සීත හිරැ
——————————
හිතට නුහුරක් දැනෙද්දි ඇය වෙර යොදා නැගී සිට ඇය ඉදිරියට දුව යද්දි අෂ්වින්ගේ වාහනය ගේට්ටුවෙන් එලියට දැමුවේය..ඔහුගේ මුහුණ ලාවට මෙන් ඇයට පෙනිනි..
" අනේ යන්න එපා අෂ්වින්.." ඇගේ යටිසිත කෑගැසීය...
" අෂ්වින්.. අෂ්වින්..." ඇය කෑගසාගෙනම බිම ඉදගද්දි රහල් මෙන්ම නිවසේ සේවක සේවිකාවන්ද දුව ආහ..
" හනාෂි ඇයි මේ..." රහල් ඇයව වත්තම් වෙද්දි ඇය සිහිසුන් විය...
🍃🍃🍃🍂🍂🍂🍂🍃🍃🍃හනාෂිව දෝතටම ගත් රහල් ඇය සුවපහසු ලෙස සෝෆාවේ දිගුකර සේවිකාව ගෙනත් දුන් වතුර පොදක් ඉස්සේය..ඔහු ඒ කොපුල්වලට තට්ටු කරමින් වතුර ඉසමින් අවදි කිරීමට උත්සහ කරේය..
හනාෂිගේ දෑස් මත කළුගල් පටවා යැයි ඇයට සිතුනි..හනාෂි කෙමෙන් කෙමෙන් ඇස් පිහාටු චලනට කරමින් විවර කරාය.. බොද වු ඡායාවල් නිසා ඈ කීපවරක්ම ඇසිපිය සලා එය පැහැදිලි කරගත්තාය.. ඇගේ මුහුණට නැඹුරැව සිටියෙ රහල් ය.. ඇයට සිහි ලද විගස ඔහු ඇයව වත්තම් කරගෙන ෆෝෆාවේ ඉන්දුවේය...
" හනාෂි මොකද උනේ අහ්...." රහල් ඇසුවේ ඒ අතක් පිරිමදිනි... ඔහු අසද්දි ඇය කෙමෙන් මතකය ආවර්ජනය කරගද්දි ඒ වෙලෙහි දැනුනු නුහුරැ හැගීම ඒ සිත වෙලාගත්තේය.. ඇයගේ කොපුල් තෙමාගෙන කදුලක් වැටිනි..
" මට..මට කලන්තයක් වගේ ආවා..." ඇය සිතුවිලි සගවා ගනිමින් පැවසීය..
" ප්ලීස් මාව කාමරේට එක්ක යන්න...." ඇය කීවේ උඩුමහලට අත දිගු කරමිනි.. එකෙනෙහිම ඇයව දෝතට ගත් රහල් ඇයව උඩුමහල කරා රැගෙන ගියාය..
හනාෂිව යහන මත තැබූ රහල් ඇය අසලම පුටුවක් ගෙන ඉදගත්තේතේය... මොහොතක් ඇය දෙසම බලාගෙන ඉද්දි කල්පනා සයුරක ගිලි සිටි ඇයද ඔහු දෙස බැලුවේය..
" මොකක්ද ප්‍රශ්නේ හ්ම්..." රහල් ඇසුවේ දෙබැම ඔසවමිනි..
" අෂ්වින්.. එයා වැරදි නෑ නේද... මට එහෙම හිතෙනවා... මට හරි දුකක් , අමුත්තක් දැනෙනවා.. එයා අවිශ්වාස කරලා එයාට රිද්දුවා වගේ...." හනාෂි කීවේ නෙත් තුල වූ කදුලු සගවා ගනිමිනි.. මොහොතක් රහල් ඇය දෙස බලා ඉද්දි ඇය අහක බලාගත්තාය...
" ඔයා හරි... ඌ වැරදි නෑ.. උන හැමදේටම ඌ පැටලිලා..." එසේ කියූ රහල් දිගු හුස්මක් ගෙන නෙශදි ගැන දන්නා සියලු දේ කීවේය..හනාෂි සිටියේ ෆිල්ම් එකක් සේ සියල්ල සිතේ මවාගනිමින් පුදුම වෙමිනි...
"ඇයි මගෙන් හැංගුවේ.. ඇයි මට කිව්වෙ නැත්තේ දෙයියනේ...." හනාෂි ඇඩුවේ දෝතින්ම මුව වසාගෙනය...
" කියන්නේ කොහොමද බබා... ඔයා කියන්න දුන්නේ නෑනේ..." ඔහු ඇගේ හිස පිරිමැද්දේය.. ඒ විටම වාගේ ඔහුට දුරකථන ඇමතුමක් ලැබිනි... ඒ නිමල් ය...
👮 මචං අෂ්වින් කෝ... " රහල් කතාකිරීමට පෙර ඔහු කීවේය..
" නිසලයා එක්ක පොඩි ගමනක් ගියා..ඇයි කෝල් එකක් අරන් බැලුවේ නැද්ද..."