ගැඹුරු නෙත් වෙත ආදරයෙන්,
සාමාන්‍යයෙන් අපි එක ම රටාවකට පුරුදු වුණ දවස් ගෙවනවා.සමහර හේතු නිසා හදිසියේම හෝ සැලසුමකට අනුව ඒක වෙනස් වෙනවා.කාලයක් ගත වෙද්දි ඒ වෙනසත් පුරුද්දක් බවට පත් වෙනවා.එතනින් පස්සෙ අපේ දින් රටාව ඒකට අනුව හැඩගැහෙනවා.
21/90 rule එක ගැන දන්නවා ඇතිනේ.
ඒ නිසා ම මම මේකත් පුරුද්දක් බවට පත් වෙන්න කලින් අතහරින්න ඕනෙ. දැනට ම දවස් 16ක් ඉවරයි.තව දවස් පහක් ඉතුරුයි.මම උත්සාහ කරනවා.
ඒත් මම දන්නෙ නැහැ පුළුවන් වෙයි ද කියන්න.බැරි වුණත් කරන්න වෙයි;මම වෙනුවෙන් ම.
ඒ වුණත් මම කියනවා,පුළුවන් වුණොත් සඳුදාට එන්න.වෙනසක් ඕනෙ වුණත් වෙනසක් කරන්න බැරි වෙන එක ම හේතුව කාලය.Evelyn
16032024"සමහර තුවාල සුව නොවන තරම් ගැඹුරුයි.සමහර දේවලට සහ සමහර මිනිස්සුන්ට කිසිදාක සමාව දිය නොහැකියි."
Laura Hankin එහෙම කිව්වට සමහර වෙලාවට අමාරුවෙන් වුණත් සමාව දෙන්න වෙනවා.
YOU ARE READING
Fictitious Dreams(කල්පිත සිහින)
No Ficciónඅහේතුකව හොයන සමහර අයව හමුවුණේ මොන හේතුවකට ද් කියලා මම තාමත් හොයනවා. . . ඔයාව හොයන්න හිත හේතු දාහක් කියද්දි හැම හේතුවකට ම තහංචි දාලා මොළය මාව ආයෙමත් ආපස්සට අදිනවා. . . ආයෙමත් කවදා එයිද කියලාවත් දන්නෙ නැති ඔයා එනකල් මම හැමදාම පුරුදු තැනට ඇවිත් හිස් අත...