ගැඹුරු නෙත් වෙත ආදරයෙන්,
ඔයා ඊයේ ඇවිත් ගියාද?අදත් මම එන්නෙ නැහැ.කතා කරන්න කොච්චර ඕනෙ වුණත් මට ඔයා එක්ක කතා කරන්නත් බැහැ.වෙලාවකට මට හිතෙනවා ඔයත් මිරිඟුවක් ද කියලා;මට පස්සෙන් දුවලා හති වැටිලා නවතින්න වෙන.මේක ආරම්භය විතරයිනෙ,මඟින් හැරෙන්න වුණොත් ඒක මට පුළුවන්.මම හිතුවා ඊයෙ මම දැම්ම ස්ටෝරි එකට ලයික් එකක්වත් දායි කියලා.ඒත් ඔයා සීන් කරලා විතරයි.ඉතින් ඔයා මිරිඟුවක් කියලා මම හිතන එක වැරදි නැහැනේ.මිරිඟුව පහු කරා ම හරි වතුර හම්බෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා.
පරවියා එනකල් බලන් ඉඳියට එයා ආවෙ නැහැ.ඔයත් ඒ වගේ වෙයිද කියලා මට බයයි.අතහරින්න ඕනෙ වුණොත් අතහරින්න බලාගෙන කාවවත් අල්ලගන්නෙ නැහැනේ.ඒත් මම ඔයාවවත්,ඔයා මාවවත් ඒ විදියට අල්ලන් නැති නිසා මට අතහරින්න පුළුවන් වෙයි ඕනෙ වුණොත්.
ආයෙමත් කියන්නම්.පුරුදු වෙලාවට කලින් මම හෙට එනවා,පැය බාගයක් ඔයා වෙනුවෙන් බලන් ඉන්න මට පුළුවන්.ඉතින් ටිකක් කලින් එන්න. පරවියාට පණිවිඩය කියන්න.ප.ලි:- අද පොඩි දෙයක් හැදුවා.අනිද්දා එද්දි අරන් එන්නද ඔයා පුරුදු තැන ඉන්නවා නම්.මට හිතෙන්නම අරන් එන්න.ඒත් ආයෙමත් හිතෙනවා මම එහෙම ගේන්නෙ මොකටද කියලා.මේ වෙලාවෙ මම මාව ම දෙපැත්තට අදිනවා,තීරණයක් ගන්න බැරුව.
Evelyn
YOU ARE READING
Fictitious Dreams(කල්පිත සිහින)
Non-Fictionඅහේතුකව හොයන සමහර අයව හමුවුණේ මොන හේතුවකට ද් කියලා මම තාමත් හොයනවා. . . ඔයාව හොයන්න හිත හේතු දාහක් කියද්දි හැම හේතුවකට ම තහංචි දාලා මොළය මාව ආයෙමත් ආපස්සට අදිනවා. . . ආයෙමත් කවදා එයිද කියලාවත් දන්නෙ නැති ඔයා එනකල් මම හැමදාම පුරුදු තැනට ඇවිත් හිස් අත...