Ep 03

44 8 11
                                    

යොහ්හ්හ්!!!!! මොන ලබ්බක්ද මන් ඒ කීවේ .... බලාජි..... ඒකට ගිහින් තෝසේ කන්නද යකෝව්..... මන් මොන සිහියෙන්ද ඉන්නේ.. කන හරහා පාරක් කන්න තමයි වෙන්නේ මට..

" ම්න් "

" අහ් "

" හා "

" හ්..හා කීවේ ? "

" දැන් බලාජි යන් කීවේ.. ඒකට හා කිවේ.. "

                  කනේ පාරක් බලාපොරොත්තු උනත් එයා හා කිවා.... ආහ්හ්හ්හ්... මේ වෙලාවට තමයි  මහ පාර මැද්දට ගිහින් නටන්න හිතෙන්නේ......

" මගෙ අත "

" අහ්.. ස්..සොරි.. "

" ම්ම් "

             එයා එයාගෙ අත කියලා කියනකම් මට සිහි නැ මන් එයාගෙ අත අල්ලන් ඉදලා කියලා... ඒ මූණ මහන්සි පාටයි.... ඇස් බොද වෙලා.... එයා ඉස්සරහින් යද්දි එයාගෙ පිටිපස්සෙන් මන් ඇදුනා.... තට්ටු නැගලා බලාජි එක ඇතුලට ගිහින් එයා පිටිපස්ස හැරිලා මන් දිහා බැලුවා.... ඒ වෙනකන්ම අපි අතරෙ කිසිම කතාබහක් උනේ නැහැ.. හැබැයි ඒ නිහඩබවේ තිබිනේ හිත සැනසෙන නිදහසක්...

" ....?  "

" කොතනද ඉදගන්නේ.. "

" අහ්.. ම්... මෙ... දකුනු පැත්තේ පිටිපස්සෙම පුටු දෙකේ.. "

" එතන ඉන්න බැ.. පාරට පේනවා.. "

" අහ්..ස්..සොරි.. ඒනම් ඊට ඉස්සරහ තියෙන හතර දෙනෙක් ඉන්න එකට යන්. "

" ම්ම්.. "

             මන්දෝදරී මන් ගාව ඉන්නේ කියලා අරුන් දෙන්නව එක්කම් යන්න කියලා ශාලුකට මැසේජ් එකක් දැම්මා.... එයා ශටර් එක පැත්තේ ඉදගද්දි මන් එයාගෙ ඉස්සරහ පුටුවෙන් ඉදගත්තා.... මගෙ ඇගේ සමනල්ලු පියාඹනවා වගේ... එයා ගැන ආදරයක් හිතේ ඇති උනාම මේ වෙනකන්ම එයා එක්ක එකට ඉන්න විදිහ හීන මැවුවට මෙච්චර ඉක්මනට මට එයා ගාව ඉන්න ලැබේවි කියලා මන් හිතුවේ නෑ..

" මොනාද කන්න ඕනි "

" ම්ම්.. ඔයාට මොනාද.. "

" තෝසේ හොදද "

" මට තනියම එකක් කන්න බැ.. "

" ඇහ්...."

" එ..ඒක හෙන ලොකුයි.... මූණ වටේ තුන් හතර පාරක්ම ඔතන්න පුලුවන්... ඒ නිසා අපි දෙන්නම එකක් කමුද.. "

❝ මන්දෝදරී ❞Where stories live. Discover now