Episode 06

126 11 0
                                    

සීත හිරැ

-----------

බොහෝ දින ගෙවි ගියේය... තවත් වීමට දේ තිබේද.. එහෙත්ම තනිවම ජීවත් වීමටද නොහැක.. මවගේ පියාගේ වියෝවෙන් පසු නෑදෑ හිතමිතුරන් කියා කෙනෙක් සිටියාදවත් මතක නැත.. කොහේ කියා යන්නද?.. තවත් කෙනෙකුට බරක් විය නොහැක... මහණ විමට සිතෙකි.. තමාගේ නැති බැරිකම මුල් කොට මහණ වීම පවකි.. එහෙත් මේ ගත මෙන් සිතද කෙලෙසී අවසන්‍ ය.. සියල්ලම අවසානයේ අෂ්වින් ලග සිත නතර වෙයි.. රහල් සිහියට නැගේ... ඒ පිරිමි සිත තමා වෙනුවෙන් වැලපුනු අයුරැ මැවී පෙනේ.. නැවත අෂ්වින්ගේ පිරිස ගැන සිතීමත් ඒ උපකාර ගැනීමත් තමා විසින් තමාම කෙලෙසා ගන්නවා වැනිය.. 
       යහනට වී කල්පනාබරව සිටි හනාෂි ෆේස්බුක් වටා රස්තියාදුවක් ගියාය.. මොහොතකින් දුටු දෙයින් ඇයට උන්හිටි තැන් අමතක විනි..  මෙවර මුහුනු පොතෙහි රසකතාව අෂ්වින්‍ ය.. කතා නායිකාව හනාෂීය..  ඒ වෙනකක් නිසා නොව එදා ඒ දින මුහුදු වෙරලේ සිදු වීම නිසාය.. ඇය ඒ සම්බන්ධ තොරතුරැ එකිනෙකට පිරික්සුවේය..
    " අෂ්වින්ගේ තවත් නොමනා වැඩක්.. කෙල්ලෙක්ගෙන් ගුටි.."
   
   " ඔහු ඇයව සිප ගත්තේ ඇයි...?
     ඇය ඔහුට පහර දුන්නේ ඇයි.. ?"

      " රට කලබන පෙම් හවුල... ඇස්වලින් උනු කන රත්වුනු නිහඩ කතාව.."
  
විවිධාකාර සටහන් පලව තිබිනි.. මේ වනවිට අගමැති මැදුරේ ලැව්ගිනි හටගෙනය..
------------
අෂ්වින් මෝටර් රියෙන් බැස එනවිට තමරා දිව ආවාය..
     " මොකක්ද පුතා මේ... පුතාට කවුද ගැහුවේ.." ඇය ඒ අත අල්ලමින් කීවාය..
   " කවුද? අම්මා...මොනාද මේ කියන්නේ...?" අෂ්වින් එසේ කියමින් කාමරයට ඇතුල්වත්ම නිසල් හා රහල් එහි විය... රහල් සිටියේ බිම බලාගත්වනමය.. එක්වරම කාමරයේ දොර හැරිනි... ඉදිරියට පැමිනි පුද්ගලයා දුටු මිතුරන් ඉද්ද ගැසුවා සේ නැගී සිටියාය..
   "ඩෑඩ්... " අෂ්වින් මෙනිල් තෙන්නකෝන්ට ලංවිනි.. ඒ සමගම කම්මුල හරහා පහරක් වැදිනි..
     "ඩෑඩ්..."අෂ්වින්ගේ කම්මුලට ලේ පිරිනි... ඒවායෙන් ගිනි පිට විය..
   " කවුද ඒකී.. ලැජ්ජ නැතුව ගෑනියෙක්ගෙන් ගුටිකාල එන්න... කවුද ඒකී..."
     " ඩෑඩ් මොනාද කියන්නේ..."
මෙනිල් උන්නේ කෝපයෙනි.. ඔහු අත තිබූ ටැබ්ලට් එක ඔහු අෂ්වින් අතට විසිකරත්ම ඔහු එයට එබුනි.. රහල් හා නිසල් එයට එබිනි.. එහි වුයේ අෂ්වින් හා හනාෂිගේ සිදු වීම මුල්කොටගෙන ඇදුනු රස කතායි. සෑම පුවතකම වාගේ හනාෂිගෙ මුහුන අදුරැ කර තිබිනි... බලා ඉද්දී අෂ්වින්ගේ මුව කෝපයෙන් පිරිනි.. නිසල් ආයාසයෙන් සිනහව යටපත් කරගතේය..
     " අංකල්..." ඒ රහල්‍ ය..
" මේ කෙල්ලට අත තියන්න හිතන්න වත් එපා.. මං සැරයකුත් කිව්වා..මේක මේ විදිහට බේරැන එක හොදයි.. " මෙනිල් බැලුවේ පුදුමයෙනි...රහල් කීවේ අෂ්වින් යමක් කීමට සැරසෙත්ම ය..
   " කොල්ලෝ කොලුකමට විහිලු කරනවා.. ඒක පැත්තක දාමු.. මගේ කොල්ලට අත උත්සන්න තරම්..."
    "ප්ලීස් අංකල්.. මූ ඒ කෙල්ලට කරපු අපරාදෙ එලි උනානම් අංකල්ට උන්හිටි තැන් නැති වෙයි.. " රහල් කීවේ තරහෙන් පුපුරමිනි..
  " මේ ඒ කෙල්ලද.. ? පුතා වගකීම බාරගන්නවා කියපු..." මෙනිල්ගේ කතාවට අෂ්වින්ගේ කෝපය දෙගුන තෙගුන විය..
    " මං ඇක්ෂන් එකක් ගන්න කලින් .... ඔයාලා මේක විසද ගත්තොත් හොදයි.." මෙනිල් කලින් මෙන් කලබල වූවෙ නැතත් එය කිව්වේ තරමක් තදිනි...මෙනිල් පිට වනවාත් සමගම අෂ්වින් රහල්ට ලංවිනි..
   " උබ හොද හිතින් නටන්න හදන නාඩගම නවත්තපන්.. ඕකී මාව එක දවසින් ලැජ්ජා කරා.. උබත් මේකට ගෑවුනොත් ඒකීත් එක්ක උබේ ඇස් ඉස්සරහම මං  සෙල්ලම් කරලා පෙන්න....න..." අෂ්වින් කියනාවත් සමගම රහල් ඔහුගේ මිට මොලවා පහරක් ගැසුවේ පිස්සකු පරිදිය..ඉක්මනින් මැදිහත් වූ නිසල්  රහල්ව පසකට ඇද්දේය...
    " කෙල්ලෙක් නිසා අපේ යාලුකම් නැති කරගන්නද හදන්නේ උබලා.." නිසල් කෑගැසුවේ අෂ්වින් ප්‍රතිප්‍රහාර එල්ල කිරිමට පෙරය.. අෂ්වින් එක්වර නැවතුනේය...
     " වෙන කෙල්ලෙක් නම් මට වැඩක්ම නැහැ.. මේ මං දැකපු ව්‍යාජ නැති එකම කෙල්ල.. පොඩි ලමෙක් වගේ දගල දගල හිටපු එකීගේ ජිවිතේට මූ මොනාද කරේ දන්නවද... පණපිටින් මරලා දැම්මා... මුගේ උන්ට පෙන්නලා ක්ලබ් ගානේ ගෙනහින් බඩුවක් කරා... උබ දන්නවද ඒ අහිංසකී මාලුවෙක් ගොඩට ඇවිත් වගේ හිටියේ.. කොච්චර ගැහුනද කියලා...මට ඕන් නැහැ බං... මූට බැරිද හිතන්න.. එහෙනම් මං ඈත් වෙනවා... එත් මූ වගේ තිරිසනෙක් ලගට මං ඒ කෙල්ලව යවන් නැහැ... මං දැනගත්තා මූ කවුද කියලා.... " රහල් කීවා නොව කෑගැසුවාය.. අෂ්වින්ට වචන නොවිනි..  ඒ ඇස්වල ඇත්තේ කෝපයක්ද දුකක්ද යන්න වටහා ගැනීමට නිසල් අපොහොසත් වූවේය...අෂ්වින් දෙස දවා අලු කරවන බැල්මක් හෙලූ රහල් පිටවූවේය... ඒ සමගම මහ සද්දයක් ඇසිනි.. අෂ්වින් කාමරයේ තිබූ රෑපවාහිනිය පොලවේ ගැසුවේය.... ඔහු කාමරයේ බඩු සීසීකඩ විසි කලේ වියරැ වැටීය....
    " මේ ඔක්කොම එකී නිසා.... " අෂ්වින් සිහිකලේ දත්මිටි කමිනි...
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
රහල් උන්නේ හනාෂිට දුරකථන ඇමතුමක් ගැනීමටය.. එහෙත් ඒ අංකය මාරැකර තිබිනි... එදා වූ සිදුවීමෙන් පසු රහල් ඇයව මග හැරීයේ තම සිත් අසීමිත ලෙස පලුදු වූ නිසාය.. රහල් සුලනිගේ මාර්ගයෙන් හනාෂිගේ දුරකථනය අංකය ඉල්ලා ගත්තත් කිසිදු ඇමතුමකට ඇය ප්‍රතිචාරයක් දැක් වූවේ නැත...
     තට්ටු තුනට සෑදු විශාල භූමි භාගයක පැතිරී ගිය නිවස මාලිගයක් සේ පෙනිනි.. රහල් උන්නේ දකුනු කෙලවරේ මල් වැවීමට වෙන් කල පෙදෙසේය.. ඔහු එහි වූ බංකුවක වාඩී වී උන්නේ කල්පනා කරමිනි.. ඔහු දෙස බොහෝ වේලාවක් බලා සිටි ගයනි පැමින ඒ හිස මත අත තැබුවේය.. ගයනි රහල් ගේ මවයි... හෙවන් ඔෆ් එස්. එල් සමූහ ව්‍යාපාරයේ වත්මන් සභාපතිනියයි..
     "පුතා... මොනාද මේ කල්පනා කරන්නේ..." ඇගේ කටහඩින් ඔහුගේ කල්පනා ලොව බිදිනි..
       "මුකුත් නැහැ අම්මා....."
" මට මුකුත් හංගන්න එපා පුතා.. මේ අම්මට ඉන්නේ මගේ පුතා විතරයි... ලොකු පුතා මගේ කීම නොහා හමුදාවට ගියා... හිතුවක්කාරකම නිසා මට මගේ කොල්ලව නැති උනා.. ඒ ගැන හිතලම තාත්තා ලෙඩ වෙලා නැති උනා... පුතා මගෙන් ඈත් වෙයි කියලා මට බයයි... " ඒ හඩ වෙව්ලන ස්වරය ගෙන තිබිනි.. දෙනෙත් තුල කදුලු පටලයකි... රහල්ට දුක සිතිනි...
   " අයියෝ අම්මා.. මේ අහන්නකෝ මං කල්පනා කරේ බිස්නස් ගැන.. මං කැමති අම්මිට පාඩුවේ ඉන්න දීලා බිස්නස් බාර ගන්න.. " රහල් කීවේ ඇගේ අතින් අල්ලා ගනිමිනි.. බලා ඉද්දී ඒ ඇස් දිලිසුනි.. වැටුනු කදුලු සතුටු ඒවා බව රහල් දැන උන්නේය...
    " පුතා ඇත්තමද මේ... " ව්‍යාපාරික කටුයුතු බාරගැනීමට කෙතරම් ඇවටිලි කරත් නොහික්මුණු තරැනයෙකු සේ ක්‍රියාකර රහල්ගේ දැඩි හඩට ඇය පුදුම වීය...
   " ඔව් අම්මේ..මං කැමැති...මටත් ලොකු වගකීමක් අරන් ජීවත් වෙන්න කාලේ හරී.. මං දැන් සෙල්ලම කරා විනෝද උනා ඇති.. " රහල් ස්ථීරව කීවත් ඒ හැම වචනයකම අයිතිය හනාෂි මතත් පැටවිනි...
    "අම්මා... අම්මා කැමති මොන වගේ ලේලියෙක්ටද..." රහල් ඇසුවේ දගකාර ලෙසය...
     " ඔය පැන්නේ කටින්..අහස පොලව ගැටගහන ප්‍රශ්නේ ඕකද.." ගයනිටනම් හිනාය...
"අනේ අම්මේ කියන්නකෝ..."
    " පුතා කැමැති ඕනේම කෙල්ලෙක්ට... පිරිසිදු ඒ වගේම මගේ කොල්ලා වගේම රත්තරං කෙල්ලෙක්ට..." රහල්ගේ සිත ගැස්සිනි.. අෂ්වින් හා හනාෂිගේ සිදුවීම් රෑප රාමුවක් සේ සිතෙහි ගලා ගියේය..
   " ඒ කෙල්ල අසරණ කාත් කවුරැත් නැති කෙනෙක් උනත් ...." රහල් ඇසුවේ අහස් කුස දෙස බලාගෙනමය...
   " ඔව්.. හැබැයි ඒ කෙල්ල මගේ පුතා ලග මැරෙනකම් ඉන්න ඕනේ.. මිනිස්සු අපි ලගට එන්නේ මේ මහ දේපල දැකලා..අපි වැටුනත් දාලා යන් නැති කෙනෙක් ඕනේ පුතා.. අපේ ෆීල්ඩ් එකේ අයගෙන් පුතාට එන ප්‍රොපසල්ස්වලට මං අකැමති ඒවා එන්නේ විවාහයකට නෙවෙ ගනුදෙනුවකට නිසා... පුතාට මටත් වඩා ආදරේ කරන්න පුලුවන් කෙනෙක් හොයන් මේ අම්මා ලගට එන්න.. මේ අම්මා කවදාවත් බෑ කියන් නැහැ..." ඇය කීවේ සුසුමක් හෙලමිනි.. රහල්ගේ සිත නිවිනි... මොහොතකට ඒ ඇස් මත හනාෂිගේ රැව ඇදිනි...
      "මං උබව මගෙ ලගට ගන්නවා කෙල්ලේ.." ඔහු කීවා නොව සිතුවා පමණි..
-------------------------------------

සීත හිරු Where stories live. Discover now