Ep 02

59 8 13
                                    

" දග කරන්නේ නැතුව පරිස්සමින් ගිහින් එන්න "

ඒ තමයි මේ ලෝකේ මන් ආසම වගේම බලවත්ම ආශිර්වාදය.. මගෙ අම්මගෙ ආශිර්වාදය.. මගෙ මුලු ලෝකෙම මගෙ අම්මා....

" ප්..පලිස්සමින් ගිහිම් වරෙම් මයෙ අම්මා... ම්ම්ම්... කෝල් කරපිය ඈ... හුවෑ... "

" යොහ්හ්හ්හ්හ්.. ඔය කිඹුල් කදුළු නවත්තපිය බන්.. "

" අනෙහ් පලයන් තෝ... මගෙ ඇගේ ආමාශෙ නෑ වගේ දැනෙන්නෙ යකෝ.... මන් කෝමද රත්තරං උබ නැතුව හුස්ම ගන්නේ... "

" රත්තරං වලින් නෙමේ ඔක්සිජන් වලින් හුස්ම ගන්නෙ බන් "

" යොහ් සැක් සැක් කට් කට් .. තෝ කෑවා මගෙ මූඩ් එක පරයා.... "

" මෝඩි "

ඒ තමයි මගෙ ලෝකේ මගෙ සහෝදරී.. මගෙ අම්මට පස්සේ වටිනම කෙනා.. වෙලාවකට මගෙ හොදම යාලුවා... වෙලාවකට මගෙ දෙවනි අම්මා.. වෙලාවකට මගෙ සහෝදරී... හය වසරට නාගෙට ආවට පස්සේ මට හම්බුන පළවෙනිම යාලුවා.... එයත් මන් වගේ ඉන්ග්ලිශ් මීඩියම් වලට නාගෙට අලුතෙන් ආවේ... අලුතින්ම ඇවිත් පරණ අපේ වයසෙම සිංහල මීඩියම් කොල්ලෙක්ට ටෝකක් දාලා ඒකා ගහන්න පන්නද්දි "අනේ අක්කේ අන්න අර කොල්ලා මට කරදර කරනවා" කියලා කෑ ගහන් මගෙ ඇග පිටිපස්සේ හැංගුනා... මගෙ බාහිර පෙනුම නිසා ඌ ගොනා වගේ අරකිගෙ පචේ විශ්වාස කරලා "අනේ නැ අක්කේ මන් මේ ටොයිලට් යන්නයි දිව්වේ" කියලා ආපස්සට දිව්වා..

ඒ තමයි අපේ යාලුකමේ ආරම්භය... හැබැයි අපි දෙන්නා , දෙන්නට දෙන්නා ගොඩක් පරස්පරයි.. එයා කටකාර වෙද්දි මන් නිහඩ කෙනෙක් උනා... එයා හදවතින් තීරණ ගද්දි මන් මොළෙන් තීරණ ගත්තා... එයා තද පාටවල් වලට කැමති වෙද්දි මන් ලා පාටවල් වලට කැමති වුනා... එයාට සැර කෑම කන්න බැරි වෙද්දි මට ඕනිම කෑම සැරට... හැබැයි අපි දෙන්නටම තිබ්බේ එකම කුපාඩි තකතීරු ඔලමොට්ටල මොළ දෙකක්.. එයාගේ ඒ ගතිය පේන්නම තියෙද්දි මගෙ ඒ ගතිය හැංගිලා තිබ්බේ... එයා කෑ ගහලා අඩලා ජයගන්න උත්සාහා කරද්දි මන් හේතු නොවිමසා නිහඩව අත්හරිනවා..

නොගැලපීම් දහසක් මැද්දේ හදවත් බැදීම විතරක් ගැලපෙන දේකට තියන් අවුරුදු ගානක්ම නොවෙනස්වෙන බැදීමක් අපි දෙන්නටම ලැබුණා... මන් ඩාන්සින් ඩ්‍රාමා වලට ඇඩික්ට් වෙද්දි එයා චිත්‍ර අදින්නයි චෙස් වලටයි ඇඩික්ට් උනා... මන් ස්පෝට්ස් කලාට එයා ආසම නැති වුනා.. ඒත් එයා මන් වෙනුවෙන් මන් ගියපු හැම තරගෙකදිම මට චියර් කරන්න ආවා... නෙට්බෝල් වොලිබෝල් වලදි අඩු කඩාගනිද්දි අඩු කඩන් හරි මැච් එක ගහන බව දන්න නිසාම "දිනලම වරෙම් මයෙ අම්මා" කියලා කියනවා... හැබැයි මට රිදෙන තැනදි මටත් වඩා ඇඩුවේ එයා....

❝ මන්දෝදරී ❞Where stories live. Discover now