------------
හනාෂි සිහිසුන් වූයේ අෂ්වින්ගේ අත් මතය.. ඔහු ඇයව ඇදේ හාන්සි කර දොර ඇරියේය.. තමරා දුව ආවාය.. වෛද්යවරයා ඇයව පරික්ෂා කර බලා පිටව ගොස් හෝරාවකට පසු ඇය අවදි විය.. අෂ්වින් වුයේ කාමරයේ ඒ මේ අත ඇවිදමිනි..
" බබා... " ඔහු දිව ආවේය..
" ඔයා නැගිට්ටද..? "
ඇය මහත් ආයාසයෙන් ඇදෙහි ඉදගන්නට තැත් කලාය.. එක් අතක් වෙලුම්පටිවලින් ඔතා තිබිනි...
" අෂ්වින් සර්..."
" සර්... තව ලොකුකම් දාන්නේ මේ මටද... මතක නැද්ද කලන්තේ දාන්න කලින් කිව්ව දේවල්..."
අෂ්වින් කියන්නේ කුමක්දැයි හනාෂි ආවර්ජනය කලාය... ඇයට ලැජ්ජා සිතිනි.. ඒ ඇස්වල කදුලු පිරැනේ බලා ඉද්දීය..
" සමාවෙන්න අෂ්වින්.. මං ඔයාලා අතරට එන්න හැදුවෙ නැහැ... " ඇය කියු දෙයට අෂ්වින් උන්නේ බිරාන්ත වීය..
" කවුද ඔයාලා..."
" ඇයි...ඔ..යයි... එදා ආව කෙල්ලයි.. " හනාෂි කියත්ම අෂ්වින් කෑ ගසා සිනාසීය..
" හොදට රැවටිලා..."
" රැවටිලා..."
" හ්ම්...ඕ..." අෂ්වින් අවුත් ඇය අසලින් ඉදගත්තේය..
" ඒ හැමදේම කරේ ඔයාට පේන්න පණ...ඒ ලමයා මගෙ යාලුවෙක්.. මං එදා එයාව එක්ක ඇවිත් රගපෑවේ ඔය ඇස් දිහා බලාගෙන.. ඔයාගේ ඇස්වල ඉරිසියාවවත් තිබ්බෙ නැහැ බබා.. මේ පපුව පැලුන් නැති එක විතරයි.. මං කෙලින්ම ගියේ නිසල්ගේ ගෙදර.. නැගිට ගන්න බැරි වෙනකම් බිව්වා..."
අනේ... මෙතරම් ආදරයක් දමා තමා දිව යාමට සිතුවා නොවේද.. තවනම් බලා සිටින්නට බැරිය.. ඇය ඔහුව වැලද ගත්තේය.. ඒ නිල් ඇස්වලින් කදුලු කැට විසිරි ගියාය.. අෂ්වින්ගේ සුදු කමිසය ඒ ඇස් තෙත් කලේය..
" මැණික.. මාව දාලා යන්න එපා..."
" නැහැ.. මං යන්නේ නැහැ..."
" කෝ බලමු ඔය මුහුණ..." අෂ්වින්ගේ කීමට හනාෂි ඔහු දෙස බැලුවේ ලැජ්ජාවෙනි.. අෂ්වින් දෝතටම ඒ වත ගෙන ඇගේ දෙතොල් සිප ගත්තාය.. සිතෙහි වූ වේදනාව විසිරි ගියා සේ ඇයට දැනිනි.. ඇයද ප්රථම වතාවට හැගීම්වලට මුසපත් විය.. ඇයද රිසි සේ ඒ පහස විද ගත්තාය.. ඒ ඇස් අනුරාගී වී තිබිනි. ඇය ඒ රාගී නෙත්වලින් ඔහු දෙස බැලුවේය.. අෂ්වින් තිගැස්සී එක්වරම පිටුපසට විය..
" සමාවෙන්න.." ඔහු කිවෙ වැරැද්දක් කරා සේය..
" ඇයි..." හනාෂි ඒ ගතෙහි එල්ලිනි.. ඔහු නැවතත් මෑත් විය..
" ඇයි අෂ්වින්.."
" මගේ අතින් වැරදි වෙයි... ආයේ ඔයාට වරදක් කරන්න බැහැ මට..". ඔහුගේ නෙත් තෙත් වුයේ හනාෂිට සිදු දේ සිහිකරමිනි..
"බබා... එදායි මෙදායි අපි වෙනස් බබා.. එදා ඔයා ඒ වරද කරේ ඔයා ගැන කිසි ආදරයක් හැගීමක් නැතුව ගහක් ගලක් වගේ හිටිය කෙල්ලෙක්ට.. ඒත් අද වෙනස්.. අද මං ඔයාට ආදරේ කරනවා.. අද මේ හිත ගහක් ගලක් වගෙ නෙවේ.."ඇය ඔහුගේ නළලත සිප ගත්තාය..ඔහුගේ ඇසින් කදුලු වැටිනි..
" අෂ්වින්..." ඇය ඔහුට ලං විය.. ඒ ඇස්වල ආදරයත් රාගයත් මුසු වී තිබිනි..
" ඔයා මගේ අෂ්වින්..."
" නැහැ... "
" එහෙනම්...."
" ඔයයි මගේ...." ඒ රාගී බැල්මට වශී වූ අෂ්වින් ඇයව පෙරලා ඒ ගතට බරවිය... ඔහු ඇගේ සිරැර සිප ගත්තේ පිස්සකු මෙන් ය.. හනාසි ප්රථම වතාවට හැගීම දැනීම ඇති ගැහැණියක වී සිටියාය.. ඇය පහස විද ගත්තේය.. නිරැවත් වී තිබු රන්වන් ශරීරයේ සෑම තැනකම ඒ ඇස් දිව්වේය..
" බබා...." ඔහු ඇසුවේ සිනාසීගෙනම..
"අෂ්වින්..."
" ඔයා අවුස්ස ගත්තේ එසෙ මෙසේ සතෙක්ව නෙවේ.. මේ අෂ්වින් හුගක් නරකයි..." ඔහු කීවේ අමුතුම ආකාරයකටය.. ඒ ඇස් වල්මත් වී තිබිනි...
" අම්මෝ මං දන්නවා..." හනාෂි කිවේ දෙයක් නොකියා බැරි කමටය...
" අනේ අයින් වෙන්නකෝ අෂ්වින්... ඔයා හුගක් බරයි..." හනාෂි කිවේ ලැජ්ජාවටය..
" හා දැන් තමයි බර තවත් වැඩි වෙන්නේ.." ඔහු නැවතත් ඒ දෙතොල්වලට බර වුයේ එසේ කියමිනි.. ඉතින් හනාෂි ඒ පහසට නතු විය.. ඔහු ඇගෙන් ඇස් අහකට ගත්තේ නැත.. අවසානයේ ඇගේ නළලත සිපගත් ඔහු ඇයව තුරැලු කරගත්තේය.. ඇය ඉකිබින්දේ එවිටයි..
" ඇයි බබා...."
" මං ගොඩාක් ආදරෙයි අෂ්වින්..."
" පිස්සී.."
" කොහොමහරි මගේ ප්රතිපත්ති කැඩුනෙත් නැහැ නේද.."
" ඒ මොනාද බබා..."
" මේ ජිවිතේටම එක පිරිමියයි...." ඇය සිනාසීය...
" මගෙ පණ...." අෂ්වින් ඇයව තුරැලු කරගත්තේය.. ඒ අමුතුම රැයකි.. ආදරයත් සමග මුසු වූ රාගික හැගීම දෙදෙනාම විද ගත්තේ ප්රථම වතාවටය.. රාග ගින්නේන් නිවිමට අෂ්වින් ගැහැණුන් කී දෙනෙක් ඇසුරැ කරන්නට ඇත්ද...ඒත් මේ අමුතුම හැගීම දැන ගත්තේ ඇයගෙනි.. අෂ්වින්ගේ රාග ගින්නෙන් දෙවරක්ම් පිලිස්සුනු හනාෂි අද පෙම්සුව විද ගත්තාය.. තමා මහ මෙරක් ආදරය කරන පිරිමියා සමග එය බෙදාගත්තාය.. ඒ සුන්දර රැය පහන් වුයේ දෙදෙනාගේම ගතත් සිතත් සැහැල්ලු කරමිනි..
------
" දුවේ දොර අරින්න..." උදෑසනම ඇවිදින් තමරා හනාෂිගේ දොරට ගැසුවේ සුවදුක් විමසීමටය.. ඒ වනවිටත් හනාෂි සුව නින්දේය.. තමරාගේ හඩ ඇසෙත්ම අෂ්වින් නැගිට ගත්තේ ඉද්ද ගැසුවා සේය.. රෙදි පෝර්නයට යට වී නිරැවත්ව ගුලි වී සිටිනා හනාෂිව ඔහු සිපගත්තේය..
"බබා... නැගිටින්න.. " අෂ්වින්ගේ හඩට අවදි වූ ඇය ලැජ්ජාවෙන් ඒ ගත වසා ගත්තාය.. ඔහු නැවතත් ඇයට හාදුවක් දුන්නේය..
" අම්මා ඇවිත්...මං බාත් රෑම් එක ඇතුලේ ඉන්නම්.. බබා ඇදුමක් දාන් බලන්න..". ඉක්මන් වූ හනාෂි පෙරදා රැයේ විසිරි තැනින් තැන තිබු ඇදුම් ගෙන ඇගලා දොර විවර කරාය..
" ගුඩ් මෝර්නිංං... දුව දැන් කොහොමද තත්වේ..."
"සමාවෙන්න මැඩම්... මං කරගත්තේ වැරදි වැඩක්..."
" දැන් ඕවා වැඩක් නැහැ... මං අෂ්වින්ව එක්ක එන්නම්... පව් කොල්ලා ඇඩුවා ගොඩක්.." තමරා ලැස්ති වුයේ අෂ්වින්ගේ කාමරයට යාමටයි.. හනාෂි ඉක්මන් වූවාය...
" ඊට කලින් මැඩම් මට වතුර එකක් ගෙනත් දෙන්න... මට කරකැවිල්ල වගේ.. " හනාෂි ඇගේ ගමන වලකාලීය...
" ඉන්න දුව..." තමරා මුලුතැන්ගෙට දිව්වාය... තමරා යනවාත් සමගම කාමරයේ සිට පැමිනි අෂ්වින් හනාෂිගේ කම්මුලක් සිපගෙනම පියගැට පෙලදිගේ දිව්වේය..
නානකාමරයට වැදුනු හනාෂි ඇගපත සෝදා සාලයට පැමිනියාය.. තමරා අවුත් ඇයට තේ පිලිගැන්වුවාය.. තමරා අෂ්වින් සොයා යාමට සැරසෙත්ම ඔහු ඔවුන් දෙසට එමින් සිටියේය...
" පුතා...මං එන්න හැදුවා විතරයි.. "
"මං දන්නවා අම්මී..."
" මොකක්ද..."
" අම්මී එන්න හැදුවා කියල...". අෂ්වින්ගේ වචන තමරා තේරැම් නැතිව බලා සිටියද හනාෂිටනම් සිනාය..
" අනේ අනේ අත තෙමන්... ඒ මදිවට ලෙහිලා...අම්මී.. ඔයා ෆස්ට් එයිඩ් බොක්ස් එක ගෙන්න..." අෂ්වින් කීවේ තෙමී ඇති වෙලුම් පටි දෙස බලමිනි..
" මං බෙහෙත් දාගන්නම්.." ඒ ඇයයි..
" ගුටි නොකා ඉන්නවා.. " ඒ ඔහුයි..
" ලෙහෙන් නැතුව තියෙයිද... හොද විසයක්නේ රෑ තිබ්බේ.." හනාෂි කිවේ සිතා නොවේ.. ඇයට කියවිනි.. ඒ වත රතු වී ගියේය..
" ඔවු හොද විසයක් තිබ්බ නිසානේ පාඩුවෙ හිටියේ..." ඔහු කිවේ හනාෂිගෙ වචනවලට වු අපහසුතාව මග හරිමිනි.
" ආ පුතා..." තමරා බෙහෙත් පෙට්ටිය මේසය මත තැබුවාය..
" අනේ ප්ලීස්ස්ස්... මං බෙහෙත් දාගන්නම්.. අනේ මැඩම්වත් කියන්නකෝ ..".
" විකාර නැතුව බෙහෙත් දාගන්න ළමයෝ.."