ගැඹුරු නෙත් වෙත ආදරයෙන්,
අද මම ආවෙ නැහැ.ඔයා ආවද කියලා මම දන්නෙත් නැහැ.ඒත් මට දැනගන්න ඕනෙ වුණා ඔයා අදත් ආවද කියලා.මම මිනිත්තු කිහිපයකට ඇවිත් යන්න උත්සහ කළත් බැරි වුණා.උදේ ඉඳන් මම ඔයාගෙ නම මතක් කරන්න උත්සහ කරා.කෙනෙක් කාලෙකට කලින් ඔයාව අඳුන්වලා දුන්නෙ ඔයාගෙ සම්පූර්ණ නමෙන්.කොච්චර මතක් කරත් මතක් වුණෙ නැහැ.අපි ගොඩක් දුරස් කියලා විතරක් මට ආයෙමත් මතක් වුණා.හරියටම තව පැය බාගයයි.ඔයා වෙනදා ඉන්න තැනට ඇවිත් ද ඉන්නෙ?
අද දවසක් විදියට ගත්තොත් මම අසාර්ථකයි.හිතුව එක දෙයක්වත් ඉවර කරගන්න බැරි වුණා. තව වෙලාව තියෙනවා;උත්සහ කරන්න ඔයාට බැරි නැහැ.මම මාව ම සනසගත්තා. ඔව් මට පුළුවන්.මට විතරක් නෙවෙයි ඔයාටත් පුළුවන්.
බ්රහස්පතින්දා හමුවෙනකල් පරිස්සමින් ඉන්න.හදිස්සියක් තිබ්බොත් පරවියාට කියන්න;වෙනදා එන වෙලාවට නොවුණත් බදාදා මම එනවා පුරුදු තැනට තනියම.හිතුණොත් පැයක් කලින් ඇවිත් මාව බලලා යන්න.හේතුවක් ඕනෙ ම නැහැ කෙනෙක් වෙත බැඳෙන්න.
මම,
Evelyn
YOU ARE READING
Fictitious Dreams(කල්පිත සිහින)
Non-Fictionඅහේතුකව හොයන සමහර අයව හමුවුණේ මොන හේතුවකට ද් කියලා මම තාමත් හොයනවා. . . ඔයාව හොයන්න හිත හේතු දාහක් කියද්දි හැම හේතුවකට ම තහංචි දාලා මොළය මාව ආයෙමත් ආපස්සට අදිනවා. . . ආයෙමත් කවදා එයිද කියලාවත් දන්නෙ නැති ඔයා එනකල් මම හැමදාම පුරුදු තැනට ඇවිත් හිස් අත...