Ep 09

42 10 10
                                    

     ඉරිදා..... ඉරිදා නිවාඩු දවසක්.... සතියක අවසානයක් වගේම අලුත් සතියක ආරම්භයකට සූදානම් වීමක්.... හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්..... මන් හෙලපු හුස්ම මටම බර වැඩී වගේ දැනුනා....

සමහර අය තමන් ආදරේ කරන කෙනා එක්ක ඇවිදින්න යන දවසක්... නැත්තම් පවුලේ අය එක්ක සතුටු මතක එකතු කරගන්න හදන දවසක්... එක්කෝ සතියම වැඩ කරලා ලැබුන නිවාඩුව ඉවරයි ආයේ හෙට ඉදන් වැඩ කරන්න වෙනවනේ කියලා දුක් වෙවී ඉන්න දවසක්.... කොහොම නිර්වචනය කලත් ඒක සතුටට වගේම දුකට බෙදෙනවා....

අධිකව සතුටු වුන වෙලාවකදි වගේම අධික දුක හිතුන වෙලාවකදියි තීරණ ගන්න එපා කියලා ඔයා අහලා තියෙනවද... සාමාන්‍යෙන් මන් දෙයක් කරන්න කියන්න කලින් අද , හෙට එහෙම නැත්තම් කවදාහරිම පසුතැවීමක් ඇති වෙයිද නැද්ද කියලා හිතනවා... එහෙම බලලයි මන් ඒ දේ කරන්නේ.. එහෙම නැත්තම් කියන්නේ.. කොටින්ම මන් දෙයක් ගැන අද හෙට විතරක් නෙමේ අවුරුදු ගානකට ඉස්සරහ බලලයි තීරණේ කරන්නේ.. මන් හිතන්නේ මන් එහෙම වෙන්න පුරුදු වුනේ අප්පච්චි නිසා කියලයි... හැමවෙලාවෙම මන් plan B එකක් තියාගත්තා... ඕනම දේකදි ඒකෙන් වෙන්න පුලුවන් හොද වගේම නරකත් තදින්ම හිතන්න පුරුදු වුනා..

හරියට දාම් ක්‍රීඩාවෙදි වගේ.....

ඒත් එකම එක දවසකදි , මට ආයෙම හදාගන්න බැරි ජීවිත කාලෙටම විදවන්න වෙන දෙයක් මගෙ අතින් වුනා.... මන් එදා උදේ දැනම් ඉදියා නම් එයා මන් ගාව ඉන්න අන්තිම දවස එදා කියන්න... එයාට කතා කරන අන්තිම වචන ඒ වචනයි කියන්න... එයාගේ හිනාවෙන ඇස් දකින්න වෙන අන්තිම මොහොත එවෙලේ කියන්න... අනේ මන් උබට හරි ආදරෙයි කියලා ආයේ කවදාවත්ම එයාට ඇහෙන්න කියන්න වෙන්නේ නෑ , ආයෙම එයා එක්ක ජීවිතේ බෙදාගන්න තව දුරටත් හුස්ම ගන්නේ නෑ කියලා දන්නවා නම්..... සත්තයි එදා උදේ මන් එහෙම ඔයාට කෑ ගහන්නේ නෑ...මොන තරම් ඩ්‍රාමා ක්ලාස් එකේ උගන්නන්න යන්න පරක්කු වුනත් , වෙනදා වගේ මන් ක්ලාස් යනෝ මන් එනකම් නංගියි මල්ලියි එක්ක පලිස්සමින් ඉන්න සුදු නෝනා කියලා කියනවා සුදු මැණිකේ....

අනේ මන් උබට කෑ ගැහුවේ තරහකින් නෙමෙයි රත්තරනේ.. මන් දන්නවා උබත් ඒක දන්නවා කියන්න... බල්ලෙක් උනත් උබ මාව අම්මා අප්පච්චිව තේරුම් ගත්ත විදිහ , අපි එක්ක ජීවත් වුන විදිහ මන් වගේම මගෙ අම්මගෙ බඩින් වදාපු අප්පච්චිගෙම ලේ තියෙන මනුස්සයෙක් වගේ බන්... අනේ ඒ වෙලාවෙදි උබේ ඇස් වල තිබුණු අසරණකම..... බයෙන් බයෙන් ගෙට ආපු විදිහ.. ආව ගමන් මන් කෑ ගහද්දි බයෙන් අනෙක් පැත්ත බලාගත්තු විදිහ.. අනේ මට වාවන්නේ නෑ බන්... අනේ මට මෙහෙම උබ නැතුව ඉන්න බෑ සුදු නෝනා.. මල්ලි තාමත් ඔහේ බලන් ඉන්නවා සුදු නෝනා..උබව වලලපු වල ගාවට ගිහින් හාරනවා බන්.... අනේ මට කියලා දීපන් බන් අවුරුදු හතක් පුරාවට මන් ගාව ඉදලා මතක දීලා යන්න ගියාම දැන් උබ ලග නැතුව මන් ඉන්න ඕනි විදිහ.... මට තාමත් උබ එක්ක ඉදපු මාව හොයනවා බන්....

❝ මන්දෝදරී ❞Where stories live. Discover now