හරියටම 12.30 වෙද්දි ප්‍රොෆෙසර් ජේන් ලෙක්චර් හෝල් එකෙන් එලියට ගියා . ස්කෑනර්ස් වල අවුලක් නිසා මේ ටිකේම attendance මාක් කරේ ප්‍රින්ට් කරපු කොලයක . අවසානෙට ලකුනු කරපු මගේ නමට උඩින් තවත් හිස් කොටුවක් තිබුනා . හ්ම්.. ඒක ජන්කූක්ගේ . ජන් ජන්කූක්ගේ
" මින්හී . කැන්ටිමට යමුකෝ . බඩගිනී " ජිමිනා ඔහොම කියන් මාව අඇදගෙන යද්දියි මන් දැක්කේ ලයිබ්‍රරි එක පැත්තට යන ජන්කූක්ව .
" ජිමිනොහ් . පොඩි අවශ්‍යතාවයක් තියේ . මන් යනවා " එහෙම කියපු මම වේගෙන් ගියේ අර කොල්ලා කරන්නෙ මොනවද බලන්නයි
" යාහ් මින්හී . වොශෲම් ඔහෙ නෙවේ මෝ... " ඔන්න ඔය වගේ මොනා හරි ජිමිනා කෑ ගහලා කිව්වද කොහෙද . මට මොකද ඉතිම්
මගේ රූපය නිහඩ කොල්ලගේ පිටිපස්සෙන් අඇදෙද්දි මන් එයාගේ හැම ලක්ශනයක්ම හැම හැසිරීමක්ම පරීක්ශා කරා .
නිහඩතාවය කියන එයාවටා ගොඩනැගුන ඝන බිත්ති , කිසිම කෙනෙක්ට කඩන්න පුලුවන් වෙලා නෑ . හරියට එයාව පේන්නේ තමන්ගේ මනස අස්සේ තියෙන ලෝකයක ජීවත් වෙන කෙනෙක් වගේ . තනි වෙලා...
එයා යන හැම තැනකටම පස්සෙන් එන කටකතා කෙදිරිලි , පරීක්ශාකාරි අඇස් , ඔය සේරම ගානකට ගන්නෙ නැතුව ඉදිරියටම ගියපු එයා නැවතුනේ තුන්වෙනි තට්ටුවේ පොත් රාක්කයක් ඉස්සරහා.
ඩික්ශනරි තරම් ලොකු පොත් එහා මෙහා වෙලා පෙනුන එයාගේ මූනේ කිසිම හැගීමක් තිබුනේ නෑ. අඇයි ඒ ?
දුක , බය , සතුට අඩුම තරහවත් ? . ඔය කිසි දෙයක් නෑ .
ඒත් එක්කම මන් ගැස්සුනේ මගේ කරෙන් දැනුන ස්පර්ශය නිසා . ඒ අල්ලපු කෙනා කතා කරන්න කලින් මන් එයාට ඉගි කරා කෑ ගහන්න එපා කියලා . මොකද මන් දන්නවා ඔය ගොබ්බ වැඩේ කරපු කෙනාව
YOU ARE READING
All Eyes On Us ᵐᵘˡᵗⁱ-ᶜᵉⁿᵗʳⁱᶜ
Fanfic" ඌ පිස්සෙක් මින්හි . ඌ ගැන හොයලා වැඩක් නෑ. ඌ මහ පව් කාරයෙක් " " මාව විශ්වාස කරන්න ජිමිනා. එයා කරුමක්කාරයෙක් විතරයි . වෙනස් කරගන්න පුලුවන් ජීවිතයට ඔහේ ගලන් යන්න දීලා බලන් ඉන්න , හිතේ තියන ගින්දර වචන කරගන්න බැරි මහ මෝඩයෙක්. ඒත් කරුමෙටම.... හැමෝගෙම...