සීත හිරැ
රහල්... මාව මං කිව්ව තැනට ගෙනියන්න..."
"නංගි මේ මගේ යකා අවුස්සගන්න එපා...තමුසෙ මුරණ්ඩු උනොත් අෂ්වින් වගේ නෙවේ මං...නොදන්න දේවල් මැද්දට පනින්න එපා... " රහල් කීවේ සැරෙනි... හනාෂි ඔහු දෙසම බලාගෙන සිටියේ ගිනියම් වූ දෑසෙනි...
--------------------------------------
"අම්මී....අම්මී...." රහල්ගේ සද්දෙට නිමලි දුවන් ආවේ පුටුවකුත් තල්ලු කරගෙන.... ඒත් ඇය දෙසට රහල්ව දැක්ක ගමන් ඇය නැවතුනේ රහල් එක්ක එන පොඩි කෙල්ලව දැකලා.. රහල් හනාෂිව ඇදගෙන ආවේ මරන්න ගෙනියන හරකෙක් වගේ..
"ආහ් අම්මේ මේකිව උඩ කාමාරේ දාලා දොර ලොක් කරන්න.." ආපු වෙගෙන්ම හනාෂිව තල්ලු කරපු රහල් සෝෆාවේ වාඩි උනේ කෙල්ලගේ මූණවත් නොබලා.. නිමාලිනම් ඉන්නේ උනේ මොනාද හොයාගන්න බැරැවයි..ඒ වගේමයි රහල්ගේ නපුරැ මූණ නිසා අහන්න යන දෙවලුත් උගුරට ආවේ නැහැ...
"දුව උඩ දෙවනි කාමරේට යන්න... " නිමලි එහෙම කියද්දි හනාෂි රහල් දිහා බලාගෙන ගස්සලා පඩිපෙල නැග්ගා...
යකෝ මේකිගේ ගෙදර වගේ ගිය හැටි..රහල් හිතින් හිනාවෙවී හිතුවත් මුනේ වෙනසක් පෙන්නුවේ නෑ.. නිමලි රහල් ලගට එද්දිම රහල් කලින් මවාගෙන ආපු බොරැවම කිව්වා... අෂ්වින් හනාෂි රණ්ඩු උන නිසා ටික දවසක හනාෂි මෙහෙ ඉන්නවා කියලා කියපු රහල් ආයේ පිටත් උනා...රහල් කිව්ව දේ ගැන සැකයක් තිබ්බත් නිමලි පස්සේ මේ ගැන අහන්න තීරණේ කරේ රහලුත් ඉන්නේ ප්රශ්නෙක වගේ නිසා..... රහල්ගේ හිතේ ඉන්න කෙල්ල හනාෂිද කියලා නිමලිගෙ හිතේ පොඩි සැකයකුත් තිබ්බා..මොකද රහල්ගේ කාමරේ හනාෂිගේ ෆොටො එකක් තිබ්බා... ඒ රහල් කම්පැනි එක භාරගත්ත දවසේ උත්සවේදි ගත්ත එකක්..
අෂ්වින් හිටියේ හරිම දුකෙන්..තමන්ගේම නොසැලිකිලිමත් කම , වැරදි නිසා සැනසීම ආයේ ලංවෙන එකක් නෑ කියලා අෂ්වින්ට හිතුනා..හිනාවෙන්න හදන හැමතිස්සෙම අඩන්න හෙතු දහක් අෂ්වින්ට ආවත් කොල්ලට මෙච්චර කලකිරැනේ නෑ..හනාෂිගේ හිතේ විශ්වාසයක් ඇති කරන්න ආයෙ මේ ආත්මෙක බැරි වෙයි කියලා අෂ්වින් දැනන් හිටියා.. පොඩ්ඩ බැරි වෙද්දි මූණ එල්ලගන්න හනාෂිට බැනපු විදිහටත් කොල්ලා පසුතැවුනා...
කාමරේට ගිහින් දොර වහගත්තු හනාෂි වෙනදනම් මේ වගෙ වෙලාවකදි අඩලා...ඒත් මේ වෙලේ ඒ ඇස් වෙලීලා.ඒ ඇස්වල තිබ්බෙ තරහක් විතරයි...ඒත් හිත කොනෙන් අෂ්වින් වෙනුවෙන් කෙල්ල ඇඩුවා...හිත ඇතුලෙන් ප්රශ්න කරා තව ටිකක් ඉවසන්න තිබුනා නේද කියලා.... ඒත් මොලේ ඉස්සර වුනේ අෂ්වින් කියන්නේ නරැමයෙක් කියලා මතක් කර කර...
----------------------------