ඉන්ටර්වල් එකේදි සංග්‍රහ කරනකොට ඒවා මේ මෝඩයා ගත්තෙ නැ... ප්‍රිත්වි අතේ කියලා එවනවා එක එක උන්ගෙන් ගන්නේ නෑ, මන් දුන්නොත් කනවා කියලා.. අනේ අම්මපා.. වෙලාවකට පොඩි එකෙක් වගේ... මොන පිස්සුවක්ද ඩෝ මේක.... එහෙන් පැහැසියා අපි දෙන්නව බන්දලා ලමයින්ට නමුත් දාලා උන්ට කන්න ගේන ත්‍රිපෝෂ එකට විදින විදිහත් ප්ලෑන් කරනවා... එයා දන්නවා එදා බයික් ශෝ එකෙ සීන් එක... වගේම මන් තුහාන්ට පිස්සුවෙන් වගේ ආදරේ කරනවා කියලත්... ඒ වගේම දැන් මේ මෝඩයා කරන දේවලුත්....
අද දවස මට කවදාවත්ම අමතක වෙන්නෙ නෑ.... අර බූරුවා මේරියන්ස් එකේ කොල්ලෙක්ට ගහලා... ඒකත් ඒ කොල්ලා මගෙන් අද කැමතීද කියලා අහනවා කියලා එයාට ඇහුන නිසා... පිස්සෙක්... සිරාවටම මන් කියන්නේ.... දන්නවද.. මන් තව දෙයක් හොයාගත්තා... එදා මට රට යද්දි චිට් එකක් එක්ක පැන්ඩෙක් දීලා තියෙන්නේ වෙන කවුරුත් නෙමේ එයාම තමයි.. ඒ අද එයා මට චිට් එකක් එවලා තිබ්බා 4 වසරෙ පොඩි කොල්ලෙක් අතේ.... ඒ අත් අකුරු සමානයි.. ඉතිම් මන් ඇහුවා ඔයාද ඒ කියලා... අන්තිමේදි හොයාගත්තා නේද අහනවා....
දන්නවද , විදවන්න කප්පරක් හේතු තිබ්බත් විදින්න ලැබෙන මේ පුංචි හේතු ඒ තුවාල උනු හදවත් තත්පරේකට හරි සනසවනවා... ඉතිම් මොහොතකට හරි මාව සනසවනාවට උබට මහ ගොඩක් පිං තුහාන්.....
* * *
එදා ආර්ට් ඩේ එකට යන්න ගහපු ගේම.. කියලා වැඩක් නැ.. මගෙ අම්මගේ නංගිගෙ දුවගේ පර්ෆෝමන්ස් එකක් තියේ අනේ ඒ නිසා මටත් යන්න ඕනි කියලා ආර්ට් එකේ ටීචර්ගේ ඔලුව කෑවේ නැති ටික විතරයි.. මන්දා මන් මෙහෙම මීට කලින් හැසිරිලාම නැහැ... මේ දැනෙන හැගීමට මන් ආසයි.. දන්නවද මට සැනසීම තිබුන එකම තැන නුවර.. මේ වෙනකම් ඒ තැනට කිසිම දේකට සමවෙන්න බැරි උනා.. ඒත් එයා හරි ලස්සනට ඒ සැනසිම මට දැනෙන්න දුන්නා.. මාව ගේට් එක ගාවදි දකිද්දි නොසන්සුන් උන විදිහ... බයවෙලා කෑ ගහපු විදිහ... ඩාන්සින් රූම් එකට දිව්ව විදිහ.. පිස්සු කෙල්ලෙක්....
මගෙ නංගිත් ඩාන්සින් කරන නිසා එහෙන් මෙහෙන් ඒ ගැන දන්නවා උනාට එයා නටනකොට ඇස් වලට දැනෙන ඒ හැගීම... එයා නටනවා දකිද්දි ඒ මම ආදරේ කරන කෙනා කියලා හිත පුරෝලා දැනෙන හැගීම මෙහෙමයි කියලා මට විස්තර කරන්න තේරෙන්නෙ නැ.. ඒ තරම්ම ඒ හැගීම බරයි... මේ තරම් බරක් මගෙ හිතට දැනිලා නැ... එයා හරි ගැඹුරුයි... ඒ තෙරක් නොපෙනෙන ආඝාදේ ඇතුලේ හුස්ම හිරවෙන තරමටම මට කිමිදෙන්න හිතෙන්නේ ඇයිද දන්නේ නෑ...
YOU ARE READING
❝ මන්දෝදරී ❞
Non-Fiction𝗖𝗢𝗠𝗣𝗟𝗘𝗧𝗘𝗗 ✅ " ඔහු කිසිවෙකු ඉදිරියේ දණ නොනැමූ මහ ගජිදෙකු විය. ඇය මදකිපුන ගජිදුන් රාගයේ අග්නි ජාලා ඉස ප්‍රේමයේ හිම දියෙන් දමනය කළ මදාරා කුසුම විය. " තවත් එක් රාවණෙක්ගේ ප්‍රේම වෘතාන්තයක්..... ♔ " ඇය , ඇගේම ලේ නිසා බාදුරාවක් වූ මදාරා ම...