ගැඹුරු නෙත් වෙත ආදරයෙන්,
හැමදාම ලියන්න මොනවාහරි දෙයක් තිබ්බ දිනපොත දැන් ටිකෙන් ටික හිස් වෙනවා.සමහර වෙලාවට පිටුවක් දෙකක් ම හිස්.
ඒකට හේතුව ලියන්න දේවල් නැතිකම ද නැත්නම් ලියන්න තියෙන ඒවා ලියාගන්න බැරිකම ද කියලා මට තේරෙන්නෙත් නැහැ. මොකක්වුණත් මම කැමති හැම පිටුවක් ම ලියවුණු දිනපොතක් දකින්න.දැනට ම ටිකෙන් ටික හිස් වී ගෙන දිනපොතෙන් ඒක මට බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙයිද?මම බලන් ඉන්නවා ආයෙමත් දවසක් එනකල් එකදිගට පිටු ගාණක් හැඩ කරන්න පුළුවන් දවසක් වෙනුවෙන්.
Evelyn
24052024
YOU ARE READING
Fictitious Dreams(කල්පිත සිහින)
Non-Fictionඅහේතුකව හොයන සමහර අයව හමුවුණේ මොන හේතුවකට ද් කියලා මම තාමත් හොයනවා. . . ඔයාව හොයන්න හිත හේතු දාහක් කියද්දි හැම හේතුවකට ම තහංචි දාලා මොළය මාව ආයෙමත් ආපස්සට අදිනවා. . . ආයෙමත් කවදා එයිද කියලාවත් දන්නෙ නැති ඔයා එනකල් මම හැමදාම පුරුදු තැනට ඇවිත් හිස් අත...