---------------" ඇයි ඩොක්ට..." අෂ්වින් නැවතත් ඇසීය..
" අනේ ...මේ දරැවට මේකවත් තේරෙන්නෙ නැද්ද..? දුව ප්රෙග්නට්.. " වචනය අෂ්වින්ගේ කන හරහා විදුලි කෙටුවා සේය.. ඔහුට ඇදෙහි ඉන්දවිනි.. මේ සියල්ල අඩ නින්දෙහි සිටි හනාෂිටන ඇසිනි.. ඇය පොරෝනය යට තිබු තම දෙඅත් ගුලි කරගත්තේ කෑගැසීමට පණක් නැති නිසාය.. වැටීමට ආ කදුලු ඇය මැඩගත්තේ තව තවත් නෙත් තද කරමිනි.. ඇස් අගින් කදුලු කැට වැටිනි..
" පුතා මං එක්ක කතා කරමු පොඩ්ඩක්.. මට විශ්වාසයි විසදුමක් තියෙයි..." එසේ පැවසූ වෛද්යවරයා ඇසු සෑම දෙයකටම අෂ්වින් පිලිතුරැ දුන් ආකාරය ඇය අසා සිටියාය.. ඔහු ඇය හා වු සිදුවීම් දින පිටින් මතකයේ තබා සිටියි.. ඇයට පුදුමය ඇය නම් අමතක කර දැමුවෙත් මතක් කිරිමට අකැමැතිම එදවස්ය.. ඔහු මෙසේ තරැණියන් කී දෙනෙකු සම්බන්ධ තොරතුරැ මතකයේ තියා සිටිනවා ඇත්ද?... ඇයට එක්වර සිතිනි..
"බය වෙන්න එපා පුතා.. විස්තර අනුවනම් වැඩි කාලයක් නැහැ.. ඇබෝෂන් එකක් කරන්න පුලුවන්.. ටැබ්ලට් ඕන තරම් තියෙනවා.. මං කියන්නේ දුවගෙයි පුතාගෙයි දෙන්නගෙම හොදට.. " වෛද්යවරයාගේ වදන් ඇයව පණපිටින් චිතකයට දැමුවා සේ දැනිනි.. අෂ්වින්ගේ ඇස් තෙත් වී තිබිනි.. ඔහු බිත්තියට මිට මොලවා පහරක් ගැසුවේය..තමරා හනාෂි කෙරේ උපන් අනුකම්පාවෙන් ඒ හිස අතගෑවාය.. මවක වශයෙන් තමාට මේ සදහා එකග විය නොහැකි වුවද අෂ්වින්ගේ පියා දැනගත් කල මේ යුවතියගේ ජිවිතයට විසුමක් නොවන බව ඇය දනී.. ඒ නිසාම ඇය ඒ සදහා එකග වුවේ මෙය මේ තිදෙනා අතර පමණක් තිබිය යුතු රහසක් බව අවධාරණය කරමිනි..
" පුතා මේ මොකද කරේ... " වෛද්යවරයා පිට වූ පසු අෂ්වින්ගේ දෙවුර සොලවමින් තමරා ඇසීය..
" අනේ අම්මි මං මොකද කරන්නේ... " මේ තමන් ඇසුරැ කල වෙන ස්ත්රීයක් නොව ඇයයි.. ඒ කුඩා දැරියයි.. ඔහු හිසකේ ඇදගනිමින් පිස්සකු මෙන් ඇය ලගට පැමිනියේය..තමාගේ හද සැලු ඒ ගෑනු හිසමත ඔහු අත තැබුවේය...
" කරැණාකරල අත ගන්න අෂ්වින්..." ඇය අවදි විය... ඒ හඩ සංසුන් ය..
" දුව ඔයා..." තමරා ඉස්සර විය..
" ඔව් මං සේරම අහන් හිටියේ.. ඔයාලා බය වෙන්න ඕනේ නැහැ.. මාව ගෙදර යවන්න... "ඒ ඇස්වලින් කදුලු වැගිරේ .. ඇය සංසුන්ව සිටිනවා සේ සිටීමට උත්සහ කරත් එය බොරැවක් බව ඒ ඇස් සාක්ෂි දැරීය..
" මේ දරැවා ඔයාගේ නෙවේ..." හනාෂිගේ වචනයෙන් තමරාගෙ ඇස් විසල් විනි...
" හනාෂි..." අෂ්වින් කෑගැසුවේය...
" ඇයි මං නිදාගත්තේ තමුසේ එක්ක විතරද.. තමුසේ බලන් හිටියද මං කියන කරන දේවල්.." ඇයට කියවිනි.. ඇයගේ කටින් පිටවන වචන පිලිබද ඇයට අවබෝධයක් නොවීය.. ඇයට අවැසි වුයේ කෙසේ හෝ මේ මර උගුලෙන් බේරිමටයි.. අෂ්වින්ගේ ඇස් ගිනියම් වූවේ බියෙනි.. ඒ ඇස් දැක හනාෂි බියවීය..
" උඹ මොනාද කියන්නේ බැල්ලියේ..." අෂ්වින් දැන් පහර දේවි යැයි ඇයට සිතිනි.. ඒ ඇස් ඒ තරම් නපුරැය..
" උඹ මාව රවට්ටනවද....උඹ මේ අෂ්වින්ගේ ගෑනී... උඹට පුලුවන්ද මාව රවට්ටන්න.." ඔහු ඇයට අත ඉස්සීමට බැරි කමට විදුරැ මල් පොච්ව්යක් පොලවේ ගැසීය..
" හරි මේ තමුසෙගෙ දරැවා වෙන්න පුලුවන්.. මටත් වුවමනාවක් නැ තමුන් වගේ තිරිසනෙක්ගෙ දරැවෙක් බඩේ තියන් ඉන්න.. ඒ නිසා පුලුවන්නම් මාවයි මේ දරැවවයි දෙන්නවම මරපන්..." ඇය කෑගැසීය..ඔහු ඉද්ද ගැසුවා සේ නැගිට ඇයට වැරෙන් කම්මුල් පහරක් ගැසීය.. ඇය නොවැටී බෙරැනේ තමරා සිටි නිසාය..
" පුතා..." තවත් පහරක් ගැසීමට පෙර තමරා ඔහුව වැලක්වුවේය.. ඔහුට ඇති එකම ලෙඩේ මෙයයි.. අධික කෙන්තියයි.. ඔහු කේන්ති ගිය වෙලාවට ඔහුට සිතුනු දේ කරයි... තමරාගේ හදවත වේගයෙන් ගැහිනි..
" හිතක් පපුවක් නැති මිනිස්සු.." ඇය කීවේ ඒ රත් වූ කම්මුල් තම අත්ලෙන් පිසදා ගනිමිනි..
" දරැවා මගේ නේද..." අෂ්වින්ට අවැසි වුයේ එය දැන ගැනීමටයි.. ඒ ඇස් තවමත් ඒ කෝපයෙන්මය.
" ඔව්..උබේ තමා..." හනාෂි කිවේ කෑගසමිනි..
" මං මේක නැති කරන්න කැමැති..." පළමුව අෂ්වින්ගෙන් බේරි ගොස් කෙසේ හෝ ජීවත් වීමට සිතුවත් ඇය තීරණය වෙනස් කලේය.. සියල්ල අවසන් විය යුතුය.. අෂ්වින්ගේ ගිනියම් වූ ඇස් දිලිසිනි..
" මේ මං ආදරේ කරපු මිනිහෙක්ගේ දරැවෙක්නම් ඒ මිනිහා මාව දාලා ගියත් මං මේක තියාගන්නවා... ඒත් මේ මාව විනාශ කරපු මිනිහගේ දරැවා.. "
" මං මේ දරැවව නැති කරනවා.. ඒ ඔයාගේ නිසා.. ගැහැනියෙක්ගේ වටිනාකම දන් නැති පිරිමියෙක්ගේ නිසා.." ඇය ඔහුට ශාප කරේය..
බිම වැටී සුනු විසුනුව ගිය මල් පෝචිචියේ විශාල විදුරැ කැබැල්ලක් ගත් ඔහු එය තම මැනික් කටුව ලග තබා ගත්තේය..
" අෂ්වින්..." ඒ ඇයයි...ඒ ඇස් බියෙන් පිරිනි..
" පුතා මොකද කරන්නේ.." තමරා නැගී සිටියාය..
" උඹ තව එක වචනයක් හරි කිව්වොත් මං මේ අත කීතු කීතුවලට කපාගන්නවා..." එවරනම් හනාෂි බිය වුවාය.. ඔහු ඉක්මන් කේන්තිකාරයෙක් බව ඇයට පසක් විනි.. මෙය සංසුන්ව විසදා ගත යුතුය..
" අෂ්වින් මෙහෙ එන්න..." ඇය ඔහුගේ නමින් ඇමතීය..අෂ්වින් හාවෙකු මෙන් ඇය ලගට පැමින වාඩි ගත්තේය..අෂ්වින් අත තිබූ විදුරැ කැබැල්ල අතට ගත් ඇය එය තමරා අත තැබීය...
" මැඩම් යන්න.. මං එයා එක්ක කතා කරන්නම්..." ඇය පැවසීය.. අෂ්වින් දෙස බලා තමරා සුසුමක් හෙලීය.. තමරා පිටවුවේ දෙදෙනා දෙසම බලමිනි..
" කියන්න බබා..." ඒ කේන්තිය පහව ගොස් තිබිනි.. ඔහුගේ මේ වචන හනාෂිගේ හිතේ පිලිකුලක් ඇති කලත් ඇය එය ආයාසයෙන් මැඩ ගත්තාය..
" මං ඔයාලා කතා උනු විදිහට හැමදේම කරන්න කැමැති..." ඇය පැවසුවේ ඒ තරහ ගිය පිරිමි ඇස් දෙස කෙලින් බලමිනි..
" ඒ මගේ දරැවෙක් නිසා නේද?.." ඔහුගේ හඩ වේදනාවෙන් මිරිකිනි.. ඔහු වෙව්ලමින් කීවේය..
" ඔව්..ඇය කීවා නොව සිතුවා පමනි..
" නැහැ.. අපි මැරි කරපු දෙන්නෙක් නෙවේ.. ආදරේ කරපු දෙන්නෙක් නෙවෙ.. අපි අතින් වැරදි උනා.. අනික මං මැරෙන්න ගිහින් බේරැනු කෙනෙක්.. දරැවෙක් හදන් ජීවත් වෙන ජීවිතයක් ගැන මට හිතන්න බැහැ.. අනික ඔයා විශේෂ කෙනෙක්... මෙහෙම දෙයක් උනොත් අපි අතර විතරක් තියෙන් නැහැ.. මුලු රටම දැන ගනී.. ඊට වඩා හොදයි මං මැරෙනවා.." ඇයගේ හැඩුම්බර වදන් ඉවසනු බැරි තැන ඔහු කාමරයෙන් පිටතට ගියේය...
" අම්මී..." කාමරයෙන් දොර ඇර එලියට එත්ම එහි සිටියේ තමරා මහත්මිය..ඇය සිටියේ සියල්ලටම සවන් දීය..
" එයා බොරැ කියන්නේ අම්මී..මට වෛර කරයි තවත්.." ඔහු ඒ උරහිස් මත මුහුණ හොවා ගත්තේය..