_Untitled _

5 2 0
                                    

දවසක
හවස් වරුවක
නොයා පාළුවට මා ළඟින් හිඳ
දුහුල් වූ මතක
යළි සිත්තම් කරන්නට
අවැසිය
ඉඩක් දෙන්න මට
රිදුම් දෙන බිඳුණු තැන්
පාරවන්නට නොව
පිළියම් යෙදූ හද
සනසවන්නට
කෝපි කෝප්පයක්
තොලගා බලමින්
සැඟ වූ පැණි රස
යළි සොයන්නට
බැස යන හිරු ගැන
මතු වන තරු ගැන
විතරක් නෙවෙයි;
මඟහැරුණු අප ගැන
තතු විමසමු 
යළිත් මඟනොහැර
ආලය නොකිවූ
ගිලගත් හැඟුම්
නොකියූ වදන්
පවසන්නට
නියෝන් බල්බ දැල්වෙන තුරු
මම රැඳී ඉන්නම්
නුඹ අසළින් ම
හැකි නම් නිවෙන්න
නෙත් මත ආලය තවරන්න මා හට

Evelyn

Fictitious Dreams(කල්පිත සිහින)Where stories live. Discover now