ගැඹුරු නෙත් වෙත ආදරයෙන්,
සාපේක්ෂ ප්රවේගය ගැහැනු පිරිමි භේදයකින් තොරව ඉගැන්නුව ද ගැහැනු ළමයි එය අත්හදා බැලීම සංස්කෘතියට පටහැනි වේ.
ඔව් මේ අද මගෙ උදේ මිනිත්තුවක සිදුවීමක්.
අද දවසෙ මම දෙයක් දැනගත්තා,
<මම මාව තවදුරටත් අවතක්සේරු කරන එක වහාම නවත්වන්න ඕනෙ.මොකද මට මාව විශ්වාසයි නම් මට ඒක අනිවාර්යයෙන්ම කරන්න පුළුවන් කියලා අත්වින්දා.>
නිතරම තමන්ව විශ්වාස කරන්න.එහෙම වෙනකොට ඔයාගෙ වටපිටාවෙ අය ඉබේ ම ඔයාගෙ ගමනට උදව් කරයි.මම අද නම් ආවෙ නැහැ. ඒත් ගොඩක් වෙලාවට හෙට ඒවි.මම දන්නවා ඔයා එන්නෙ නැති වෙයි. දවස් කීපයක් දැකලා හිතේ මෙච්චර ඉඩක් වෙන් කරගන්න ඔයාට කියලා දුන්නෙ කවුද කියලා මට දැනගන්න පුළුවන් ද?
මිනිත්තු කිහිපයක් විතරක් දකින සමහර දේවල් අමතක නොවන මතක අතරට එක්වෙන්නෙ පුදුමාකාර විදියට.
කියන්න දේවල් ගොඩක් තිබ්බට අද මට මහන්සියි.
හිටගෙන නින්ද යන තරමට ම මහන්සි වුණත් අල්ල ගත්ත මේක මට අතහරින්න කොහොමත් ම බැහැ.
Never Give Up;Until You Win
එහෙම හිතලා ආයෙමත් පටන් ගනිමු.මම බලන් ඉන්නවා.Evelyn
20032024
YOU ARE READING
Fictitious Dreams(කල්පිත සිහින)
Non-Fictionඅහේතුකව හොයන සමහර අයව හමුවුණේ මොන හේතුවකට ද් කියලා මම තාමත් හොයනවා. . . ඔයාව හොයන්න හිත හේතු දාහක් කියද්දි හැම හේතුවකට ම තහංචි දාලා මොළය මාව ආයෙමත් ආපස්සට අදිනවා. . . ආයෙමත් කවදා එයිද කියලාවත් දන්නෙ නැති ඔයා එනකල් මම හැමදාම පුරුදු තැනට ඇවිත් හිස් අත...