීස් ඩෝන්ට් ඩිස්ටර්බ් මී... ඉෆ් යූ නීඩ් ෆනී... ප්ලීස් ගෝ ..ඇන්ඩ් එන්ජෝයි යුව සෙල්ෆ්..." ෂයිනිගේ අත ඉවතට විසිකර අෂ්වින් මෝටර් රියෙන් බැස ගල්පර දෙසට ඇවිද ගියේය.. ඔහුගේ සිත චංචලව තිබිනි... දෝලනය බට්ටා ඔරලෝසු මෙන් එයද දෝලනය වනවා සේ ඔහුට දැණිනි.....
---------------------
ඈත සයුරැ තෙර දෙස මොහොතල් බලා සිටි ඔහු මොහොතකට ඇසිපිය වසා ගත්තේය... ඒ දෙනෙත් තුල රැවක් ඇදිනි... අවතාරයක් දුටු කල මෙන් භීතියට පත් ඔහු වහා දෙනෙත් විවර කලේය... ඒ රැව ඔහු පෙරදින දුටු යුවතියයි... මොහොතකට දෝලනය වෙමින් තිබු ඔහුගේ සිත නිශ්චල වනවා ඔහුට දැනුනි...
" මේ මොකද මට පිස්සුද?...." බෙල්ලේ මස්පිඩු පෙරලමින් ඔහු තමාටම කියාගත්තේය... නැවත් මෝටර් රිය දෙසට ගිය ඔහු දෙස මිතුරන් දෙදෙනාත් ෂයිනිත් බලා සිටියේ කන්නට මෙන් ය....
"මොකෝ..." එසේ කියමින් ඔහු මෝටර් රිය පණ ගැන්නුවේය... ෂයිනිගේ ඇස්වල කදුලු පිරී තිබිනි.. මොහොතකට ඔහු නැවතත් ඔහුගේ වෙනස කුමක්දැයි මෙනෙහි කලේය... මීගමුව රෝහල පසුකල විට හමුවන පිට්සා හට් අවන්හලේ අසල රිය නැවතූ ඔහු එයට ඇතුලු විය... නොසැලිකිලිමත් ලෙස වාහන අවහිර වන අන්දමෙන් ඔහු මෝටර් රිය නවතා තිබිනි...
" වන් ඩෙවල් චිකන් ටු ලාර්ජ් පිට්සා ඇන්ඩ් ජම්බෝ කෝක් ප්ලීස්..." නිසල් හා රහල් ඇනවුම් කරන අතර ෂයිනි අෂ්වින්ගේ උකුල මත වාඩි වී සිටියාය...
" ටේක් දිස් සර්...තැන්කියු... කම් එගෙයින්.." අවනහල් සේවකයා ආහාර නිසල් අත තබමින් කීවේ අමුතු බැල්මකිනි...
සගයන් හා ෂයිනි අසුන්ගත් පසු රියදුරැ ආසන සදහා දොර විවර කරනවාත් සමග අෂ්වින්ගේ ඇස ගැටුනේ වාහනයේ ඉදිරි කන්නාඩියේ අලවා තිබු කඩදාසිය වෙතය..එහි මෙසේ ලියා තිබුනි..
" ඒ මී හරකෝ... ලොකු ලොකු වහන එලෙව්වට වැඩක් නැහැ මාර්ග නීති දන්නේ නැත්නම්...". එහි රවුම් ලොකු අකුරෙන් ලියා තිබිනි..අෂ්වින්ගේ දෙනෙත් රතුව ගියෙ කෝපයටය...ඔහු වටපිට බැලුවේය...පොතක් අතැතිව මෝටර් රියට ඉදිරියෙන් සිටගෙන සිටි පුද්ගලයා දෙසට ඔහුගේ ඇස් යොමුවිය...
" ඒයී මෙහෙ එනවා...." අෂ්වින්ගේ හඩ දැඩී වී තිබිනි...
අගක් මුලක් නොදත් කොලුවා ඔහු දෙසට ඇදෙද්දී රථයේ සිටි අය එලියට බැස ගත්හ..
" අෂියෝ පිස්සු නටන්න එපා...උඹ ආයේ ලෙඩක් දාගන්නද යන්නේ..." රහල් අෂ්වින්ගේ උරහිසට අත තබමින් පැවසුවේ තරැනයා සමග පැටලේවි යැයි බියෙනි...
"ඇයි සර්..." තරැනයා අසත්ම අෂ්වින් ඔහුගේ කොලරයෙන් අල්ලා ගත්හ...
" තමුසේ මොන හයියකින්ද මේක ඇලෙව්වේ"
" අනේ මම නෙවෙ සර්...."
අෂ්වින් තවත් ඒ තරැනයාව තමා දෙසට ඇද ගත්තේ පහරක් ගැසීමටය...
-------------------------------------------
"මේ බං උබ නිසා අර කොල්ලා ගුටි කයි වගේ.." පිට්සා අවන්හලට වම්පසින් තිබු බස්නැවතුමේ සිටි යුවතියක් අනෙක් යුවතියට කීවාය...
"ඇයි ඒ..."
"ඇයි කියලා අහන්නේ... උබ අර වාහනේ අලවලා ආපු කොලේ නිසා... අයිතිකාරයා උබ වෙනුවට වෙන එකෙක්ට තඩි බාන්නයි...අපි ෂෙප් වෙමු හිමිට..." ඇය කීවේ බියෙනි..
" වරෙන් අපි නිසා කවුරැත් ගුටි කන්නේ ඇයි...". වාහනයේ කොලය ඇලවු යුවතිය එදෙසට කඩිනමින් දුවන්නට විය... බියව සිටි යුවතියද ඇය පසුපස ඇදිනි... පාරේ රැස්ව කෝලහාල නරඹන පිරිස අතරින් ඇය රිංගා ගත්තේය...ඒ වනවිටත් අෂ්වින් අර තරැනයාට පහරක් ගැසීමට සූදානම් වේ..
" ඒයී...." කෑගසමින් ඉදිරියට පැමිනි යුවතිය අත තිබු වතුර බෝතලයෙන් අෂ්වින්ගේ පිටට දමා ගැසුවේ බලා ඉන්නන් පුදුම කරමිනි...
" මොන යකාද මේ...." බෝතලය පිටට වදිනවාත් සමගන අෂ්වින් කෑගසමින් ඇය ඉදිරියට හැරැනේය...
" හොයලා බලන්නේ නැතුව මනුස්සයෙක්ට ගහන්න එපා හලෝ..මමයි ලිව්වේ..." ඔලුව දෙපැත්තට වනමින් ඇස් නටවමින් තමාට බැන වදින සුරතල් යුවතිය දිහා අෂ්වින් බලා සිටියේ ඇසිපිය නොහෙලාය...
" සමාවගන්නවා ඔය මනුස්සයාගෙන් ...
ඊට පස්සේ මා එක්ක පැටලෙනවා..." ඇය කීවේ අෂ්වින් තදින් අල්ලා සිටි තරැනයාගේ අත ඉවතට අදිමිනි..
" සමාවෙන්න..." අෂ්වින්ට කියවිනි...
රහල් පැමින තරැනයා අත රැපියල් පන්දහසක් තැබුවේ සමාව ඉල්ලමිනි... රහලුත් නිසලුත් පුදුමයෙන් බලා සිටියේ කවදාවත් කාගෙවත් අණකට යටත් නොවන අෂ්වින් පරාජය වු හැටිය... තවමත් අෂ්වින් ඇය දෙස බලා සිටි ...මිතුරන් ද ඇය බැලීමට ඉදිරියට වූහ... මහා දැවැන්තයා පැරද වූ යුවතිය කවුද.... විශ්වාස කරන්න ඈ හනාෂියි... පෙරදා වෙරලේදී දුටු යුවතියයි... මොහොතකට පෙර තම දෙනෙත් තුල ඇදි රැව ඇයයි... අෂ්වින් සිටියේ ගල් ගැසුනා සේ.