ගැඹුරු නෙත් වෙත ආදරයෙන්,
සමහර තැන්වලට හිත හරිම චංචලයි. හරියට අද පරවියො ගොඩක් මැද්දෙ අපි පණිවිඩ දෙන පරවියා හොයාගන්න බැරි වෙන වෙලාවට වගේ.ඔව් මම හෙව්වා;පරවියාව වගේ ම ඔයාවත්. ඔයා නැහැ කියලා දැන දැනත් මගෙ හිත කිව්වෙ ම තව පොඩ්ඩක් බලන්න කියලා. අද දවල් මිනිත්තු කිහිපයකට ඇවිත් යන්න හිතන් ඉඳියට මම එද්දි ගොඩක් පරක්කු වෙලා තිබ්බ නිසා ම පන්තියට යන්න වුණා.පන්තියේ දි නම් ඔයාව මතක් කරන්න වෙලාවක් තිබ්බෙ නැති වුණාට බස් එකේ එද්දි ඔයා නැති අඩුව හරියට දැනුණා. වෙනදට ළඟින් නොහිටියත් ඔයා ඉන්නවා කියලා දන්න නිසා සාමකාමීව පිටතට දැක්කට,යටින් සතුටින් කෑ ගහන මගෙ හිත අද ගොළු වෙලා තිබ්බා.හිත කොච්චර ඔයාව හෙව්වත් මේකත් අතහරින්න වෙයි කියලා මොළය ආයෙමත් සැරින් සැරේට ම මතක් කරනවා.
කාලෙකට පස්සෙ,හරියටම කිව්වොත් දවස් හතකට පස්සෙ මම හෙට එනවා පුරුදු වෙලාවට,පුරුදු තැනට ම.ඉතින් ඔයත් එන්න.මම බලන් ඉන්නවා ඔයා එනකල්.Evelyn
අපේ හිත්වල සමහර අයට තීන තැන එයාලගේ හිතේ අපිට නැහැ කියලා දැනගෙන ජීවත් වෙන්න.
YOU ARE READING
Fictitious Dreams(කල්පිත සිහින)
Non-Fictionඅහේතුකව හොයන සමහර අයව හමුවුණේ මොන හේතුවකට ද් කියලා මම තාමත් හොයනවා. . . ඔයාව හොයන්න හිත හේතු දාහක් කියද්දි හැම හේතුවකට ම තහංචි දාලා මොළය මාව ආයෙමත් ආපස්සට අදිනවා. . . ආයෙමත් කවදා එයිද කියලාවත් දන්නෙ නැති ඔයා එනකල් මම හැමදාම පුරුදු තැනට ඇවිත් හිස් අත...