කෝටිගානක් මිනිස්සු ඉන්න ලෝකෙ ඔයාට සතුටු වෙන්න පුලුවන් හේතුවක් තමයි ,
ඔයා වෙනුවෙන් කෙනෙක් ඉන්නවා කියන එක...
ජීවිතේ කිසිම දවසක අතරමං නොකර ඔයාගෙ අත අල්ලන් ඉස්සරහට යන්න ඔයාගෙම කියලා කෙනෙක් ඉන්නවා කියන එක....
දුක හිතුණ,හිත රිදුණ වෙලාවට සැනසෙන්න ඔයාට විතරක්ම අයිති මනුස්සයෙක්ගෙ උණුහුමක් තියෙනවා කියන එක...
මම හොදින් කියලා කීවත් 'ඔයා හොදින් නෙවෙයි ළමයෝ' කියලා ඔයාව සනසන්න පුලුවන් මනුස්සයෙක් ඉන්නවා කියන එක...
සමහරවෙලාවට වචනෙන් නොකියන දේත් ඔයාගේ දිහා බලන් ඉදලා තේරුම්ගන්න පුලුවන් කෙනෙක් ජීවිතේ ඉන්නවා කියන එක.....
කවුරු ඔයාව තනිකරත් එයා ඔයා වෙනුවෙන් හැමදාමත් ඉදී කියලා විස්වාස කරන්න පුලුවන් මනුස්සයෙක් ඉන්නවා කියන එක...
කොටින්ම කිව්වොත් කවුරුහරි කෙනෙක් ඔයාගෙන් "කෝ අරයා" කියලා අහනකොට ලස්සන හිනාවක් එක්ක මතක් වෙන ආදරණීය මනුස්සයෙක් ඔයාගේ ජීවිතේ ඉන්නවා කියන එක...
දවසක ඔයාට මුණගැහෙයි ඔයාගෙ ටයිප් එකේ මනුස්සයෙක්ව , ඒ කියන්නෙ බාහිරින් වගේම ගතිගුණ අතිනුත් ඔය දෙන්නා අතර සෑහෙන ලොකු ගැළපීමක් තියේවි කියලා දැනෙන... ඔයාට කතා කරන්න ඕනි වෙලාවට එයා උවමනාවෙන් ඔයාව අහන් ඉන්න... ඒ වගේම එයා කතා කරන වෙලාවටත් ඔයා එයාව උවමනාවෙන් අහන් ඉන්න...
ගොඩක් වෙලාවට ඔයාලගෙ අදහස්වල, ආකල්පවල ලොකු සමානකමක් තියෙන්න පුලුවන්... ඇත්තටම එහෙම වුණාම ජීවත්වෙන්න, බැදීමක් පරිස්සම් කරගන්න හරි ලේසියි... මොකද එතකොට අනිත් කෙනාගෙ සතුට වෙනුවෙන් තමන් ආස දේවල් කැපකරන්න ඕනිකමක් නෑ
දන්නවද ,
එයා ආසම සින්දුව ඔයාගෙත් ආසම සින්දුව වෙනකොට,
එයාගෙ ආසම පාටට ඔයාගෙ හිතෙත් කැමැත්තක් තියෙනකොට,
ඔයා ආසම රෙසිපි එක එයාගෙ ෆේවරිට්ම රෙසිපිය වෙනකොට,
ඔයා ජීවිතේ හොයන නිදහස එයා ළඟ ඕනිවටත් වඩා තියෙනකොට ඔයා තව තවත් එයාට ඉබේටම හදවතින් බැදෙන්න පටන්ගන්නවා..ගළපගෙන ඉස්සරහට යන එක හොදයි.ඒ වුනාට කලාතුරකින් මනුස්සයෙක්ට ජීවිතේ හැමදේම ගැළපිලාම ලැබෙනවා.. හරියට මගෙ තුහාන් වගේ...
YOU ARE READING
❝ මන්දෝදරී ❞
Non-Fiction𝗖𝗢𝗠𝗣𝗟𝗘𝗧𝗘𝗗 ✅ " ඔහු කිසිවෙකු ඉදිරියේ දණ නොනැමූ මහ ගජිදෙකු විය. ඇය මදකිපුන ගජිදුන් රාගයේ අග්නි ජාලා ඉස ප්‍රේමයේ හිම දියෙන් දමනය කළ මදාරා කුසුම විය. " තවත් එක් රාවණෙක්ගේ ප්‍රේම වෘතාන්තයක්..... ♔ " ඇය , ඇගේම ලේ නිසා බාදුරාවක් වූ මදාරා ම...