16

87 25 0
                                    

"ඔයාට ජේහ්‍යුන්ග් ව මරන්න ඕනෙ උනේ නෑ නේ ජන්කුකා . ඔයා මිනී මරුවෙක් නෙවේ . මිනී මරුවෙක් වෙන්නෙත් නෑ   . ඒ නිසා සන්සුන් වෙන්න . " මන් එහෙම කියන ගමන් එයාව තවත් ටිකක් තද කරලා අල්ල ගත්තා .  එදා එයාට ජේහ්‍යුන්ග්ව මරන්න ඕන වෙලා තිබ්බද කියල මට තේරෙන්නේ නෑ . ඒත් එයාව සන්සුන් කරන්න මන් එහෙම කිව්වා

අඇත්තටම ජන්කූක් ගාව බබාලගෙ සුවදයි .. මන් කිව්වේ අර බේබි ප්‍රඩක්ට්ස් වල එන ඕනවට වඩා වැඩිත් නැති අඩුත් නැති සුවද . අන්න ඒ වගේ 

ටිකකින් එයාම සන්සුන් වෙලා මට ස්තූති කරලා මාව එහාටත් කරලා ආපහු නෝට් බුක් එක ගත්තා . එක්කො අපි මේක නතර කරමුද ? ඔයාව මේකෙන් තුවාල වෙනවනේ ? අනේ මන්දා

*පස්සෙ  මන් අඇහැරුනේ හොස්පිටල්  එකක .
ගැහැනු කෙනෙක් අඇවිත් මාව බදාගෙන "මොකද උනේ පුතේ  සමාවෙන්න අම්මට" කිව්වා . එයාට තිබුනේ මිස් ලූනා අම්මා ගැන කියපු පෙනුමමයි  . ඒත් මන් කතා කරන්න කලින් , මිස් ලූනා මොනා හරි කියන්න එයාව එක්කගෙන ගියා . ආපහු කවදාවත් එයා ආවේ නෑ ..

ප්‍රොෆෙසර් ජේන් තමයි ඒ ගැහැනු කෙනා .  මගේ අම්මා ප්‍රොෆෙසර්  ජේන්  *

එහෙම කියපු ජන්කූක් ඒ කොලෙත් මට දුන්නා . ඒත් ඒ වෙනකොටත් මන් ඒක කියවලයි තිබුනේ . ප්‍රොෆෙසර්  ජේන් එයාගේ අම්මා කියලා අපිත් සැක කරානේ. ඒත් ඒක ජන්කූක්ගේ අතින්ම දැනගද්දි වෙනස්ම විදිහකට  දැනෙන්නේ .  ඒ කියන්නේ මෙයා පුතා කියලා එයත් දන්නවද ? එහෙනම් මේ මොකක්ද කරන රන්ගනය ? අඇයි එයාට රිද්දන්නේ ? ජන්කූක් ඉලීගල් වැඩ කරනකන් ප්‍රොෆෙසර්  මොනවද කරේ ?

මට ප්‍රශ්න ගොඩක් තිබුනට මන් ඒවා හන්ගගත්තා . ඕවා සේරම පාරන්න ගිහින් ආපහු ජන්කූක්ට පැනික් අඇටෑක් එකක් ආවොත් මන් මොනා කියලා කරන්නද

*එතනින් පස්සේ හැමෝම ජේජ්හ්‍යුන්ග් ගැන මගෙන් අඇහුවා . හැමෝම එයාට මොකක්ද කරෙ කියලා මගෙන් අඇහුවා ඒත් මන් කිසි දෙයක් දැනන් හිටියේ නෑ . ඉතින් මන් එයාලට ඕන විදිහට ඉන්න ගත්තා. එයාලා මගෙන් බලාපොරොත්තු  උන විදිහට

ඉතින් ඊට පස්සෙ  සතිය වෙනකන්ම එයාලා මට එක එජ ඒවා කිව්වා . මිනීමරුවා වගේ වචන . මට ලොකු තේරුමක් තිබුනේ නෑ මින්හී . මන් ඔහේ හිනා වෙවී හිටියා . මාව තවත් ගෙදරකින් හදාගන්න ගත්තේ ඊටත් පස්සේ . ඒත් එයාලා මට ලන් වෙන්න කලින්ම ඒ දෙන්නා කා ක්‍රෑශ් එක්කින් නැති උනා . ඉතින් නන් ජීවත් උනේ ඒ ගෙදර අත්තම්මා එක්ක*

All Eyes On Us   ᵐᵘˡᵗⁱ-ᶜᵉⁿᵗʳⁱᶜWhere stories live. Discover now