11

92 25 0
                                    

කිව්වා වගේම මායි ජිමිනයි ඊට පහු වෙනිදම , ඒ කියන්නෙ අද ජන්කූක්ගේ ගෙදරට පනින්න ලෑස්ති උනා .

අද ලෙක්චර්ස් 12.30 වෙනකන් විතරයි . ඒත් ජන්කූක් ගෙදරින් යනකන් ඉන්න උන නිසා අපිට මෙතනට එන්න පුලුවන් උනේ දහයට . අනේ මින්ජි ස්කුල් ගිහින් නැත්තම් හරි වැඩේ වෙන්නෙ

" ආ මින්හි ? මේකද ගෙදර ? හැන්ගිලා වගේ නෙහ් " මන් මුලින්ම ආපු දවසේ හිතපු ටික ජිමිනා දැන් අහන්න අරන් .ඒත් මන් උත්තර දෙන සිහියකින් හිටියේ නෑ . බයෙන් නේ ඉන්නේ මමත්

මගෙන් උත්තරයක් නැති පාර එයා ගේ වටේ අඇවිදින්න ගත්තේ මන් යතුරෙන් දොර අරින් අතරතුරේදි .

" ජිමිනාහ් . ඉක්මනට එන්න යමු " මන් එහෙම කියලා කෑ ගහද්දි තමයි ජිමින් දොර ගාවට ආවේ . ඒකත් හති දාගෙන . මොනා අස්සෙ රින්ගනවද මන්දා කවුරු හරි දැක්කොත් එහෙම

" බන් . එදා අපි ගහේ ඉද්දි බුරපු බලු පෝතකයා මෙහෙ එකෙක් . මන් දැක්කා කූඩුවේ ඉන්නවා ." ජිමින් කිව්වා . එතකොට එයා ජන්කූක්ගෙද ? මින්ජිගෙ ආරක්ශාව ගැනත් හිතනවා වගේ . හ්ම්ම් හ්ම්ම්

" වෙන්න අඇති ජිමින් . එයා ගැට ගහල නම් ප්‍රශ්නයක් නෑ නේ . දැන් මෙහෙම්මම මන් උඩට යන්නම් . ඔයා සැක හිතෙන දේවල් බලන්න " මන් එහෙම කියන ගමන් පඩිපෙල නගින්නයි ගියේ

" මින්ජිගෙ කෙස් ගන්නෙ කොහොමද එතකොට? " ජිමින් යන්න ගිය මාව නවත්තලාම අඇහුවා . එකත් ප්‍රශ්නයක් දැන්

" මින්ජි ප්‍රොෆෙසර් ජේන්ගෙ කියලා ශුව නේ . හැරත් දවසක ප්‍රොෆෙසර් ජේන්ම dna test එකක් ගනීවි සැක හිතුනොත් . ඒත් ජන්කූක්ගෙ එක එහෙම කරන්න බෑ නේ . අනේ ඉක්මනට බලන්න වෙලාව මදි "
මන් ජිමිනට කියන ගමන් දිව්වේ ජන්කූක්ගේ කියලා හිතන්න පුලුවන් කාමරේකට

ඒඑක එයාගේ වෙන්න අඇති . කාමරය හරි අදුරු ස්වාබාවයක් ගත්තේ . දකුනු පැත්තේ කෙලවරේ බිත්තියටම සම්බන්ද කරලා තිබුන කබඩ් එකක් තිබුනා . ඒත් ඒකේ එක විශේශයක් තිබුනා .

පැත්තක පින්සල් , ක්ලේ , පාට එක්ක එයා අඇන්දයි කියල හිතන්න පුලුවන් විකාර චිත්‍ර තියෙද්දි අනිත් පැත්තේ තිබ්බේ පුන්චි පුන්චි පැල.

බෝතල් අස්සේ පුන්චි වනාන්තර ( succulent terrarium ) වගේම මැටි වලින් හදපු අමුතු තාලේ පෝච්චි වල ඉන්ඩෝ ප්ලාන්ට්ස් හිටවලා තිබුනා . ඒ හැම පෝච්චියක්ම අතෙන් හදපුවා මන් හිතන්නේ . කප්පාදු කරලා නැති නිසා සමහර පැල වැවිලා තිබුනා රාක්කේ බාගයක් වෙන්නම . ඒකෙත් අමුතුම ලස්සනක් තියෙනවා හැබැයි

එතකොට අඇද උඩ ගිටාර් එකක් වගේම earphones, වර්ග කීපෙකින් තිබුනා . තව ... මින්ජිට වගේම මෙයාටත් පුන්චි පුන්චි ගල් පුරවපු ලස්සන බෝතල් තිබුනා . ගල් එකතු කරාම සතුටක් ලැබෙනවද? අනේ මන්දා

තවත් එයාගේ කාමරේට අඇස් යවද්දි මන් දැක්කේ ශේඩ් කිහිපයක ෆවුන්ඩේශන් . මේවා මින්ජිගෙවත්ද ? . ඒත් එයා පොඩි වැඩී නේ මේකප් කරන්න. අම්මගෙ වෙන්න බෑද ? .

ඔහොම හිතනකොටයි මතක් උනේ එයා කිසිම දවසක තැල්මක් එක්ක යුනි ආවේ නෑ නේද කියන එක . ඒ කියන්නේ මෙයා තුවාල හන්ගන්නෙ මෙහෙමයි ... ඒදා එයා හිටපු විදිහ මතක් වෙද්දිත් මගේ පපුවෙන් අමුතු වේදනාවක් එනවා

" මින්හී . තවම ඉවර නැද්ද ! " ජිමිනා පහල ඉදන් කෑ ගහද්දි තමයි මට ආපු වැඩේ මතක් උනේ . යාහ් ඉක්මන් කරන්න මින්හී ..

ඉතින් මන් හොදට බැලුවා මෙයාගේ කෙස් කෝ කියලා . අඇද උඩ , බාතෲම් එකේ ඔය සේරගෙම මන් කෙස් හෙව්වා . සැකේට බිමට නැවිලා අඇද යට බලන්න යද්දි ඒ ලගම තිබිලා පනාව තිබුනා . ඔය තියෙන්නෙ බඩු

පනාවේ තිබුනෙ කෙස් කිහිපයයි . කොට කොන්ඩෙ නිසා පනාවෙ හිටිනවා අඩුයිද කොහෙදෝ .

කෝමින් කෝම හරි එහෙම්මම නැවිලා පනාව තියන්න යද්දි මන් අඇද යට තිබුන පෙට්ටියක් දැක්කා .මොනා වෙන්න අඇතිද ? මන් බලන එක හරිද කොල්ලෙක්ගේ දේවල් ? එයාගේ පෞද්ගලිකත්වෙට හානියක් වෙයිද ?

ඔය වගේ දේවල් මට හිතුනත් මේක කරන්නේ එයාවම බේරන එක නිසා මන් ඒ පෙට්ටිය අඇද්දා . වාහ් දූවිලි පිරුන ෆයිල් ගොඩක් ...

කෝකටත් කියලා හදිස්සියට ඒක එහෙම් මෙහෙන් බලද්දි එයාගේ හයිස්කූල් කාලේ රිපෝට්ස් පවා තිබුනා . ම්.. කොල්ලා නරකම නෑ ඉතින් ..ඒවත් මග හැරලා වෙනමම තිබුන ෆයිල් වගයක් දැක්ක නිසා ඒවා , මන් ගෙනාපු බෑග් එකට දාගත්තා . ඔතන වැදගත් දෙයක් තිබ්බොත් එහෙම ..

දූවිලි වැදිලා කියන්නේ ජන්කුක් ඕවා බලලම නෑ කියන එකනේ . ඒ කියන්නේ ෆයිල් කීපයක් අඩු උනාට දැනෙන එකක් නෑ . ඒත් එක්කම දොර ගාවින් ආපු සද්දෙ එක්ක මන් හොදටම බය උනා. දෙයියනෙ !




TBC

All Eyes On Us   ᵐᵘˡᵗⁱ-ᶜᵉⁿᵗʳⁱᶜWhere stories live. Discover now