එයා ඒවිද අද... පිස්සු වගේ... එදා අනිවා එන්න කීවහම කෙල්ල ශොක් වෙලා වගේ බලන් ඉදියාට මොකද.. මට හිතුනා අනිවාර්‍යෙන්ම ඒවි කියලා... නාවොත්???? නෑ.. ඒම වෙන්නෙ නෑ..... එයා.. ඒවි... අහ්හ්හ්හ්.... මොකද කරන්නේ.... එයාට කෝල් එකක් අරන් බලනවද... මීට කලින් අරන් නැති නිසා ආන්සර් කරයිද... මගෙ නම්බරේ නැතුවැතිනේ... ආන්සර් කරයිද.... ඕනි එකක් බලමුකෝ අරන්...
calling...........📞
ගන්නේ නෑනේ අනේ..... එයා වැඩකද... දන්නෙ නැති නම්බරයක් නිසාද අන්සර් කරන්නේ නැත්තේ..... දැන් කට් වෙයි.. ආයෙ ගන්න වෙයිද.... ඔහ් ආන්සර් කලා..
" හ්.. හෙ... "
( හැමදේම කාලා කාලා තොපි විනාස කලා...)
" හෙලෝ... "
මොකක්ද ඒ සද්දෙ... එයාගෙ කටහඩ අමුතු ඇයි.....
" හෙලෝ.. මන්දෝදරී.. මේ මම තුහාන් "
" ....... "
හික්ස්.. ඒ ඇස් ගැස්සෙන ඇති.. පිස්සු කෙල්ල....." මනූ... මේ මගෙ නම්බරේ. සේව් කරගන්න... "
( මොනාද මේ අවුරුදු ගානට කලේ තෝ..... විනාස කලා මගෙ ජීවිතෙත් එක්ක... කාලකණ්ණි හැත්ත )
මොනාද ඒ සද්ද.. ටීවී එකක් දාලාද.. ඒත් ඒම යන්න තරම්.. මොනා හරි පොලේ ගහනවාත් ඇහුනා...
" ම්න්. ඔයා ඇයි කෝල් ගත්තේ.. හදිස්සියක්ද? "
" අහ් මෙහ්.. මන්.. අහන්න හැදුවේ.. ඔයා අද බිග් මැච් බලන්න එනවද කියලයි.. "
" ම්න්.. එන්නම් "
" ඇත්තමද.. එනවද "
( සලාංංංංංංංංංංංංංංංංං .. අහ්හ්හ්හ් )
බීප්...බීප්...බීප්...
call ended 📞
එයා කට් කලාද.... මොකක්ද ඒ උනේ... ඒ මොකක් හරි බිදෙන සද්දයක්නේ ඇහුනේ... ඇයි මට මහ මූසල ගතියක් දැනෙන්නෙ.. එයා එනවා කීවනේ.. ආවහම අහලා බලමු....
උදේ 10යි වෙලාව.. පැය දෙකක් ගිහින්... එයා එන්නේ නැද්ද.... හරි ඉතින් කෙල්ලෙක්ට එහෙම ගෙදරින් එන්න බෑනේ... ඇයි මට මහ අමුත්තක් දැනෙන්නේ.... මොකක්ද ඇත්තට ඒ ඇහුන සද්ද.... මට හිතාගන්න බැහැ.. මට ඒක දැනගන්න ඕනි ඒත් කොහොමද... පිට උන්ගෙන් අහන්න මට පුලුවන් ඒත් ඇත්තම කතාව දන්නේ එයාම විතරක් නිසා කවදාහරිම එයා කියාවිනේ.. එතකම් බලන් ඉන්නවා....
YOU ARE READING
❝ මන්දෝදරී ❞
Non-Fiction𝗖𝗢𝗠𝗣𝗟𝗘𝗧𝗘𝗗 ✅ " ඔහු කිසිවෙකු ඉදිරියේ දණ නොනැමූ මහ ගජිදෙකු විය. ඇය මදකිපුන ගජිදුන් රාගයේ අග්නි ජාලා ඉස ප්‍රේමයේ හිම දියෙන් දමනය කළ මදාරා කුසුම විය. " තවත් එක් රාවණෙක්ගේ ප්‍රේම වෘතාන්තයක්..... ♔ " ඇය , ඇගේම ලේ නිසා බාදුරාවක් වූ මදාරා ම...